Tuesday, March 18, 2014

ජ්‍යෝතිෂ්‍යයේ නව මං හෙවත් ගූගල් වලින් අංජනම් බැලීම

අතුරුදහන් MH370 ගුවන් යානය ගැන චන්ද්‍රසිරි බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවැකියක්


අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති මැලේෂියානු ගුවන් යානය ගැන මෙරට ප‍්‍රසිද්ධි ජ්‍යෙතිර්වේදියෙකු වන්ද්‍රසිරි බන්ඩාර දෙරණ රූපවාහිනිය සමඟ අදහස් පල කලේය.
ඔහු පවසන්නේ මෙය නියමුවා විසින් සැලසුම් කල ගුවන් යානා පැහැරගැනීමක් වන අතර දින 14 ක් ඇතුළත සියල්ල එළිවන්නට නියමිත බවත්ය.
‘මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන්’ යයිද ඔහු සඳහන් කරයි.

උපුටා ගැනීම- වීරවංශගේ චී නිව්ස්

12 comments:

  1. බලන්නකෝ ඉතින් හැකියාව ඒ මනුස්සයාගේ නේ.

    ReplyDelete
  2. කුරුම්බ දෙකක් අතේ තිබ්බද දන්නෑ නේ

    ReplyDelete
  3. අපි සයිබරයෙ කීප දෙනෙක් මේ වගෙ කතාවලට හිනා වුනාට සමාජයෙ හුඟකට මූ ඉසිවරයෙක්. මූ කියන හැම බොරුවකටම සල්ලි වහිනව. මූ ගූගල් සර්ච් කරල මොනවහරි දැනගෙන කියනව ඒක වුනේ සෙනසුරා අරක කළ නිසාය මේක කළ නිසාය කියල. මූ ගෙදර ගියාම මූටම තනියම හිනා ඇති මූ කියන බොරුවලට.
    දැන් බලපල්ල කියල තියෙන කෙබරෙ අතේ කයිතන් වෙන හැටි.සෙනසුරා වායු රාශියෙ නිසා අනතුරක් වෙන්නෙ නැහැල්ලු.

    මේ රටේ මිනිස්සු හිතන විදිය ඉයන්නෙ නාසා විද්‍යාඥයො කලුකුහර ගැන මොකක්ද පර්යේශනයක් කළාම කොමෙන්ට් එකක් වැටෙනව මුන්ට පන්සලක හාමුදුරු කෙනෙක් හම්බවෙන්න මොළයක් නැති හැටි කියල.

    සාමාන්‍යයෙන් සී නිව්ස් බලන්නෙ බඩේ මාංශ පේශීන්ට ව්‍යායාමයක් විදියට (හිනාවෙලා ). ඒත් මේ විදියට හිතන මිනිස්සු ඉන්නව දකිනකොට මේවට හිනා වෙන්නත් බෑ. අනේ අපොයි කියවෙනව.

    මෙහෙම සමාජයක් මේ වගෙ කපටියන්ට සරු පසක් උන්ගෙ කෙබර වපුරන්න

    ReplyDelete
  4. වගකීමෙන් යුතුව --අනෙ පල පකෝ

    ReplyDelete
  5. 12 වැනිදා කියනව දින 14 ක් වත් යනව කියල .මුගෙ මූන දැක්කත් හිනායනව.

    ReplyDelete
  6. වගකීමෙන් යුතුව මමත් කියනවා අතුරුදහන් වෙලා තියෙන්නේ ගුවන් යානයක් කියා.

    ReplyDelete
  7. මම ඊට වඩා වගකීමෙන් කියනවා අතුරු දහන් වෙලා තියෙන්නේ මැලේසියන් ගුවන් යානයක් කියලා

    ReplyDelete
  8. ඉස්සර නිව්ස් බලල අනාවැකි කියපු අයට වඩා මෙතුමා ට මොනවහරි බලයක් තිබෙනව මොකද ගූගල් සර්ච් කරලනෙ අනාවැකි කියන්නෙ. අනෙ පල ගොන් බන්ඩො ගිහින් චූ කරල නිදාගනින්

    ReplyDelete
  9. ඉතින් බලන්න්න අපෙ රට කොච්චර වාසනාවන්තද කියල.

    ReplyDelete
  10. දැන් දවස් 14 ඉවර වෙන්නේ කවදාටද :D

    ReplyDelete
  11. වායු රාශියෙන් එලියට ගිහින් නම් ගුවන් අනතුරක් වෙනවද බං.
    මූ නිදි අතරේ එහෙම ගිහිංද කොහේද?

    ReplyDelete