Saturday, February 16, 2013

හැට්ටය අස්සෙන් බැලීම



මා කුඩා කල කියවූ කෙටි කතාවක නම වූයේ "ළදරු මහල්ලා"යනුවෙනි. එහි වූයේ ළදරුවෙකු මෙන් හැසීරීමට ප්‍රිය කරන මහල්ලෙකු පිලිබඳ කතාවකි.

පසු ගිය දිනෙක පුවත් පතක වූ වාර්තාවක් දු‍ටු මගේ සිතට නැගුනේ ළදරු මහල්ලන් පමණක් නොව ළදරු තරුණයන් ද සිටින බවයි.

එම වාර්තාවේ වූයේ මහනුවර නගරයේ අවන් හලක ආහර ගනිමින් සිටි වීදෙස් තරුණියකගේ පිටේ බුදු රුවක් පච්ච කොටා තිබෙනවා යැයි තරුණන් පිරිසක් පොලිසියට ඔත්තු දුන් බවකි. තරුණන් පමණක් නොව ශ්‍රී ලංකා පොලීසියද තම ළදරු බව පෙන්වමින් එම තරුණිය ගෙන ගොස් ඇයට රුපියල් දාහක දඩ ගසා තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් මෙම බුදු රුව පෙනී ඇත්තේ එම තරුණිය ඇඳ සිටි ඇඳුම් අස්සෙන් වීමයි.

කාන්තාවක් ඇඳ සිටින ඇඳුම් අස්සෙන් බලා ඇතුලෙන් පෙනෙන පච්චය බුදු රුවක්ම බව තේරුම් ගැනීම  එසේ මෙසේ වැඩක් නොවේ.

පෙනෙන්නට තිබෙන්නේ  මෙම බෞද්ධාගමේ ආරක්ෂක තරුණ හමුදාව අවන්හලේ සිටි එම විදේශ තරුණියගේ ඇඳුමේ සිදුරු දෙස බලා ගෙන අනිමිස ලෝචන පූජාවක් පවත්වා ඇති බවයි.

තම අසල්වැසියා නිරුවතින් එහෙ මෙහේ ඇවිදිනවා යැයි පොලිසියට පැමිණිලි කළ කාන්තාව ගැන කතාවක්ද මෙහිදී මගේ සිහියට නැගෙන්නේය. පොලීසිය පැමිණ " කෝ කොහෙද මිනිහා හෙලුවෙන් ඇවිදින්නේ" යැයි ඇසූ විට ,කාමරයේ ඉතා ඉහල පිහිටි වා කවුලුවක් ලඟට මේසයක් ඇද, එය මත පු‍ටුවක් තබා , ඊ ට ගොඩ වී වා කව්ලුවෙන් බලන ලෙස පොලිස් නිලධාරින්ට ඇය පැවසූවාය.

විදේශ තරුණියකගේ හැට්ටය අස්සෙන් බලා ඇගේ පිටේ බුදු රුවක් තිබෙනවා යැයි කීමත් ඊට සමාන නොවන්නේද?

තමුසෙලා මොන මගුලකට ඔය ගෑණිගේ හැට්ටේ අස්සේ බැලුවා දැයි අහන්නට එකෙක්වත් නුවර පොලිසියේ සිට නැත. හිටියා නම් මෙවන් මෝඩ කතා අපට අහන්නට සිදු වන්නේ නැත.



15 comments:

  1. mungei muslim ewngei wenasak mata penne na...
    buddagamath wikurthi karanawa harak.....

    ReplyDelete
  2. මක්කම පිංතුරයක් පච්චෙක ගහගෙන සවුදිය පැත්තෙ රවුමක් දාල වරෙල්ලකෝ. එන්ඩ වෙන්නේ රිසානා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. අනේ ගොබ්බයො! ඉස්ලාම් අන්තවාදීන්ගේ තත්වයට අපිත් පත් වුනාම හරිද? යකෝ බුදුදහමේ සැබෑ වටිනාකම තේරුම් ගනින්.ඒ කෙල්ල බුදු දහම ගැන පැහැදුණු කෙනෙක් වෙන්න පුළුවන්.ඒ ඇය තමන්ගේ භක්තිය පෙන්වූ විදිහ වෙන්න ඇති.උඹලා වගේ මෝඩ හරක් එක්ක බුදු දහමට වැඩි දුරක් නම් යන්න බැරිවෙයි.

      Delete
    2. ඉස්ලාම් අන්තවාදීන්ගේ තත්වයට බෞද්ධයන් පත්වීම හරි යයි ඔබ සිතනවාද?ඔබ වැනි උමතු රෝගී බෞද්ධයන් නිසා බුදුදහමට අපමණ විනාශයක් අත්වී ඇත.

      Delete
    3. ඈ මහත්තයෝ. ඔයා පච්චේ කොටා ගන්න හිතන් ඉන්නේ කොහෙද?

      Delete
  3. ඔයත් ඔයාගේ අහවල් එක දිගේ පච්චයක් කොටාගන්නකෝ 'සාගර ජලය මදි හැඬුවා නුඹ හන්දා' කියලා.

