Monday, March 17, 2014

විප්ලවවාදි පන්නරය හා විදුලි බිල


විමල් වීරවංශ කියන්නේ ලංකාවේ විප්ලව දෙකක්ම කරපු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක  ලේකම්ය. හිටපු පාර්ලිමේන්තු කණ්ඩායක් නායකය. එතුම ජවිපෙ ඉන්න කාලේ ෆුල් විප්ලව වාදියෙක්ය. හිරු පත්තරේ කරන කාලේ ජුලියස් පුචික් වර්ගයේ විප්ලවවාදි  පත්තර කාරයෙක්ය. ඒ කාලේ එතුමාට කන්ට බොන්ට තියා සීගිරි යන්ටවත් වෙලාවක් නැතුව විප්ලව කරාය.

එතුමා උපන් ගෙයි විප්ලව කාරයෙක්ය. එතුමා කොයි දේ කරත් කලේ විප්ලවවාදි විදියටය. එතුමගේ පක්ෂේ ෆුල් ටයිමර් ලා කන්ට බොන්ට නැතිව ඉද්දි, ෆුටාර් එකේ, බස් එකේ පයින් ගමන් බිමන් යද්දි  එතුමා කල්පනා කලේ විප්ලවවාදි විදියටය. පක්ෂේ ඔක්කොම එකම විදියට හිඟන්නෝ වගේ ඉන්න කොට කිසිම විප්ලවවාදි ගතියක් නැති නිසා එතුමා විප්ලවවාදි විදියට රුපියල් දහ පාලොස්දාහ වියදම් කොරලා ඔලුවේ ජෙල් ගාගත්තෙය.ඊටත්  වඩා සුපිරි විප්ලවවාදි සෙල්ෆෝන් දෙක ගානේ බෙල්ලේ එල්ලා ගෙන හිටියේය. පක්ෂේ අනිත් උන් කැට හොල්ලද්දී එතුමා ඒ සම්ප්‍රදායෙන් මිදී විප්ලවවාදියෙක් විදියට ඩිස්නිලන්තේ බලන්ට ගියෝය.

එතුමා ජවිපෙන් අයින් වී ජානිපෙ හදා ගෙන මහින්ද මාමගේ සාටකේ එල්ලුනාම මේ විප්ලවවාදි ගති නැති වෙලා යයි කියලා හැමෝම හිතුවෝය. ඒ වුනත් එහෙම නැතිය. එතුමා කලින් කිව්ව විදියට උපන් ගෙයි විප්ලව කාරයෙක්ය. හිතන්නේම විප්ලව කාරයෙක් විදියටය. 

ඔන්න රටේ සාමාන්‍ය ජනතා මෝල් ගස් සම්ප්‍රදායික විදියට හිතලා විදුලිය අඩුවෙන් පාවිච්චි කරලා විදුලි බිල අඩු කරගන්ට උත්සාහ කරද්දි අපේ ගරු විමල් ඇමති තුමා විදුලිය පාවිච්චි කරන්නේ ද විප්ලව කාරි විදියටය. එතුමාගේ මාසික විදුලි බිල ලක්ෂේ පනින්නේ ඒකය. එතුමා විප්ලව කාරයෙක් නිසාය. එහෙම විප්ලව කායෙක් වෙන්ට ලේසි පුතයෙකුට බැරිය. අපි ඒ ගැන එතුමාට සුබ පැතිය යුතුය.

ලබන මාසේ විදුලි බිල ලක්ෂ දෙක පන්නන්ට යෝද බල යෝද දහිරිය ,විප්ලවවාදි පන්නරය එතුමාට ලැබෙත්වා.

4 comments:

  1. අපේ විදුලි බිල අපිම ගෙවද්දි එතුමාගේ බිල අමාත්‍යාංශයෙන් ගෙවන එකත් කොච්චර විප්ලවවාදි වැඩක්ද?

    ReplyDelete
  2. මේකනම් අනිවා ඩෙපා ජිනීවා කුමන්ත්‍රණයක්. CIA කාරයෝ ඇවිත් හිටරේ ප්ලග් එකට ගහල එක ළිදට දාලා ගිහින්. එකට ඇමති සහෝදරයා මොනවා කරන්නද ?

    දේශ හිත්‍යශී දොස්තර

    ReplyDelete
  3. මූ මොනව කරලද ඔච්චර බිලක් ගියේ. අල්ලපු ගෙවල් වලට කරන්ට් එක විකුණනවද දන්නෑ

    ReplyDelete
  4. එහෙම තමයි යකුනේ රට වෙනුවෙන් වැඩ කරනකොට.දැන් අර රබුක්වැල්ල මැතිතුමාට එන්නෙත් ඔයිට එහා ගිය බිලක්.එතුමා කොයි තරම් සේවයක් මේ රට වෙනුවෙන් තමන්ගේ කටින් කරනවාද ආයුබෝවන්.

    ReplyDelete