Friday, December 19, 2014

කළගුණ දැක්වීම



ජනපති සටන තුල  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානම සටන් පාඨය වී ඇත්තේ කළ ගුණ දක්වමු යන්නයි. රාජපාක්ෂිකයන් කියන්නේ දෙමල ඊලම් අරගලය පොඩි පට්ටම් කර දමා තිස් වසරක් පැවති යුද්ධය නිමා කළ නිසා මහින්දට කළගුණ දැක්වීමක් වශයෙන් ඔහුව නැවත ජනාධිපති ධූරයට පත් කළ යුතු බවයි.

එම කථාවෙන් කියවෙන්නේ මහින්ද නැවත ජනපති ධූරයට පත් කල යුත්තේ රටට සේවය කිරීමට, රට සංවර්ධනය කිරීමට ඔහුගේ සේවය අවශ්‍ය නිසා නොව යුද්ධය දිනූ මහින්දට කරන උපකාරයක් වශයෙන් අප ඔහු දිනවිය යුතු බවයි.

එනම් මේ රටේ සම්පත්  තමන්ගේ හා තම පරපුරේ ප්‍රයෝජනයට ගැනීමට අප කළ ගුණ සැලකීමක් වශයෙන් ඔහුට ඉඩ දිය යුතු බවයි.

 මේ රට චීනුන්ට උගස් කරමින් තම මඩිය තර කර ගැනීමට අප කළ ගුණ සැලකීමක් වශයෙන් ඔහුට ඉඩ දිය යුතු බවයි.

සෑම ව්‍යාපෘතියකින්ම  ඩොලර් මිලියන් ගණන් කොමිස් ගැසීමට  කළ ගුණ සැළකීමක් වශයෙන් අප ඉඩ දිය යුතු බවයි.

එතනෝල් කාරයින් හා කුඩු කාරයින් මේ රට වනසද්දී කළ ගුණ සැළකීමක් වශයෙන් අප ඊටද  ඉඩ දිය යුතු බවයි.

අධිකරණය ඇතුලු සියලු ආයතන විනාශ කර දමද්දී කළ ගුණ සැළකීමක් වශයෙන් අප ඒ විනශයන් ට ඉඩ දිය යුතු බවයි.

කොටින්ම කිවහොත් මුලු රටම නායකයාගේ හා පවුලේ බූදලයක් බවට පත් වෙද්දී අප ඇහ කණ පියාගෙන ඊට ඉඩ දිය යුතුබවයි.

මේ කළ ගුණ සැලකීමේ කථාවේ ඊට වඩා වෙනස් අරුතක් මට නම් නොපෙනේ.

කළ ගුණ දැක්වීම යනු එයද?






4 comments:

  1. යුද්දය නිමා කල නිසා කාලගුණ සලකන්නේ කුමක් නිසාද ? යුද්දය තිබුන කාලයේ සාමාන්‍ය රටවැසියාට මෙන්ම පාලකයටද මරබිය තිබුණි , රටේ ආර්ථිකය යුද්දයටම වැය විය , එය නිමාවීමෙන් අප බලාපොරොත්තු වුයේ , මරබිය පහවී රටට යහපත් කාලයක් උදවීමය , නමුත් පාලකයාගේසහ හෙන්ච්චියන්ගේ මරබිය පහවිය , ඔවුන්ගේ ආර්ථිකය දියුණු විය , මරබිය නැතත් එදාටත් වැඩිය ආරක්ෂාව දමාගෙන සිටී , රටවැසියාට යුද්දය තිබුන කාලයටත් වඩා දරුණු විය , අද මිනිසුන් මැරෙන්නේ පාලකයාගේ වාහන වලට යටවෙලාය ,
    ඉතින් යුද්දය නිමාකල නිසා කාලගුණ සලකා දුන්නු වසර 6 දේව සාපයෙන් 4 දක්වා අඩු කර පාලකයා එලවා දැමීමට අවස්ථාවක් උදාවිය .

    ReplyDelete
  2. කළගුණ සලකන්න නෙමෙයි ඡන්ද තියෙන්නේ....... රටේ අනාගතය අපේ නියෝජිතයෙක්ට භාර දෙන්නයි.... අපි දුන්න ඡන්දයට ඒයාලා අපිට කළ ගුණ සැලකුවා මිසක් අපි අායෙම කළ ගුණ සලකන්න ඔ්න නැහැ..... අනික අපි මිනිස්සු මැරිච්ච ගෑණුන්ට කීප පාරක්ම රට දුන්න කට්ටියක්............ අායෙත් ඒ හරක් වැඩේ ම කරනවාද???

    ReplyDelete
  3. රෙද්දේ කාලගුණ සැලකීම තමයි ඉතින්. මේ අවුරුදු නවයට වෙච්ච දේවල් ලිස්ට් එකක් හැදුවනම් අම්මපා හිතෙනවා ඉතින් කාලගුණ සලකන්න, බයියා ට නෙවයි, උගේ..!@##$

    ReplyDelete