Thursday, January 3, 2013

යූ ඇන්පිය හෙලුවෙන්ම කඩේ යයි.


එක්සත් ජාතික පක්ෂයේ  තිස්ස අත්තනායකලා, ජෝන් අමරතුංගලා, ලක්ෂ්මන් කිරිඇල්ලලා පමණක් නොව සජිත් ප්‍රේමදාසලාත් පසු ගිය කාලය පුරාවට නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, ඒකාධිපති වියරුවට එරෙහි වීම ,ජනතා පරමාධිපත්‍ය,උණ්ඩුක පුච්චය, අන්නශ්‍රෝතය, මල බද්ධය යනුවෙන් කෑ ගසමින් රාජපක්ෂ රෙජිමයේ වියරුවෙන් රට ගලවා ගෙන අධිකරණය ස්වාධීන කර , මහජන මතය ඔසවා තබා ,රට යහමගට ගත හැක්කේ එජාපයට පමණක් බවට පාරම් බාමිනි.

රෙජිමයේ හෙංචයියන් ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය ගෙනා දා සිට විජේදාස රාජපක්ෂත් පෙරමුණේ තබාගෙන මොවුන් හැසිරුනේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවාතාවුන් නම් තමන් පමණක් බව පෙන්වමිනි.

නමුත් මෙය කතාවට පමණ්ක් සීමා වූ අමු බොරුවක් බව හෙලි වූයේ දෝෂාභියෝගයේ තීරණාත්මක අවස්ථාවක් වූ අභියාචනාධිකරණය විසින් තේරීම් කමි‍ටු සාමාජිකයන්ට නොතීසී නිකුත් කල විටය.

රනිල් හා යූ ඇන්පිය තමන්ගේ  නියම හෙලුව එලියට දමමින් , පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන බයිලය වමාරා කමින් උසාවි නියෝගය පිලි නොගැනීමට තීන්දු කලේ මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය දැඩි අසීරු තත්වයකට පත් කිරීමට තිබූ අනගිම අවස්ථාවක් අත හැර දමමිනි.

කොහේවත් නැති පාර්ලිමේන්තු උත්තරීතර භාවයක් ගැන රනිල්ලා මෙසේ නන් දොඩවමින් ආණ්ඩුවේ ස්ථාවරය ආරක්ෂා කරන පිලිවෙතකට යන්නේ නීතිය බලු මයිලක් තරම්වත් මායිම් නොකරමිනි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් බව පෙන්වීමට උත්සාහ කරන එජාපයේ හෙලුව මෙසේ හෙලි වීම මේ දෝෂාභියෝගයෙන් සිදු වූ හොඳම දෙය බව නම් නොකියා බැරිය. ජවිපෙ හා ද්‍රවිඩ ජාතික සංවිධානය උසාවිය හමුවේ පෙනී සිටීමට ගත් තීරණය නිසා එජාපයේ හෙලුව වඩා හොඳින් හෙලිදරව් විය.

කෙසේවෙතත් යූඇන්පියේ මේ ක්‍රියාව ආණ්ඩුවේ නම් මහත් සේ ප්‍රීතියට හේතුවට කරුණක් වී ඇති බව පෙනේ. වීරවංශ ඇමති වරයාගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය මේ පුවත වාර්තා කලේ රනිල් මහත්මයෙකු වෙයි යනුවෙනි. ඩලස් ඇමත්වරයාද එජාපයේ මේ ක්‍රියාව මහත් සේ පසසා තිබුනි.

සටහන-  නිමල් සිරිපාල ඇතුලු ආණ්ඩුවේ සාමාජිකයනුත් , එජාපයේ සාමාජිකයනුත් අභියාචනාධිකරණ නොතීසී අනුව උසාවි නොයා සිටීමට ඉදිරිපත් කරන එක් තර්කයක් නම් තේරීම් කමි‍ටුවේ කාර් භාරය දැන් අවසන් නිසාත් , තේරීම් කමි‍ටුව දැන් නොපවතින නිසාත්ලු. මේක නම් මාරම මාර නීති තර්කයකි. ඒ අනුව පොලිස් නිලධාරියෙකුට යම් පුද්ගලයෙක්  තමන්ගේ පොලිස් ස්ථානයට ගෙනවුත් ඔහුට පහර දී මරා දමා නීතියෙන් බේරී යා ගත හැක. කල යුතු වන්නේ පොලිස් සේවයෙන් ඉවත් වීම පමණි. ඕනෑම රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයකුට තම ආයතනයෙන් හොරකම් කර සේවයෙන් ඉවත් වූ පසු නඩු පැවරිය නොහැක. මක් නිසාද යත් ඔහු තව දුරටත් එම ස්ථානයේ සේවකයෙක් නොවන බැවිනි.


