Saturday, January 5, 2013

දුක හිතෙන කථාවක්



එය පුවත  අසා මගේ මුලු ගතම හිරි වැටී ගියේයේ අත පය අප්‍රාණික විය.  හද සොවින් බර විය. දෑස කඳුලින් පිරුණි.

මම හැඬීමි. ඉකි ගසමින් හැඬීමි. ඊරියක සේ වැලපීමි.

 මගේ හද තවමත් දැවෙන සෙයක් දැනේ.අහෝ!

 එය කොතරම් නම් නපුරු පුවතක්ද? අහෝ!

වනේ වන සතුරකුටවත් මෙවන් විපතක් සිදු නොවිය යුතුය.

ඒතරම් යහපත් මිනිසෙකුට මෙවන් වූ නපුරක් කිරීමට යමෙකු සිතුවා යැයි යන පුවත  මා මහත් කම්පනයකට ලක් කලේය.

අහිංසක මිනිසෙකුට තමන්ගේ පාඩුවේ ඉන්නට නොදී මෙවන් දේ කරන නිරිසතුන්ට මිනිසුන් යැයි කිව හැකිද?

සත්තකින්ම නොහැක.ඔවුන් නිසැකින්ම තිරිසනුන් විය යුතුය.

එවන් අහිංසක, ළදරුවෙකු සේ පාරිශුද්ධ මිනිසෙකුට හානියක් කිරීමට සිතන්නා තිරිසනෙක් නොවී වෙන කවුරුන්ද?

මා මේ කතා කරන්නේ කුමක් ගැනදැයි ඔබ සිතුවාද?

ඔව් ඔබ නිවැරදියි.

මා මේ කියන්නේ ඇමති අනුර යාපාට කවුරුන්දෝ දුරකතනයකින් කල තර්ජනය ගැනයි.

එපුවත රූපවාහිනියෙන් කියද්දි ඔහුගේ මුහුණේ ඇඳී තිබූ අසරණ අහිංසක විලාශය...

මා හද වැඩියෙන්ම කම්පා කලේ එවෙලේ ඔහුගේ මුහුණේ තිබු අසරණ කමයි.

අහෝ දෙවියනි, මේ අහිංසකයාගේ  ආරක්ෂාව ගැන ඔබ වග විය යුතුය.

මම ඔබට රන් බරට භාරයක් වන්නෙමි.

දෙවියනි. ඔහු බලා ගත මැනවි.

අහෝ අනුර සේනානායක තුමනි.

ඔබ ක‍ටුගේ සොරා ඇල්ලු පරිද්දෙන්ම මේ දුෂ්ඨයා ද අල්ලා දඟ ගේ ලනු මැනවි.

ඔබ සැම දෙවියෝ රකිත්වා



4 comments:

  1. //මා හද වැඩියෙන්ම කම්පා කලේ එවෙලේ ඔහුගේ මුහුණේ තිබු අසරණ කමයි.//

    Same Here


    :D :D :D :D

    ReplyDelete
  2. අනේ අසරණයා......:P

    ReplyDelete
  3. පවු දුප්පතා, කෝම හරි ඔය තර්ජනය කල එකා අල්ලලා එල්ලන්ඩ ඕනෑ

    ReplyDelete