Saturday, July 6, 2013

වීරවංශ ගෙවල් හැදුවා වගේ.


ගැමුණු කුමරු කිරිබත් කෑවා වගේ කියා කතාවක් තිබේ .බත උණු නිසා පිඟානේ තැනින් තැන පහුරු ගාමින් කිරිබත් කෑම නිසා ඒ කියමන හැදී  තිබේ. විමල් වීරවංශ ගේ ගෙවල් හැදිල්ල ගැමුණු කුමරුගේ කිරිබත් කෑමත් පරදවයි.

ජාතික නිවාස ප්‍රතිපත්තියක් නැති නිවාස ඇමති  වීරවංශ ගෙවල් හදන්නේ මෙහෙමය.

ක්‍රීඩිකාවක්  තරඟයකින් ජයගත් විට පත්තර කාරයන් හා ටී වී කාරයන් රොත්තක ද සමග දුව ගෙන ගොස් ගෙයක් හදා දෙන්නට පොරොන්දු වෙයි.

ඉන්පසු පොරොන්දු වෙන්නේ පහේ ශිෂ්‍යත්වය පාස් දරුවෙකුට ගෙයක් හදා දෙන බවටය.

ඒක අමතක වෙනකම්  ඉන්න කොට උසස් පෙල ප්‍රථිපල නිකුත් වෙන්නේය. ඉතාමත් අඩු පහසු කම් යටතේ උසස්පෙල සමත් වූ දැරියකට ගෙයක් පොරොන්දු වෙන්නට දැන් හැකිය. හදා දෙනවාද නැත්ද දන්නේ උඩ ඉන්න දෙයියන් පමණි.

අලුත්ම පොරොන්දුව ජාත්‍යන්තර සම්මානයක් ගත් නලුවාට ගෙයක් හදා දෙන්නටය.

ඊ ලඟට සාමාන්‍ය පෙල ප්‍රතිපල එන තෙක් බලා සිටීමට හැකිය. ( ඒ අතර මොබයිල් ෆෝන් ද බෙදීම වැනි වැඩ කරයි.)

රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්න හඳුනා ගෙන ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට තරම් මොලයක් නැති බොරු ශෝක් කාරයින් ඇමති කම් වලට පත් වූ විට වැඩ සිද්ද වෙන්නේ එලෙසය.




9 comments:

  1. ශික් මේ වගේ මිනිස්සු...සිරාවටම කලකිරෙනවා ලංකාව ගැන..

    ReplyDelete
  2. ඔන්න බලන්න දහම් පාසල් විභාගයට ගිය කළ!
    කිසිම සැලකින්ලක් නෑ නොවැ?

    ReplyDelete
  3. කුණු විමලයා පොරොන්දු වුනාලු නේද ජගත් චමිලටත් ගෙයක් දෙන්න. මම හිතන්නේ ජගත් චමිලට අවුරුදු 50 පැන්නට පස්සේ හම්බවෙයි කුණු විමලයා අනුස්මරණ නිවාස යෝජනා ක්‍රමේකින් ගෙයක්.

    ReplyDelete
  4. උපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නේ කෙසේද ( 18 + )


    කතන්දර කියන්නේ ටැබූ නෙවෙයි. ටැබූ වෙනත් නමකින් බ්ලොග් කරණයේ ඉන්නවා. ඔහුව ඔබට හමු වී තිබෙනවා. ටැබුගේ හැසිරීම් සහ දැනුම ගැන වැටහීමක් ඇත්තෙකුට ටැබූව හඳුනා ගතහැකියි. ( හඳුනාගත්තද ප්‍රසිද්ධ නොකරන්න )

    ReplyDelete
  5. KATHANDARA KIYANNE APE MAHA KAKKA THUMA. ETHUMA THAMI, PUKA, JOKKU, CHOO, PADA, JEE, WAGE TOPICS HARA BARA WIDIYATA LIYANNE . KIYAWANN HARIMA AASAI.

    ReplyDelete
  6. මාර ගෙවල් හැදිල්ල. හදපු ගේකට තීන්ත ටිකක් ගාන්න බැරි ඇමති..

    ReplyDelete
    Replies
    1. බල්ලො බිරුවට හඳ බැබලෙනවා...!! ( මාතලං උඹ බල්ලෙක් නෙමෙයි කුහකයෙක්,මේ බොගේ කරන එකත් මහ කුහකයෙක්)

      Delete
    2. බඳ බැබලෙනකොටත් බල්ලෝ බුරනවා.

      Delete
  7. විමල් පමණක් නොව අනිකුත් මැති-ඇමති මහත්වරුන් ගැනද කිවයුතු තත්ත්වය එයමයි. වෙනසකට ඇත්තේ එක එක්කෙනා රඟ දක්වන භූමිකාවේ විවිධත්වයක් පැවතීමයි.
    හැකි ඉක්මනින් නැවත බ්ලොග් අවකාශය වෙත එන්න වෙර දරමි.

    ReplyDelete