    ReplyDelete
    Replies
    1. ගොන් ආතල් ගන්න එපා ඇනෝ,උඹලා නිසා ඇනෝ කොමෙන්ට් දාන හැම එකාම බල්ලට යනවා.

      Delete
  4. අපේ ගොබ්බ හැත්ත දැන් පත්වෙලා තියෙන කාලකන්නි තත්වයට උදාහරණයක් මේ.පොලිසිය ගැන කතාකරලා වැඩක් නැහැ.නිල සුනකයෙකුට තියෙන ආත්ම ගරුත්වයවත් මෙයාලට නැහැ.එක අතකට ඉහල සිට පහලටම කුණුවූ සමාජයක මේ දේවල් පුදුමයට කරුනකුත් නැහැ.

    ReplyDelete
  5. අපේ රටේ ඉන්නේ කොච්චර ගොබ්බ මෝඩයෝද කියලා බ්ලොග් වල කොමෙන්ට්ස් වලින්ම පේනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි ඉලේක්ෂොන් ප්‍රතිඵල ආ දාට?

      Delete
  6. දැන් පොලිසියෙන් කොහොමද ඔය නඩුව ඇහුවේ දඩ ගහන්න?

    දඩ කොල දෙන්නේ ට්‍රැෆික් ඔෆෙන්ස් වලට නේද?

    පොලිසියෙන් හැට්ටෙ ගලොල්ලා ෆොටෝ ගත්තාද සාක්‍ෂිවලට?

    ඔය පුවත්පත් වාර්තා ලියන උන් නං අන්ධ රිපෝටර්ලාම මිස ජනමාධ්‍යවේදය කියන එක දන්න උන් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දඩ ගැහුවා වෙන්නත් පුළුවන් කකා. එක අතකින් සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදන නිසා, මෙවැනි දේවල් වෙන එක හොඳ නැහැ. ගුවන් තොටුපොළේ අර කීං කීං ගන්න දොරටුව තුලින් එනකොට එන සේරගේම සම්පුර්ණයෙන් ඇඳුම් ගලවලා පච්චා පරික්ෂා කිරීමට වෙනම තරුණයන් පිරිසක් (ප.ප. නිලධාරින්-පච්චා පරීක්ෂක) පත් කරන්න පුළුවන්. එතකොට මෙවැනි පච්චා කොටාගෙන ඉන්න පිරිස් හැරෙන තැපෑලෙන් යවන්න පුළුවන්. දැන් මේ තරුණිය වෙන තැනකදී ආයිත් අල්ල ගත්තොත් දඩ කොලයක් දෙන්න වෙනවානේ. මාතලන් කියල තියන දේ නම් හරි ඇත්තක්!

      Delete
  7. චාන්ස් එකක් අහු වුනොත් හැට්ට ගලවන්න ඔය මහත්තුරු කොහොමත් බලා ගෙන ඉන්නේ.

    ReplyDelete
  8. ඔබ අදාල කාරණය දෙස මැදිහත්ව සහ සාධාරණව බලා තිබෙනවා. අදාල කාන්තාව වරදක් කර තිබෙනවා මෙන් ම, මෙම තරුණයින් ද වරදක් කර තිබෙනවා.

    ReplyDelete
  9. පිට කියන්නේ මම හිතන්නේ බෙල්ල හරියට වෙන්න ඕන..මොකද පිට මැදට සාමාන්යෙන් පච්ච අඳින්නේ නැනේ..එහෙම අදිනවානම් එක විශාල වෙන්න ඕනනේ..මම පච්ච ගැන දන්නා දෙකින් නෙමෙයි කියන්නේ.නමුත් සාමාන්‍ය විදිහ එහෙමයි කියල මම හිතනවා..ඉතින් ඔය කියන විදිහට බෙල්ල හරියේ උනානම් ඕක හොදටම පේනවා..අමුතුවෙන් බලන්න දෙයකුත් නැහැ. විදේශීය කාන්තාවක් නම් ඔවුන් කොහොමත් සාමානයෙන් ඕනවට වඩා විවර වුනු ඇඳුම් අඳින්නේ. හේතුව ලංකාව උෂ්ණත්වය වැඩි රටක් නිසා. මේකේ දෙපැත්තම වැරදියි..මම කියන්නේ එහෙම දෙයක් පච්චයක් විදිහට ගහපු එක...එහෙම නැතුව මම හිතන්නේ නෑ මේ අය ඔය කියන තරම් අස්සකින් බලන්න ඇති කියල...එහෙම බලල පොලිසියට කියයි කියලත් හිතන්න අමාරුයි..මොකද එචර හොරෙන් බලල එක පොලිසියට කියන්න උත්සහ කරයි කියල හිතන්න බහ...කොහොම උනත් මේ බ්ලොග් පොස්ට් එක ලියපු කෙනාගේ මානසිකත්වය ගැන comments වලින් කෙසේ වෙත්ත article එකෙන් නම් පේනවා...මොකද පත්තරේ දාල තිබුනේ නැත්තම් මේ පැමිණිලි කරපු අය හොරෙන් බැලුව කියල, මොන මතයක පිහිටලද ඔය කියන්නේ ඒ අය හොරෙන් බැලුව කියල?

    ReplyDelete