Friday, March 14, 2014

අධිරාජ්‍ය විරෝධී බළල් අත් හා ජයලලිතාට ජය වේවා නොහොත් පුටින් සමග හෙලුවෙන් සිට ගැනීම



සාමාන්‍යයෙන් අපිට දකින්නට අහන්නට ලැබෙන්නේ අධිරාජ්‍යවාදි බළල් අත් ගැනය. එය මේ දවස් වල ශ්‍රී ලංකාවේ දේශපෙරේමින් හෙවත් අධිරාජ්‍යවිරෝධින් අතර ජනප්‍රිය යෙදුමකි.

එහෙත් මට මේ අධිරාජ්‍ය විරෝධි බළල් අත හමු උනේ සුපුරුදු පරිදි රෑ කෑම දිරවීමට හා බඩේ මාංශ පේශින්ට ව්‍යායාම සඳහා බඩ හොලවා සිනහා වීමට කරන ව්‍යායාමය කරද්දි හෙවත්  වීරවංශගේ චී නිව්ස් බලමින් සිටින විටය.

බොලිවේරියානු සහයොගීතා ව්‍යාපාරය ( එය කොහේ ඇති මොන අට මගුලක්දැයි නොදනිමු. සමහර විට පාරම්පරික උඩරට  සිංහල බෞද්ධ, ගොවිගම ( රසායනික පොහොර නොයොදන  ) අර්තාපල් ගොවි සංගමය  පා.උ.සි.බෞ.ගො.(ර.පො.නො.) අ.ගො.ස. වැනි එකක් වීමට ඉඩ තිබේ.) නමැති සංවිධානයක ප්‍රධාන ලේකම් කියා ගන්නා රාජා ගුනරත්න නමැත්තෙක් විසින් නිකුත් කල නිවේදනයක් එහි තිබේ.එහි ලියා තිබුනේ වත්මන් යුක්‍රේන අර්බුදය හා රුසියානු මැදිහත් වීම ගැනය.

 එම නිවේදනයේ  කාරණා කීපයක් ම සැලකිල්ලට ගත යුතුව තිබේ.

1. මෙම බොල්වාරියානු සංවිධානය, දේශහිතේචි සංවිධානය වැනි ඒවා වීරවංශගේම රූකඩ සංවිධාන වෙන අතර යමක් කෙලින්ම කීමට කොන්ද පණ නැති විට මෙවැනි රූකඩ ලවා කියවා ගනි.රජා ගුනරත්න යනු ඇත්තටම සිටින පුද්ගලයෙක්ද නැත්නම් මවා ගත් චරිතයක්ද යන්න පවා සැක සහිතය.

2.මහජන මුදලින් සුර සැප විඳිමින් සිටි යනුකොවිච් නැමති ඒකාධිපතියා එරට මහජනයා විසින් එලවා දැමීම බටහිර කුමන්ත්‍රණයකි. මෙය තම හාම්පුතා ගැන හිතා කියූ දෙයක් විය යුතුය. කාටදෝ ගහන කොට චංචලාට ඇඬෙනවා කියන්නේ මෙවැනි කතාවලටය.

3. ක්‍රිමියාවේ සිටින රුසියානුන්ගේ ආරක්ෂාවට ක්‍රිමියාව ආක්‍රමණය කිරීමට රුසියාවට හැකිනම් මෙරට සිටින ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන මැදිහත් වීමට ඉන්දියාවට හා තමිල් නාඩුවට නොහැකි වන්නේ කෙසේද?

4.රුසියානු ජනතාව මර්ධනයේ යකඩ සපත්තුවෙන් පාගා ගෙන සිටින පුටින් මාර ප්‍රගති ශීලියෙක්ල. ඒ අනුව ඔහු සමග එක පෙලට හිට්ලර් , මුසෝලිනි හා ඉඩි අමින්ද තැබිය යුතුය.

සටහන- යුක්‍රේන ජනතාවගේ ඉරණම තීන්දු කළ යුත්තේ පුටින්වත් ඔබාමාවත් නොව යුක්‍රේන ජනතාවම විසින්ය.වීරවංශලාම කියන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට ත පෙවීමට එක්සත් ජාතින්ගේ සංවිධානයටවත් අයිතියක් නැත්නම් යුක්‍රේනයට පුටින්ගේ අහවල් එක එබීම අනුමත කරන්නේ මුඛයෙන්ද අධෝමුඛයෙන්දැයි අපි නොදනිමු.



7 comments:

  1. ane ballo Americave sudda karana hama para wadakma tho anumatha karanawada ? paraya.
    Batahira suddo Iraq,Egypt,Afgan,Vietnam wage rata wal wala karapu wada thota penune nadda ?
    parayo.......

    ReplyDelete
    Replies
    1. පුටිනුත් කිව්ව ඇමරිකාව ඉරාකයෙ ඇෆ්ගනිස්තානෙ කරපුව යුක්‍රේන් වල කරන්නෙ නෑ කියල.කොසෝවෝ වලට ජනමත විචාරන තිබ්බ සුද්දො ක්‍රිමියාව නිදහස් කරගන්න ඡන්දෙ තියන එකට කතා කරන්නෙ කොයි පැත්තෙන්ද දන්නෙ නෑ. ඇන්ජලා මර්කෙල් කියන සුද්දි ....කෙන් කතා කරල කියනවා ඒ දෙක සසදන්න බැරිලු.

      Delete
  2. වීරවංශ මුඛයෙන් කතා කරනවා මමනම් අහලාම නැහැ..:D

    ReplyDelete
    Replies
    1. වීරවංශ විතරක්ද බන් මේ වගෙ ලියුම්කරුවන්ටත් කටෙන් කතා කරන්න පුරුදු නෑ වගෙ

      Delete
  3. මාත් සී නිව්ස් බලන්නෙ බඩේ මාංශපේශීන්ට ව්‍යායාම පිණිස තමයි. ඒත් යනුකොවිච් කියන්නෙ මහජන ඡන්දයෙන් පත්වුන පාලකයෙක්. පුටින් වුනත් එහෙමයි. පුටින් හිට්ලර්ල එක්ක එකට තබන්න ඕන කියන්නෙ ලියුම්කරු මාර විදියට බටහිරට ගැති කෙනෙක් වගෙ.
    යනුකොවිච්ට එරෙහි උද්ගෝෂන ඇතිවුනේ ඔහු යුරෝපය එක්ක තිබුන ගිවිසුමක් අවලංගු කළ නිසා. ඔය විදියට මැරයො ටික්ක් පාරට බස්සල ඕනම ආන්ඩුවක් පෙරලන්න ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට පුළුවන්

    ReplyDelete
  4. හිහ්,හිහ් , හිට්ලරුත් මහජන චන්දෙන් පත්වෙච්ච පාලකයෙක්

    ReplyDelete
  5. ක්‍රිමියාව කියන්නෙ රුසියාවේ ප්‍රදේශයක්.එහි බහුතරය රුසියානුවන්.1954 දි රුසියාව එම ප්‍රදේශය යුක්‍රේනයට දුන්නා. ඒ මන්දැයි දන්නා කෙනෙක් නෑ. නමුත් මේ දක්වාම රුසියානු හමුදා ක්‍රිමියාවේ රැඳී සිටිනවා.රුසියාව කර ඇත්තේ එම හමුදා ශක්තිමත් කිරීමයි.එසේ නැතිව යුක්‍රේනය ආක්‍රමනය කර නෑ.

    ReplyDelete