17 comments:

  1. රනිල්ගේ මොලේට හුලං බහින අමාරුවක් හැදිල තියන බව තමයි මේ කරපු ගොං වැඩෙන් පෙන්න තියෙන්නේ . පාර්ලිමේන්තුව ඔය කියන තරම් උත්තරීතරයි නම් මුල ඉඳන් ආණ්ඩුවට බොරුවට් බාල්දි පෙරලන්නේ නැතුව කටයි *කයි වහන් ඉන්න තිබ්බා , මොකද ආණ්ඩුව උත්තරීතර පාර්ලිමෙන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරපු නිසා .

    ප.ලි- රනිල්ට මඤ්ඤං වුනාට , එජාපයේ අනික් සෙට් එක ගියාය කියලයි ඊ නිවුසිය නම් කියන්නේ . උන් ටිකට හරි කොමන් සෙන්ස් තියන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. අනිත් උන් ගියාට වැඩක් නැහැනේ මචං පක්ෂයේ මතය විදිහට අර ගොන් කතාව කියලා.එක්සත් ජාතික පක්ෂයට පිට කොන්දක් නැහැ.ඒ නිසාම බලය ලැබෙන්නෙත් නැහැ.

      Delete
    2. ඒක ඇත්ත , අර මොකක්ද එක වැටෙන කන් වගේ බලාන ඉන්නවා . හැබැයි අතට එන චාන්ස් එකෙන් ප්‍රයෝජනය ගන්න දන්නේ නෑ

      Delete
  2. ආන්ඩුව විසින් ඇතිකරගන්නා ලද ප්‍රශ්ණ වලට අනවශ්‍ය ලෙස හොම්බ දාන්න යන්න ඕනි නැහැ..අනික ඔහොම වුනා කියලා හෙට මේ ක්‍රමය වෙනස් වෙන්නෙත් නැහැ..
    පොඩි ස්වයං වින්දනයක් වෙනුවෙන් දේශපාලන ජීවිතය බාල්දු කරගන්න රනිල් මහත්තයා අකමැති වුන එක සාධාරනයි මට අනුව..

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ පක්ෂේ කෘතියාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් වගේ.රනිල් මහත්තයාගේ අසුචිත් ඒ අයට සුවඳයි නේ.

      Delete
    2. අමිල - ආණ්ඩුව අහක යන ගොම බාල්දියක් ඇඟේ හලාගන්නව පේන කොට හුරේ දාන්නත් බැරි නම් මොකටද මචෝ විපක්ෂයක් . ආණ්ඩුවේ "උත්තරීතර " පොයින්ට් එකට කඩේ නොයා කිරිඇල්ලවයි , අමරතුංගවයි උසාවියට යැව්ව නම් මොකෝ වෙන්නේ . අඩුම තරමේ මාධ්‍ය ප්‍රකාශ නොදී සද්ද නැතුව හිටපල්ලකො යන්න බැරි තරම් අමාරුවක් තියේ නම් , අඩුම තරමේ එහෙම නම් "පතෝල" වත් කිව්ව හැකි , දැන් අමු චාටර්නේ .

      Delete
  3. ඕකුන් කියන ඒවා ගෙඩිය පිටින් ගිලින උනුත් ඉන්නවනේ. අපිටනම් පුකෙන් හිනා ඔය කතාවලට. රනිල්ලා නම් මුල පටන් හිටියේ ඔය ස්ථාවරයේම තමයි. දෙන්නෙක් තුන් දෙනෙක් ඥං පඥං ගෑවට... මට දුක අර නීතීවේදියෝ දෙන්නා ගැන. මෛත්‍රි ගුණරතන හා ශිරාල් ලක්තිලක.. උන් දෙන්නා අන්තරස්දාන කොල්ලාවත්ද ඈ

    ReplyDelete
  4. සිරාවටම මචන් පුදුම විදිහට කලකිරෙනවා මේ වෙන
    දේවල් වලට..රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන්න
    තරම් තමන්ගේ හෙන්චයියන්ව උසි ගන්වන තුට්ටු දෙකේ
    ආණ්ඩු .. ඇත්තටම ලැජ්ජයි... පාපතර දේශපාලනය ...

    ReplyDelete
  5. රනිල් ලොක්කට විපක්ෂ නායක කියන්නේ ඇයි?මට දැනෙන්නේ එයා ආණ්ඩුවේම බලගතු නියෝජිතයෙක් කියලයි.

    ReplyDelete
    Replies
    1. රනිල් ඉන්නේ හීන ලෝකෙක. එයා හිතන්න ඇති එයා බලයට ආවමත් මේ විදියට අධිකරනෙන් ප්‍රශ්න එයි, ඒ නිසා අධිකරනෙට විරුද්දව ඉන්න ඕනෑ කියලා.
      ප්‍රශ්නේ තියෙන්නේ රනිල් කවදාවත් බලයට එන්නේ නැති එක.

