Thursday, March 20, 2014

ක‍ටුනායකට දරුණු හිම කුණා‍ටුවක්



පසුගිය 18 වැනිදා  ක‍ටුනායක ගුවන් තො‍ටුපල ආශ්‍රිත ප්‍රදේශයට  දරුණු කුණාටු සහිත වැසි හා අධික ලෙස හිම පතනය සිදුවී ඇත. එම නිසා එදින ක‍ටුනායකින් බැස්සීමට තිබූ ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තො‍ටුපල දක්වා හරවා යවා ඇත. 

 මත්තල ගුවන් තො‍ටුපල විවෘත කර හරියටම වසරක් පිරෙන දා මෙවැනි හිමවරුසා හා සුලි කුණා‍ටු ඇති වීම ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් වීමේ නියත සුභ ලකුණු බව ප්‍රවීන ජ්‍යෝතිෂ්‍ය වේදි චන්ද්‍රසිරි බන්ඩාර මහතා පවසා තිබේ. තව දුරටත් කතා කල ඒ මහතා 2015 මාර්තු 18 දිනද මෙවැනිම වූ කුණා‍ටු තත්වයක් ක‍ටුනායක ප්‍රදේශයේ ඇති වන බව තමාට වගකීමෙන් යුතුව පැවසිය හැකියැයි කීය.

10 comments:

  1. බොරුනම් කියන්න එපා හිම කොහෙටද වැටුනෙ ?

    ReplyDelete
    Replies
    1. හිම කුණා‍ටුවක් ඇති උනේ නැත්නම් මොකොද ගුවන් යානා මත්තලට හරවලා යැව්වේ. හිහ්

      Delete
    2. හික්ස්
      මම ඒත් කල්පනා කරා කොළඹට එදා උදේ හොඳට ඉර පායද්දි මේ තරම් දරුණුවට ආපු වැස්ස මොකද්ද කියලා..එතකන් හිම කුණාටුවක් නේ ඇවිත් තියන්නේ :-)

      Delete
  2. අපිට එච්චරයි අඩුවෙලා තිබ්බේ. දැන් ඉතින් හිම කුණාටුත් තියනවා

    ReplyDelete
  3. පිටරට ප්ලේන් කොම්පැනි වලට පාඩු ඇති නේ ඔය විදියට තැන ්තැන් වලට බාන්න යන එක.

    ReplyDelete
    Replies
    1. වෙලාවට වගේ එදා සිරි ලන්කන් හා මිහින් එයාර්‍රර්‍රර්‍රර්‍ර ප්ලේන් දෙකක් එන වෙලාවටම තමා ඔය කියන හිම කුණාආආආආටුව ආආඅවේ මේයා.. මාරයීඊඊ නෙහ්???

      Delete
  4. චන්ද්‍රසිරි බණ්ඩාරට ලෝක විනාසේ වෙන දවසත් හරියට කියන්න පුලුවන් ඇති.

    ReplyDelete
  5. හොද වේලාවට අපිට මත්තලත් ගුවන් තො‍ටුපලක් තියෙන්නේ නැතිනම් ඕවා කොහේ කියලා බාන්නද.?මැදමුලන වලව්වට තමයි ලෑන්ඩ් කොරන්න වෙන්නේ නැතිනම්..

    ReplyDelete
  6. මේක වගකීමෙන් කතා කියන්න පටන් ගත්තෙ අද ඊයෙ නොවෙයි.හැබැයි ඒ එකක්වත් මේ රටේ මිනිස්සුන්ට මතක නෑ.දැන් මේක බ්ලොග්වල පලවූ නිසා කොපි පේස්ට් කරන්න හරි පුළුවන් වෙයි. අපිට නම් මේ පච බන්ඩා දකිද්දිත් හිනායනව

    ReplyDelete
  7. ඔබේ සිනා ලග නෙත නැවතුනදා...............

    ReplyDelete