Tuesday, January 19, 2016

මේ රටේ මිනිස්සු

 
 
මිරිදිය මාලු වගෙ නොව  කරදිය මාලු කෑ විට      පව්  නැතිය
 
ගම් බිත්තරේ පව් කඳකිය  ෆාම් බිත්තරේ  සිල්වත්    බෞද්ධය
 
මස් කෑවාම පව් පිරුණට හාල් මැස්සෝ නම්         කම් නැතිය
 
රටේ හරක් නොමරා  ගවමස් පිට රටින්  කෑවම     අපි  ගොඩය

18 comments:

  1. කියල කට ගන්න ඉඩක් නැහැ... නාකි හරකෙක් අද මලා නේ...

    ReplyDelete
    Replies
    1. නාකි හරක් දියවන්නාවේ අහවල් හිංසනය කරනවලු.

      Delete
  2. රටේ හරක් නොමරා ගවමස් පිට රටින් කෑවම අපි ගොඩය//// මෙහෙමත් හරක්

    ReplyDelete
  3. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු,,,(රටේ මිනිස්සු කියන තැනට දේස පාලුවෝ කියල දාගත්තට වරදක් නැ හිටන්.)

    ReplyDelete
    Replies
    1. //මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු//

      එක අපේ අනන්‍යතාවය නේ.

      Delete
  4. සුපුරියි මචෝ..

    ReplyDelete
  5. ඔස්ට්‍රේලියාවේ හරක් මැරුවාට පව් නැහැ. මොකද බුදු හාමුදුරුවෝ එහෙට මයිග්‍රේට් කලේ නැහැ ලකුණු මදිවෙලා. මෙහාට විසිට වීසා ගහගෙන තුන්පාරක් ආවනේ. ඒක නිසා මෙහෙ හරක් මරන එක පව්.

    ReplyDelete
    Replies
    1. බුදුහාන්දුරුවන්ගෙන් කිසි කේස් එකක් නෑ ගොන් හාන්දුරුවන්ගෙන් නේ කේස් එක තියෙන්නේ..

      Delete
    2. ඉයන් ඔබේ කතාව කරුණු නොදැන කියන්නක්. බුදුන් වහන්සේ ඔස්ට්‍රේලියාවට නොවැඩියා පමණක් නොව, ඇමරිකාවට, යුරෝපයට, අප්‍රිකාවට වැඩියේත් නැහැ. ඊට හේතුව වන්නට ඇත්තේ, ඒ කාලයේ ඒ රටවල් එතරම් ජනාකීර්ණ නොවීම/ ධර්මාවබෝධයට තරම් සුදුසු බුද්ධියක් ඇති ජනතාව නොසිටීම/ ඒ රටවල් සමග ඉන්දියාවේ සම්බන්ධයක් නොතිබීම/ වන්නට පිළිවන්. ලකුණු මදිවීම වැනි කතා කියා, ආගම් කර්තෘ කෙනෙකුට අපහාස කරන්න එපා. කිසිම ආගම් කර්තෘ වරයෙක්, වීසා සඳහා ඉල්ලීමක් කර ලකුණු මදිවීමෙන්, රට රටවලට නොගොසින් සිට නැහැ.

      බුදුහාමුදුරුවන් වැඩියා කියා, මෙහෙ හරක් මැරීම පව් වැඩි ක්‍රියාවක් වන්නේවත්, නොවැඩියා කියා ඕස්ට්‍රේලියාවේ හරක් මැරීමෙන් පව් අඩුවෙන්නේවත් නැහැ. මදුරුවෙක් මැරුවත් ඒ පාපයක්. එය පාපයක්ද නැද්ද කියා පිළිගැනීමේ නිදහස බෞද්ධ දර්ශනය තුළ තිබෙනවා.

      තමන් කරන ඕනෑම කාර්යයක් තම බුද්ධි මට්ටම අනුව/සමාජ සම්මතය අනුව/රටේ නීතිය අනුව/ආගම ධර්මයෙන් පෙන්වා දෙන ආකාරය අනුව/ හරිද වැරදිද කියා, සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම පුද්ගලයකු, තම හෘද සාක්ෂියට අනුව දන්නවා.

      බෞද්ධ දර්ශනය සහ ජනප්‍රිය ලෙස අදහන බුද්ධාගම අතර, අහසට පොළොව මෙන් විශාල පරතරයක් තිබෙනවා. මේ ලිපියට ප්‍රස්තුතය වී තිබෙන්නේත්, බෞද්ධ දර්ශනය නොව, ජනප්‍රිය බුද්ධාගම සහ දේශපාලනයයි.

      මාතලන් සරල වචන වලින් කියා තිබෙන්නේ, බෞද්ධ දර්ශනයේ වරදක් නැත, විවිධ භික්ෂූන් වගන්සේ විසින් ඊට වැරදි අර්ථකථන සපයා තිබෙනවා, යන්නයි. එයට මමත් එකඟයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔන්න මමත් හොඳවෑයින් අහගන්නයි යන්නේ ...

      බුදු හාමුදුරුවෝ තුන් සැරයක්ම ලංකාවට ආවා කීවත් එයාට ආපු වැඩේ හරියට කරගන්න ලැබිලා නෑනේ,ටික කාලෙකට පස්සේ අශෝක මිහිදුව මෙහාට එවන කොට මෙහේ හිටිය ඔක්කෝම ආයේ මිථ්‍යා දෘස්ඨිකයෝ වෙලාලු. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මාවබෝධයට තරම් සුදුසු බුද්ධියක් ඇති ජනතාව න් මෙහෙ ඉන්නවා කියල හිතාන හිටියනං ඒ කාගේ හරි කෙප්පෙකට අහුවෙලා වෙන්න බැරිද? එහෙම නැතිනම් බුදු හාමුදුරුවෝ තියරිය දැම්මට වැඩ්ඩ අශෝක ද?

