Monday, February 29, 2016

බද්යුද්දින් ගොනා ගොනා ,ගොන් පනතක් ගෙනා ගෙනා,

  1.  


බද්යුද්දින් ගොනා ගොනා
ගොන් පනතක් ගෙනා ගෙනා,
විතානගේ නගුට වනා
ඒ පනතට එකඟ වුනා ,


මේ 1976 දී එවකට අධ්‍යාපන ඇමැත්තා වු  බද්යුද්දින් මොහමඩ් ගෙනා පනතකට එරෙහිව සරසවි සිසුන් ගෙන ගිය විරෝධතා වලදී කියවුන සටන් පාඨයකි. මගේ මතකයේ හැටියට පේරාදෙණිය සරසවියේ රෝහණ වීරසූරිය සිසුවා මිය ගියේද මෙම උද්ඝෝෂණවලදී විය යුතුය.

මහාචාර්ය විතානගේ යනු එවකට පේරාදෙණිය මණ්ඩපයේ මණ්ඩපාධිපති වරයාය. එවකට පැවතියේ ලංකා විශ්වවිද්‍යාලය නමින් එක විශ්වවිද්‍යාලය වන අතර පේරාදෙණිය,කොළඹ ,  කැළණිය ආදිය හැඳින්වුනේ මණ්ඩප වශයෙනි.

එදා සිට මේ වනතෙක් ම සිටි අධ්‍යාපන ඇමති වරුන් ගොන් පනත් ගෙනෙන විට  ඒ ඒ කාලවල සිටි සමහර උපකුලපතිවරුද නගුට වනා එම පනත්  පිළිගත් ‍තෝය  .මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, වැන්නෙක් කලාතුරකින් එසේ නොකළ බවද කිව යුතුය.ශිෂ්‍යයෝද අහවල් ඇමති ගොනා ගොනා ගොන් පනතක් ගෙනා ගෙනා ආදි වශයෙන් කියමින් උද්ඝෝෂණය කලෝය. 

නමුත් පත්වෙන කිසිම අධ්‍යාපන ඇමතියෙක් පරණ කවි සිංදු වලින් පාඩම් ඉගෙන ගන්නේ නැත.

දැන් කිරිඇල්ල ඇමතිවරයාද ගොන් වැඩක් කර තිබේ.විශ්ව විද්‍යාලයකට තබා මොන්ටිසෝරියකටවත් ගුරුවරුන් බඳවා ගැනීමට  නොකල යුතු  වැඩක් එනම් , අහවල මගේ සපෝටර් කෙනෙක් ය, ඔහු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට බඳවා ගන්න මෙන් දන්වා තමන් අධිනීතිඥයෙක් යැයි කියා ගන්නා  ඇමතිවරයා ලිපියක් නිකුත් කර තිබේ. මෙය නම් වැස්සකට වත් විශ්ව විද්‍යාලයකට  තබා මොන්ටිසෝරියකටවත් ගොඩ වූවකු නොකරන වැඩකි.

ඇන්නාවයි, ලංකාවේ උසස් අධ්‍යාපන ඇමත්තා ඒ ගොන් වැඩය කර තිබේ.  එදා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුව  තුල කල හැම දෙයටම හොට දා බෙරිහන් දෙන රෝල් එක අද කරන්නේ ද මේ කිරිඇල්ල ම බව සිහි වෙන විට , ඔහුට උසස් අධ්‍යාපන ඇමති දූරයට අමතරව මහාමාර්ග ඇමති කමද දුන්නේ මක් නිසා දැයි අපට සිතා ගත හැක. සරසවි සිසුන් පමණක් නොව ඇදුරන් ද මහ පාරට ඇද දැමීම ටය.

කෙසේ නමුත් අද තත්වයට ගැලපෙන්නට නම් අපේ කවිය මදක් සංස්කරණය කළ යුතූය.

කිරිඅලයා ගොනා ගොනා
ගොන් ලියුමක් දෙනා දෙනා
....................................................
..................................................


 අපට ඇති එකම සතුට නම් අද සිටින උපකුලපතින්ට රෙද්දක් ඇඳ ගෙන එම පනත් හෝ ලියුම්  බාර ගැනීමට  නොහැකි තත්වයක් උදා වී තිබීමයි .කථිකාචාර්ය තනතුරක් සඳහා මෙවැනි ලිපියක් ඉදිරිපත්  කල අගග්ගයා ගැන නම් කතා කිරීම කිසිම පලකට නැති දෙයකි.

7 comments:

  1. දේශපාලන විද්‍යාව පිළිබඳ කතිකාචාර්ය තනතුරක්නේ ඉල්ලන්නේ . මුන්නැහේ දේශපාලන විජ්ජාව හොදට දන්නවා කියන්න මේලයුමෙන්ම පේනවානේ .ඉතිං තවත් සුදුසුකම් ඕනනෑ මෙයටම ඕක දෙන්න කියන්න.

    ReplyDelete
  2. යකාගේ මිනිස්සුනේ.......

    ReplyDelete
  3. කිරි ඇල්ල ඇනගෙන

    ReplyDelete
  4. /* ශිෂ්‍යයෝද අහවල් ඇමති ගොනා ගොනා ගොන් පනතක් ගෙනා ගෙනා ආදි වශයෙන් කියමින් උද්ඝෝෂණය කලෝය. */

    පොකුරු පාසල් පනත කාලේ "රනිල් කියන ගොනා ගොනා ගොන් පනතක් ගෙනා ගෙනා" ලෙස කී බව කියමින් ඒ කාලේ පාසල් සිසුවෙකඔව සිටි ඉකොනොමැට්ටා ලිපියක් ලියූවේය.
    http://economatta.blogspot.com/2016/02/blog-post_21.html

    එය ලංකානිවුස්වෙබ් හා සම්බන්ධ නෙලුම් යායේ උපුටා පළ කරන විට රනිල් ගේ නම නිසා ලිපියේ මාතෘකාව වෙනස් කිරීමට සාර්ථක බලපෑම් ලැබී ඇත!
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3039-2016-02-24-23-32-59

    මෙන්න නව යුගයේ මුහුදු හතකින් එහා හෙංචයියන් ගේ මාධ්‍ය මර්ධනය.....!!!

    ReplyDelete
    Replies
    1. කලාමැදිරියාට නම් රනිල් කියන ගොනා ගොනා, ගොං පනතක් ගෙනා ගෙනා යැයි කීමට ප්‍රශ්නයක් නැතැයි සිතමි!

      Delete
  5. ඔහොම තමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය,සභානායක ධුරය වගේ එව්වා තියෙන්නේ හැම දෙයටම හොට දා බෙරිහන් දෙන රෝල් එකට තමයි හිටං.

    ReplyDelete