Saturday, August 10, 2013

දරුවෝ සතුටු වෙති



අරලියගහ මන්දිරයේ සිදු කෙරෙන නිල කටයුතුවලට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දැඩි ඇල්මකින් හා උනන්දුවකින් සිදු කරන තවත් විශේෂ කාර්යයක්‌ද වෙයි. ඒ පාසල් දරු දැරියන් හමුවීමයි. රටේ රාජ්‍ය නායකයා ළඟට පැමිණෙන දරුවෝ සැක බිය නොමැතිව ඔහු සමග කතාබහ කරති. සතුටු වෙති. සංග්‍රහ විඳිති. තෑගිද ලබති. මෙවර අරලියගහ මන්දිරයට යාපනයේ සිට සිසු කණ්‌ඩායමක්‌ද පැමිණියහ. මේ අය අතර කිසි දවසක කොළඹට නොපැමිණි සිසු සිසුවියෝද වූහ. සමහරුන්ට සිංහල ද බැරිය. පරිවර්තකයන් සිටියත් ජනාධිපතිවරයා ඒ දරුවන් සමග කෙළින්ම කතාබහ කරද්දී ඔවුහු අත්පොළසන් දුන්හ. ජනාධිපතිවරයා කියා සිටියේ මේ දරුවන් මල් වගේ. අපට ඒ හැම දරුවෙක්‌ම සම්පතක්‌ බවය. 

(උපුටා ගැනීම දිවයින ඉරිදා කුරහන් පිට්‍ටු සංග්‍රහයෙන්)



5 comments:

  1. හිනහ යනව බං. වෙල්ගම මුදලාලි මිනිස්සු හිනස්සවල මරන්න හදන්නෙ.

    ReplyDelete
  2. ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්සෙ තුන්වන කට්ටියක් හිටිය බව ආන්ඩුව මෙච්චර කියද්දිත් ත්වමත් මේ මිනිස්සු කියන බොරු විස්වාස කරන්නෙ, ඔය වතුරෙ පී.එච් අගය අඩු වුනාට බිව්වට කිසිම වරදක් නෑ මොකද ඒක ගම්පහ පලාතෙ හැටි. මේ අලුත්ම සොයාගැනීමගැන දැනගන්න ඉරිදා දිවයින පත්තරයේ මනෝජ් අබේදීර කියන සියල්ල දත්ගේ ලිපිය බලන්න

    ReplyDelete
    Replies
    1. මනෝජ් අබේදිරගේ කියවපු ලිපි වලින් හිරිකිතම ලිපිය. අසත්‍ය අර්ධසත්‍ය සත්‍ය විකුර්ති කිරීම්.... ගොබෙල්ස් මොන බල්ලෙක්ද බන් මෙහෙනෙ බල්ලෝ ඉන්නේ....

      Delete
  3. දිවයින වැනි පජාත කඩදාසි ගොඩක් වෙනුවෙන් වචන නාස්ති කිරීමත් අපරාධයකි.ගාමිණී සුමනසේකර ඇතුළු පුවත්පත් කාර්ය මණ්ඩලය පෑන අතහැර වැසිකිලි බුරුසුව අතට ගත්තා නම් මීට වඩා නම්බුකාරය.

    ReplyDelete
  4. අනේ මන්දා ඉතිං

    ReplyDelete