      Delete
    5. බුදු සාදු ලංකාවට ආවා නම් ඒ ආවේ මෙහේ ඒ කාලේ බණ තේරෙන අය හිටිය නිසා නොවෙයි නේද? ලොක්කන්ව හමු වෙන්න, යුද්ධ කටයුතු බේරන්න වගේ කේස්වලට නේ ආවේ.

      ලංකාවට ආවාට, ඒ දිනවල අද වගේ ප්ලේන් නොතිබුණු නිසා නැව් මගින් ඕස්ටේ‍ර්ලියාට / ඇමරිකාවට යන්න හෝ ගැල් සාත්තුවකින් යුරෝපෙට යන්න මාස ගානක් යනවා. රජගහ නුවර සිට කිඹුල්වතට තාත්තා බලන්න යන්නත් කොච්චර කල් ගියාද?

      Delete
    6. බුදුහාමුදුරුවෝ කවදාවත් ඉන්දියාවෙන් පිටතට වැඩියේ නැහැ කියා හිතමු. ඉතින් අපිට මොකද. අපිට වැදගත් වියයුත්තේ භක්තිය වැඩි කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන බෞද්ධ සාහිත්‍යකතා නෙවෙයි. අපිට වැදගත් වියයුත්තේ බෞද්ධ දර්ශනය තුළ යම් හරයක් තිබෙනවාද නැද්ද යන්නයි. බෞද්ධ දර්ශනය යනු ජනප්‍රිය බුද්ධාගම නොවෙයි. භක්තිය තුළින් ඇදහීමෙන් පලක් වන්නේ නැහැ. ශ්‍රද්ධාව තුලින් යථාවබෝධය වර්ධනය කරගැනීමයි වැදගත්. කිසිදු ආගම් කර්තෘ වරයකුට යමෙකු අපහාස මුඛයෙන් කථාකරන්නේනම් ඒ පුද්ගලයා පෙන්වන්නේ තම නොහික්මුණු බව, අශිෂ්ඨත්වය සහ නූගත්කම පමණයි.

      Delete
  6. වැඩිහිටියෙක් ආගමික විශ්වාස මත පදනම් ව ආහාර තෝරා බේරා ගත්තාට එහි වරදක් නෑ, ඒත් කුඩා දරුවන්ට මාංශ ප්‍රෝටීන් ලබා නො දීම ඔවුන් ගේ අයිතිවාසිකම් පැහැර ගැනීමක්, මානවයා ජීව විද්‍යාත්මක ව ශාක භක්ෂකයකු නොවන නිසා වර්ධනයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල කීපයක්ම ලබා ගන්නේ සත්ව මූලාශ්‍රවලින්, ඒ වගේ ම දරුවන් වැඩෙන වයසේ දී සත්ව ප්‍රෝටීන් නිසි පමණ නො ලැබීමේ වෙනස ලංකාවේ සහ පකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ සංසන්දනය කිරීමෙන් බලාගත්තෑකි.
    මානවයා ගේ බුද්ධිය ශීඝ්‍රයෙන් දියුණු වුනේ මාංශ ආහාර ගැනීමත් ඒවා ගින්නෙන් පිස ආහාරයට ගැනීමත් නිසා ය කියනවා, ශාක ආහාරයට ගත්තානම් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න දවසම කකා ඉන්න වෙනවලු හරකුන්ට වගේ.

    ReplyDelete
  7. හරක් මැරීම ගැන විතරක් කතා කරන අය නොදැනුවත් කමින් හරි අනුගමනය කරන්නේ පින් පව් ගැන යමක් නෙවෙයි.එයාලා පැරණි ලාංකීය ගැමි කෘෂිකර්මය කියලා දෙයක් ඔලුවේ තියාගෙන ඒකේ සම්මතයන්ට බැඳිලා.ඔය පැරණි ගම්මාන වල කෘෂිකර්මය සිද්ධ කරන්න ඕන වුන ප්‍රධානම නිෂ්පාදන උපකරණය වුනේ ගවයා. ඉතින් ගවයා තමයි උතුම්ම දේ වුනේ.ඒක අවිහිංසාව මතම පදනම් වෙච්ච දෙයක් නෙවෙන්නේ ගව මස් නොකව් කිව්වට මුව,ගෝන ඒ තියා කුකුළු මස් නොකව් කියලා සටන් පාඨ මතු නොවීමෙන්. ඉතින් ලංකාවේ මධ්‍යම පංතියට ඔය හරක් මරණ එක ප්‍රශ්නයක් වෙන්නේ ඒක ලංකාවේ වෙනව නම් විතරයි. (අනික් ඒවටත් එහෙමයි,තමන්ගේ ගෙදර කුණු එළියට දාන්න පුළුවන් නම් මොකාට කෙළ වුනත් කමක් නෑ, තමන්ට කාර් එක ගන්න පුළුවන් නම් ඕන ඕන විදිහට යන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ.හැබැයි තමන් නීතිය කඩන එක අහුවුනාම ඇයි අරුත් කරනවනේ කියලා විතරය් කියන්න දන්නේ)

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ කෙසේ වෙතත්, මේ වත්මන් හරක් මස් විරෝධය යටින් තියෙන්නේ මුස්ලිම් විරෝධයක් බව මගේ නිගමනයයි.

      Delete
  8. කණාමැදිරියෝ කවිය නම් කිසිම විරිතකට නැත. එනිසා ඒ අතින් නම් මෙලෝ රහක් නැත!

    ReplyDelete