Thursday, May 30, 2013

ලින්කන් හා මහසෙන්



සුළි කුණා‍ටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා  උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.

මීට.

ගරු සභාපති

ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.විසං.

(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)

සටහන- මහසෙන් නම අල්ලාගෙන  මේ විකාරකාරයන් නටන අයුරු දු‍ටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක්  ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි. 

11 comments:

  1. මොකද මොකද එකම එකම ලිපිය ලිපිය දෙපාරක් දෙපාරක් දාලා දාලා

    ReplyDelete
  2. මට නම් සිහි වූයේ king asok ගේ helping sri lanka මෙහෙයුමයි.

    ReplyDelete
  3. ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.වි. සං.
    ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. ආවොත් නිසැකවම විනාශයක් ඇති කරන සුළි සුළං කුණාටු ආදිය සඳහා කාන්තා නමක් යෙදීම පිළිගත් සම්ප්‍රදාය වී තිබියදී "මහසෙන්" වැනි පිරිමි නමක් යෙදීම වැරදිය.

    මේ කුණාටුවට මහසෙන් රජතුමාගේ නම යෙදුවේයැයි කියා කීම පිස්සු කතාවකි. ඕනෑම නමක් සහිත සම්භාවනීය පුද්ගලයන් ඉතිහාසයෙන් සොයාගැනීමට හැකිය. යම් දෙයකට තබන ලද කුමන හෝ නමක් කවුරුන්‍ හෝ සම්භාවනීය පුද්ගලයකුගේ නමක් කියා තර්ක කිරීමට හැකි වේ. නම යෙදීමේදී කිසිවකුට එම නම තිබී ඇතිදැයි කියා සොයාබැලීම පහසු කාරණාවක් නොවේ.

    මහසෙන් කියා නම දමා හොර හරක් පටවාගෙන යන ලොරි එහෙම දැකල නැද්ද?

    ReplyDelete
  5. මේක නම් වැරදයි මිත්‍රයා, මහසෙන් රජතුමා ගේ නම් විනාශකාරී සුලිසුළඟකට යෙදීම වැරදියි.ඔය නම එතරම් බහුලව දැන් භාවිතයේ තියෙන නමකුත් නෙවෙයි.ඉතිහාස කියල යන්තම් හරි දෙයක් දන්න කෙනෙක්ට මහසෙන් කීවහම මතක්වෙන්නේ ඒ රජතුමා.එතුමා කළ වාර්මාර්ග වලින් අදත් රජරට වි ගොවිතැන් කරනවා.කෘතගුන සැලකීම කියන උතුම් මිනිස් ගුණාංගයට නිගරු කරන්න එපා.ඔය ඕනැ තරම් නම් තියෙන්නේ සුලි සුලඟකට යොදන්න.රාජාවලියේ සේරම රජවරු 250ට අඩුයි.ඒ නමක්ම දාන්න ඕනිද?
    මම දන්න විදියට බතලගොඩ වී පර්යේෂන ආයතනය වැඩිදියුණු කල වී වර්ගයකට ඞමහසෙන්“ යන නම යෙදුවා .ඒතේ වරදක් නෑ දෙනෝදාහකගේ කුස පිරෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මහසෙන් රජ්ජුරුවන්ගේ නම නෙමෙයි දාලා තියෙන්නේ. මහසෙන් කියලා මදාවියක්ගේ නමක්...

      Delete
    2. ෙතාෙග නම ෙමාකක් ද?

      Delete
    3. තොගෙ නම කියපන් ඊළඟ එකට දාන්න..

      Delete