Friday, May 24, 2013

වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින කතුතුමා හොයාගනී.




පසු ගිය දා පැවති සංකේත වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින  පත්තර කාර මහත්තුරුන් හොයාගෙන තිබේ. පහතින් දැක්වෙන්නේ ඊයේ දිවයින කතුවැකියේ ඒ ගැන තිබූ ආකාරයයි.

ඉහත සඳහන් කළ සහ නොකළ සියලු දුක්‌ගැහැට, නොපනත්කම් මධ්‍යයේද ජනතාව රජය සමඟ සිටින්නේ මන්ද යන්න රජයට වැටහෙන්නේ නැති බව සත්‍යයකි. තම සුවිශේෂී නායකයාගේ ආලෝකයෙන් බබළමින්ද, වාචාල කතා කියමින්ද හතර අතේ පිස්‌සු කෙළින ඇතැම් අමාත්‍යවරුන්ට අනුව මේ වූ කලී සදාකාලික රජයකි. .......

එහෙත් මේ එකකුවත් සැලකිල්ලට නොගන්නා යථාර්ථය ඒ එකදු විකාරයක්‌වත් නොවේ.

ත්‍රස්‌තවාදීන්ගේ නිජබිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, අධිරාජ්‍යවාදීන්ගේ කෙළි බිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, ඒ බිහිසුණු ඉරණමෙන් මුදා ගැනීමේ පුණ්‍යකර්මය හිමිකරගත් නායකයකු වටා තවමත් පෙළගැසීමේ යථාර්ථයම වෙයි.

ඒ නායකයා මේ රටේ අඛණ්‌ඩ උරුමයේත්, සාරයේත් වටිනාකම අවබෝධකොට ගෙන ඒ අනුව කටයුතු කරන්නකු වීම ඊට අනුබද්ධ යථාර්ථයම වෙයි.

එහෙත්, උද්ධච්ච මදාවියන්, ලුම්පන්වරුන් තම රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද වශයෙන් යොදා ගැනීම සේම, අදක්‍ෂ ලෙසද, කුමන්ත්‍රණකාරී ලෙසද රාජ්‍ය කළමනාකරණයේ යෙදෙන්නන් තම මෙහෙයුම් මණ්‌ඩල තුළ තබා ගැනීමද ඔහු විසින් නොකළ යුත්තක්‌ වේ.

මේ මහත්තුරු අපිට කියන විදියට  " රාජපක්ෂලා නම් සුපිරිසිදුයැ. පිංවත්යැ. මනරම්යැ. සිල්වත්යැ. ජනතා හිතවාදියැ.ලුම්පන් ද නැතියැ.

සියලු අසත්පුරුෂ, දුර්ජන , ජනතා ද්‍රෝහී ,කඩප්පුලි වැඩ කරන්නේ ඇමතිවරුන්යැ.ඉදින් මේ අදක්ෂ,වාචාල පිස්සු කෙලින  ඇමතිලා නැත්නම් මේ රට මෙලහකටත්  සුරපුරක්ය. ( වෙල්ගම ඇමතිතුමාත් ඔය කියන ඇමති සැට් එකේ සාමාජිකයෙකුදැයි අපි නොදනිමු)

මේ කතාවෙන් මෙරට හුදී ජනයා වන අප තේරුම් ගත යුත්තේ විදුලි බිල වැඩිවන්නේ විදුලි බල ඇමති ( හෝ ඇමතිනිගේ)  වරද නිසාය. උසස් අධ්‍යාපනයට වෙන් කල මුදල් කපා දමන්නේ ඇස්.බී ඇමතිය. සෞඛ්‍යට වෙන් කල ප්‍රතිපාදන කපා දමා සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුධයට යවන්නේ මෛත්‍රීපාල උන්නැහේය.නැව් නො එන වරායවල් , කුරුල්ලන් පමණක් ගොඩබාන ගුවන්තොට හැදීමට කෝටි ගනන් මුදල් වියදම් කරන්නේ ඇමතිවරුන්ගේ තනි කැමත්තටය.කෙටියෙන්ම කිව්වොත් මේ අදක්ෂ , වාචාල ඇමතිලා තනතුරුවලට පත් කර ගෙන ඇත්තේ තම තමන්මය.

