රාජපාක්ෂික දඩ බල්ලන්ගේ කෲර මර්ධනයට නොබියව මුහුණ දෙමින් , නිදහස් අධ්‍යාපන අයිතීන් මෙන්ම පොදු ජන නිදහස වෙනුවෙන්ද ඔව්හු සටන් කළහ.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩ නංවමින් තම ලේ, කඳුලු, දහඩිය මතින් ඔව්හු එය පෝෂණය කළහ.
එදවස පැවති ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ නිල හා නොනිල වධකාගාර තුල අත් පා කපා දමා, ඇස් , කන් උගුලවා හිසට ඇණ ගසා ඔවුන් මරා දැමුණි.
සමූහ මිනී වලවල් තුලත්, මහමග අද්දර ගිනිගත් ටයර යටත් ,ඔව්හු තම අවසන් ගමන් ගියහ.
පෞද්ගලික සුඛ විහරණයන් පසෙක ලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරමින්, අනේක වධ බන්ධනයන්ට ගොදුරු වී , ඒ අඳුරු හා බියකරු යුගයේදී ඔව්හු තම ජීවිතය කැප කළහ.
මේ සටහන ඔවුන් වෙනුවෙනි
රස නැති කැවිලි කා වන පොත් කළ දරුවෝ
රකුස් සෙනග විත් උන් හට වද කෙරුවෝ
විසල් නුවර ලෙස මුළු රට ගිනි දැමුවෝ
හදින් සිදුරු වූ උණු රුධිරය හෙලුවෝ
රකුස් සෙනග විත් උන් හට වද කෙරුවෝ
විසල් නුවර ලෙස මුළු රට ගිනි දැමුවෝ
හදින් සිදුරු වූ උණු රුධිරය හෙලුවෝ
ගිනිගත් ටයර යට නුඹ දැවුණේ ද ස කි
ගඟ දිය මතින් මුහුදට පා වී ද සකි
සගයන් සමග පොදු වලකට වී ද සකි
අඩුවක් කන්න උඹ ආයෙත් ඒ ද සකි
ගඟ දිය මතින් මුහුදට පා වී ද සකි
සගයන් සමග පොදු වලකට වී ද සකි
අඩුවක් කන්න උඹ ආයෙත් ඒ ද සකි
(ජූනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනයයි)