Saturday, January 9, 2016

සංචාරක ව්‍යාපාරය නව මගකට නොහොත් හක පුරවා සුද්දන් ගෙන්වීම

 

පසුගිය කාලයේ සිදු වූ නොයෙක් හේතුන් නිසා යම් තරමකට බිඳ වැටී තිබූ ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සි‍ටුවීමට බස්නාහිර පලාත් මහ ඇමතිවරයා  අලුත්ම ක්‍රම වේදයක් සොයාගෙන තිබේ.

ඒ  බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ සභාපති කමට මහාචාර්ය " විශ්ව කීර්ති"  කීර්ති දිසානායක සූරින් පත් කිරීමෙනි.

මහාචාර්ය කීර්ති දිසානායක යනු අන් කිසිවෙක් නොව නමෝ නාරයන් නම් ගුප්ත විද්‍යාමධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිතූ පැතූ සම්පත් දෙනවා යැයි  ජනතාව අතර  මිථ්‍යා මත වපුරන බංකොලොර්හ් ස්වර්ණවාහිනිය මගින් කියමින්   හක් ගෙඩි විකුණන   විශ්ව කීර්ති නාමධාරි කීර්ති දිසානයක තුමාමය.

දැන් අභිනව සභාපති මහාචාර්ය තුමාගේ හක් ගෙඩියේ බලයෙන්, සංචාරකයින් වැල නොකැඩී බස්නාහිර පලාතට පැමිණ  ඉසුර දේවප්‍රිය මැතිතුමාට පමණක් නොව සකල බස්නාහිර පලාතටම  යස ඉසුරු පහල වී කිරිපැණි උතුරා යනු ඇත.අපිත් හක පුරවා එතුමලාට   සහය වෙමු.

ඕං නමෝ නාරයන් ඒස්වා හහ්

6 comments:

  1. අර ගොඩ ගැහිච්ච කුනුත් ඔය හක් ගෙඩියෙන් ඇදල දෙයි හෙනං
    ඕකට නෙ හැබෑම ආස්චර්ය කියන්නෙ හිටං

    ReplyDelete
  2. ඒ කාලේ සින්හල බොග් අවකාසේ ඩුප්ලිකේට් සින්හනාද පවත්වා යහපාලනේට කඩේ ගිය කලාමැදිරියාට හක පැනලා ය......

    තව ඉදිරියට ඔයිටත් වඩා ගොන් පාට් බලාපොරොත්තුවන්න...

    ReplyDelete
    Replies
    1. සරසා ඒ කියන්නේ ඒ කලෙත් හොඳ නැහැ. දැනුත් හොඳ නැහැ කියල නේද. ඒකෙ වැරැද්ද මොකක්ද? දන්ත වෛද්‍යවරයෙක් වැරදියට දතක් ගැලොව්වොත් එයට නඩු දාල වන්දියක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දේශපාලකයෙක් වැරදි කරන කොට එහෙම බෑනේ. ඒ නිසා උන්ව විවේචනය කරලා එලවන්න ඕනේ. පුරවැසියාගේ යුතුකම තියෙන්නේ එතන.

      Delete
  3. රටට කෙසේ වෙතත් මහාචාර්ය සභාපතිගේ නම් ඉසුර වැඩි වෙයි.බස්නාහිර මහා ඇමති කියන්නේ නම් හැබෑම හරකෙක්.

    ReplyDelete
  4. මොහු මහාචාර්ය පදවිය ලබා තිබෙන්නේ කොහෙන්ද? කුමන විෂයයක් යටතේ කුමන විශ්ව විද්‍යාලයකින්ද? එක හකක් පූ ගාලා පෙන්නලා මොහු කරන්න හදන්නේ කුමක්ද?

    ReplyDelete
  5. හක් විකුණා කර්මාන්තය ගොඩ දමමු මලේ....

    ReplyDelete