මේ කිසි දේකට ආලෝකයෙන් බබලන නායකතුමා සම්බන්ධ නැත.එතුමා දන්නවා නම් කරන්ට දෙන්නේත් නැත.එතුමාගේ හැටි එහෙමය.

දිවයින කත්තුරු තුමා කියන විදියට මිනිස්සු වර්ජනය නොකලේ ඒ නිසාය.

සටහන-බෝතල් පත්තර කාරයින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?







13 comments:

  1. බෝතල් පත්තර කරුවන්ට ප්‍රසිද්ධිය ලබා දීමෙන් ඔබ කරන්නේ ඊටත් වඩා පවකි. මේ පව ඉඳ හිට පැරා විසින්ද කරණු ලැබේ..

    ReplyDelete
    Replies
    1. මෙයා තව හොඳයි, කියවන්නේ දිවයින. අඩු වශයෙන් කාටුන් එකවත් බැලියෑකි.

      පැරා කියවන්නේ දිනමිණ, බලන්නේ ස්වර්ණවාහිනී සහ අයිටීඇන් එක.

      දන්නවද කතාවක්. සුගාර බ්ලොග් කියවනවා. මෑන්ස් ඔය අදහස අරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ බ්ලොග් ලිපිවලින් ලු!

      http://maathalan.blogspot.com/2013/05/protest-against-government-f.html

      !!!

      Delete
  2. එහෙනං අසාර්ථක වීමට හේතව උඹ කියපංකෝ

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවේ වංගු ආර්ථිකයට සැට් වී තමාටත් ගානක් කඩාගෙන වැඩි වුනු විදුලි බිල හා අනෙකුත් වැඩි වන බිල් ගෙවන්ට පුලුවන් යැයි හිතීම .

      Delete
  3. මේ බෝතල් පත්තරකාරයින්ගේ මතයට ඉතාමත් සමාන මතයක් මාතලන් ඔහුගේ බ්ලොගයේ දමා ඇති අතර ගිනිසිලුව වැනි ආන්ඩුවට කඩේ යන්නන්ද එක හෙලා එම මතය පිලිගෙන ඊ ලඟ සැරෙත් මහින්දටම චන්දය දෙන බව කියයි. ෆන් තමා කොල්ලෝ.

    ReplyDelete
  4. බෝතල් පත්තර කාරයන් හැර වෙනත් පත්තර කාරයන් සිටිත්ද ?

    ReplyDelete
  5. ඇයි ලැප්ටොප් පත්තර කාරයෝ

    ReplyDelete
  6. මෙවන් බල්ලන් කොහෙත් සිටිති
    මේ රටට ඕන නිදහස් මාධ්‍යට වඩා අවංක සත්‍යවාදී විනය ගරුක මාධ්‍ය නොවේද?

    ReplyDelete
  7. වර්ජනයේ අසාර්ථක භාවයට හේතුව ජනතාව වෙනුවට පක්ෂය හා වෘත්තීය සමිති ආදේශ වීමට යාමයි.

    ReplyDelete
    Replies
    1. ඔයා ජනතාව කියල කියන්නේ කාටද සුදා. ඒ අය කොහෙද ඉන්නේ? පක්ෂය හා වෘත්තීය සමිතිවල ඉන්නේ පිටසක්වල ජිවියෝද ?

      Delete
  8. කලාමැදිරියා පත්තරේ සල්ලි දීල ගන්නවා නෙමෙයි නේද ? එහෙනම් අයියෝ සල්ලි. අනික මට හිතාගන්න බැරි සි නිවුස් බලන්නයි බෝතල් පත්තරේ බලන්නයි ඇයි මේ කාලෙ නාස්ති කරන්නේ කියල්ල.

    ReplyDelete
    Replies
    1. මට පිස්සුද හලෝ ඔය බෝතල් පත්තර සල්ලි දීලා ගන්න. අන්තර් ජාලයෙන් තමා කියවන්නේ. ඕවා කියවනකොට පොඩි ආතල් එකකුත් දැනෙනවනේ මේ රට මගේ රට කියලා.

      Delete
  9. හුකෑස් කියනවා අර වෙන මොනවා කියන්නද?

    ReplyDelete