      Delete
  6. මෙසිද්දිය ගැන පොඩ්ඩක් වෙනස් කියවීමක් නලින්ද සිල්වා කරලා තිබුන (මිනිහට එකග නොවුනත්). රනිල්ගේ හැසිරීමට පොඩි ඉගියක් එතනින් ගන්න පුළුවන්. සාරාංශය මෙන්න මෙහෙමයි
    "දෝෂාභියෝගය නිසා අර කළු ලෝගුවට තිබුණු බය නැතිවීම. එය හොඳ තත්ත්වයක්."
    "මෙතැන තිබෙන්නේ පොදු ජනතාව සහ බමුණු කුලය අතර ප‍්‍රශ්නයක්"
    "ජනාධිපතිවරයා කිසියම් කාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අගවිනිසුරුවරියට කැඳවීමක් කළා.
    මේ අවස්ථාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් එම කැඳවීම ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. එම කැඳවීම ලිඛිතව ලබා දුන් පසු අගවිනිසුරුවරිය එය ප‍්‍රතික්‍ෂෙප කළා. එතුමිය මෙලෙස ප‍්‍රකාශ කරනු ලැබුවේ පොදු ජනතාව විසින් පත්කළ මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ කැඳවීමයි."
    http://www.srilankamirror.com/sinhala/news/4764-fear-of-black-cloak-removed

    ReplyDelete
  7. "දෝෂාභියෝගය නිසා අර කළු ලෝගුවට තිබුණු බය නැතිවීම. එය හොඳ තත්ත්වයක්."
    - ඒක හොඳද?

    "මෙතැන තිබෙන්නේ පොදු ජනතාව සහ බමුණු කුලය අතර ප‍්‍රශ්නයක්"

    -කවුද බමුනු කුලය, කවුද පොදු ජනයා

    "ජනාධිපතිවරයා කිසියම් කාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අගවිනිසුරුවරියට කැඳවීමක් කළා-

    පවු මල්ලි

    ReplyDelete
    Replies
    1. @කලාමැදිරියා
      මු.ලි.( මුලින්ම ලියමි!)- නලින්ද සිල්වාගේ අදහස් වලට මොනම සමපාත විමක්වත් නැත.

      "දෝෂාභියෝගය නිසා අර කළු ලෝගුවට තිබුණු බය නැතිවීම. එය හොඳ තත්ත්වයක්."
      - ඒක හොඳද?
      ලංකාවේ කලුලොගු මගින් අධිකරණ පද්දතිය මත අදෘශ්‍යමාන අසාදාරන අධිකාරී බලය නිසා සාමාන්‍ය ජනතාව පිඩාවට හා අගතියට පත්වෙය යන අදහසින් කලුලොගු අභියෝගයට ලක්වියයුතු නිසා "කළු ලෝගුවට තිබුණු බය" නැතිවීම කලුලොගු වලට වන්දනා මනා කරනවාට වඩා යෙහෙකි.

      -කවුද බමුනු කුලය, කවුද පොදු ජනයා
      මහින්ද රාජපක්ෂ ඉවත්කර x නමැති මහජන නියෝජිතයා ආදේශ කරන්න (උදා - නගර සබාවේ කුණු ටැක්ටරය එලවපු ත්‍රිකුණාමල ජවිපෙ නියෝජිතයා), දැන් තත්වය කෙබදුද? දැන් කවුද කවුද බමුනු කුලය, කවුද පොදු ජනයා.

      "ජනාධිපතිවරයා කිසියම් කාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අගවිනිසුරුවරියට කැඳවීමක් කළා- පවු මල්ලි

      මෙතන තියෙන්නේ බල එකදිකරින් දෙකක් අතර ගැටුමක් නොවෙයිද, ඔවුන්ගේ ගව්රවය පිළිබද හා මාන්නය පිළිබද ගැටලුවක් නොවෙයිද? ඇයි අපි මේක මැද්දට පැනිය යුතු? ලංකාවේ දේශපාලය හා සමාජ චලනයන් ගැන මොනම සන්වෙදිබක්වත් නැති නීති වුර්තිකයින් දැන් කුලප්පු වන්නේ මන්ද??

      Delete
  8. රනිල් මේ වෙලාවේ ආණ්ඩුව පෙරලලා ඡන්දයකට යන්න බය ඇති.

    ReplyDelete
    Replies
    1. රනිල් ආණ්ඩු පෙරලන්නේ සමාන්තර විශ්වයක කොහේ හරි තමයි

      Delete
  9. මගේ කට වැසී ඇත.................ඒත් විවෘත කර කියමි.. මුන් ඔක්කොම කරන්නේ බොරුය.. එකෙක් වත් විස්සාස කොළ නොහැක..

    ReplyDelete