Tuesday, April 28, 2015

නොවේ එවන් උපවාස ලොවේ

 
අපෙ ලොක්කා ගෙනයන්නට
අල්ලස් කොමිසමට
හිතුවා මදි යහපාලකයෝ
උපවාසයක් කෙරුවෙමු අප
ලොක්කා වෙනුවෙන්
අපිට කන්නට ඉඩ දුන්
අපේම ලොක්කා
අහා කදිමය
නොවේ එවන් උපවාස ලොවේ
රෑට බතට ප්‍රයිඩ් රයිස් , ඩෙවල්ඩ් චිකන්
ආරක්ෂාවට පොලීසියෙන්
විස්කි සමග සෝඩා
කැන්ටිමෙනුයි බයිට් අපිට
රාත්‍රියට කිරි කෝපි
රෝල්ස් පැටිස් කේක් කාලා
බිල ගෙවපන් මහ ජනයා
කාඩ් ගහලා
සිංදු කියලා
බබාලාගෙන් ආතල් ගෙන
නිදාගතිමු පාපිස්සෙ

5 comments:

  1. ජනතාව විසින් තමන්ව නියෝජනය කරන්න පත් කරපු නියෝජිතයෝ ජනතාව විසින් ම පරාජය කරපු මිනිහෙක් රකින්න දුක් විදින තරම.... අනේ මෙහෙමත් නාඩගං

    ReplyDelete
  2. කුකුලා තුන් වරක් අඬලන්න පෙර තොපේ ලොක්කා ව ඔහුගේ ගෝලයන් විසින් පවා දී තිබුනි...

    එතුමා පසුදින පැවත්වූ ඉතා අපක්සපාතී නඩුවකින් පසු කුරුසගත විය.

    අපේ ලොක්කා සබ්ජෙක්ට් එක දන්න නිසා එවන් අතුරු ආන්තරාවක් නැතිව බේරුනේය...

    ReplyDelete
  3. සරස තොපේ ලොක්කා අද හෙටම,දේශපාලනයෙන් මැකී යනවා, එදාට හැම බ්ලොග් එකකම,කුලියට කහින සරස සර,සර ගා බ්ලොග් ලොවින් මැකියයි.

    ReplyDelete
  4. මමත් එනවා බං හැමදාම වුනත් ඔහොම උපවාස කරන්න පුලුවන් නම්.

    ReplyDelete