Tuesday, September 9, 2014

බන්දුල විතානගේ - අවර ගණයේ කලා කරුවෙක්



මැරුණු මිනිසුන් ගැන ගුණකථන කළ යුතුම ද? යි ලිපියක් W3 Lanka ලියන පැරකුම්  ලියා තිබිණි. එම ලිපියේ ඔහු බන්දුල විතානගේ නම් වූ කලා කරුවා ගැන මෙසේ ලියා තිබිණි."බන්දුල විතානගේ සාමකාමී, අහිංසක කලාකරුවෙකි. ඔහු සමාජයට කළ හොඳක් මිස වරදක් ගැන සිහිපත් වන්නේ නැත. "

මේ ලිපිය ලියන මාද සිතුවේ එසේය. බන්දුල විතානගේ යනු මා ඉතා ප්‍රිය කල කලාකරුවෙකි. එහෙත් පසු ගිය දා දිවයින පත්‍රයේ පල වූ ලිපියක් දු‍ටු මම මගේ අදහස වෙනස් කරගත්තෙමි. 
ඒ ලිපියට අනුව බන්දුල විතානගේ යනු අවර ගණයේ කලා කෘතී කල පහත් කලා කරුවෙකි. මේ ලියන්නේ එසේ මෙසේ කෙනෙක් නොව මහ ඇමති කෙනෙකුන්ගේ පෞද්ගලික සහකාර කෙනෙක් නිසා බොරුවක් වන්නට බැරිය
පහතින් ඇත්තේ ඒ ලිපියේ සේයා රුවකි. 



 සටහන- නොදන්නා කලාවක් හා කලාකරුවන් ලියන්නට  ගොස් මඩ නාගන්නවාට වඩා තමුන් දන්න සාස්තරේ, එනම් බඩ තඩි මහ ඇමති කෙනෙකුට දාස කම් ක්‍රමින් සිටීම හොඳ බව කණහැර ආරච්චි මහත්තයාට දැන්විය හැකි කෙනෙක් සිටී නම් ලොකු උදව්වකි.

10 comments:

  1. මේ වගේ බුබ්බඩයෝ තමයි ඔය දේශපාලු වල් බල්ලන්ගේ කුට්ටම ලෙවකමින් මහා ලොක්කන් වගේ පුම්බගෙන ඉන්නේ. අනේ නොදකින් කාලකන්ණි. මේක ලියන්න ඇත්තෙත් මුගේ අතවැසියෙක් වෙන්න ඇති. මූ දන්න වචන ටික දමලා.

    ReplyDelete
  2. යකෝ ඕක පත්තරේට දාන්න සංස්කරණය කරපු එකාවත් අඩුමගානෙ හරි වැරදි බලපු එකාවත් දැක්කෙ නැද්ද ඔය පුබ්බඩ කතාව...
    නෙද්දෝම කිං...
    ඒ මනුස්සය එතනිංම ඉවරනෙ

    ReplyDelete
    Replies
    1. හරි වැරදි බැලුවද එහෙම නං ඒ බැලුවෙත් ඌ වගේම අමනයෙක්ද කියල කවුද බං දන්නෙ.

      Delete
  3. දිවයින පඩංගුව කියවන්නේ ඇයි

    ReplyDelete
  4. දිවයින,දිනමිණ,මව්බිම පත්තර අපි නම් බත් ඔතන්නවත් ගන්නේ නැහැ බං.
    මහා ලොකු ජාතික පත්තර.

    ReplyDelete
  5. oka thiyenne Divaine ne.

    ReplyDelete
  6. එච්චරක්යැ! බන්දුලගෙ මල්ලිල දෙන්න? පොඩි කාලෙම එකෙක් දොස්තරයි අනෙක ඉංජිනේරුයි වෙලා. මාරයි.!!

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ දොස්තර සහ වෙන්ඩ මැවිසුරු. ඒකයි වරහන.

      Delete
  7. අවරදිග කියන්නේ බටහිරට යි.

    මං හිතන්නේ බන්දුල විතානගේ බටහිර කෘති පරිවර්තනය කළාය කියන අදහසින් මේ ලේකමා මෙලෙස ටපලාවා ගන්න ඇති.

    දැන් ජී.බී. සේනානායක කියන්නේත් අවර ගණයේ ලේඛකයෙක් නේද? ඔහු තමයි "අවරගිර" ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඕකා ඔච්චර දන්නවනම් මක් කරන්න බැයිද?

      -කලාමැදිරියා

      Delete