Saturday, June 18, 2016

සෝමවංශයට පසු වදනක්


 
සෝමවංශ අමරසිංහ යනු කිසි දිනක මගේ ප්‍රියතම දේශපාලකයෙක් වී සිටියේ නැත. ඇත්තම කිවහොත් ඔහු ගැන තරම් දුරට අප්‍රසාදයක්ද මගේ හිතේ තිබුණේය. විශේෂයෙන් පැය ගණන් ගත කරමින් ඔහු වේදිකා මත කරන අග මුල නැති කතා ගැන මා සිටියේ දැඩි අප්‍රසාදයකිනි.
 
එහෙත් පුද්ගලයෙකු වශයෙන් ඔහු ඉතාම ප්‍රිය මනාප විය. 89 දෑවන්ත සංහාරයෙන් පසු විනාශ වූ ජවිපෙ නැවත ගොඩ නැගීමට ඔහු මහත් මෙහෙයක් කලේය.ධවල භීෂණයෙන් පණ බේරාගෙන ඔහු පලා ගිය සැටි ගැනත්, එතෙරදී ඔහුගේ සමහර ක්‍රියාකරකම් ගැනත් විවේචන තිබෙන බව සැබෑ මුත් වැ‍ටුනු පක්ෂය ගොඩ නගන්නට ඔහු ගේ කැප වීම අවතක්සේරු කළ නොහැක. සමහර විටක ඔහු නොසිටියේ නම් මීට වඩා හොඳ විදියකට සියල්ල සිදු වීමට ඉඩ තිබුණේ යැයි කෙනෙකුට කිව හැකි වුවද ( W3LANKA පැරා වැනි අය) ඔහු සිටි නිසා ඒ ගැන කතා කිරීම අදාල නැති දෙයකි.
 
නැගීටීමට මෙන්ම 2004න් පසු  පක්ෂයේ වැටීමටද ඔහුගේ ක්‍රියා කලාපය මහත්සේ දායක වූ බව නොකියා බැරිය.සෝමවංශ සහෝදරයා නොහොත් සිරි අයියාගේ සභාගවාදි , ජාතිකවාදි දේශපාලනය ජවිපෙට විශාල හානියක් කල අතර තවමත් එයින් ගොඩ ඒමට හැකියාවක් ලැබී නැත. සමහර විටෙක් ලැබෙන්නේද නැති වන්නට පුලුවන.
 
සිරි අයියාගේ ජීවිතයේ අවසාන කාලය මහත් ඛේදවාචකයක් විය. සමහර විට ඔහු ආ ගමනේ තර්කාන්විත අවසානය එය විය හැක.
 
මේ සියලු  අඩු ලුහුඬු කම් තිබියදී වුවද  ඔහුගේ නිහතමානි කම, නාහෙට නාහන ගතිය, සෘජු බව හා කැපවීම අනර්ඝය. ඒ සියල්ලටත් උඩින් මා ඔහුට කැමති වතාවක් පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කී දෙයක් නිසාය.
 
ඔහුගේ සොහොයුරියක් ගණිකා වෘත්තියේ යෙදුනේ යැයි එකල චෝදනවක් එල්ල වෙමින් පැවති අතර ඒ ගැන පුවත්පතේ ලේඛකයා විමසු විට ඔහු දුන්නේ  සොඳුරු පිළිතුරකි.
 
"ඇය ගණිකාවක් වුනත් ඒ මගේ සහෝදරියයි"
 
තමන් අතින් රිය අනතුරක් වූ විට පවා පලා යන දේශපාලකයින් අතර එලෙස කෙලින් කතා කිරීමට ,හැකි උන්   ඉතා විරලය.
 
ඔබට සුව නින්දක් සිරි අයියේ.

(සටහන- සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ මරණය ගැන තමන්ට කිසි හැඟීමක් නැතැයි W3LANKA ලියන අජිත් පැරකුම් සහෝදරයා කියා තිබිණි. එතුමාට කොහොමටත් කිසි දෙයක් ගැන,  විශේෂයෙන් එතුමාගේ අතීතය ගැන කිසි හැඟීමක් නැතැයි පෙන්වන්නට ලොකු උත්සාහයක් ගනිමින් සිටී. ඒ ගැන අපි එතුමාට සුබ පතමු. එතුමා මේ ගැන තමන්ගේ ශාස්තෘ පොතේ ද ලියා තිබුනේ යැයි ඊ ලඟට කියනු ඇත. එම නිසා අපි එතුමාගේ ශාස්තෘ පොතට ද සුබ පතමු.)

11 comments:

  1. ලංකාවේ සිටි දුෂිත දේශපාලකයන් අතර සිටි හොඳ දේශපාලකයෙකි. නමුත් මාක්ස්වාදී දේශපාලකයෙක් වශයෙන් අසාර්ථක වූ අයෙකි.

    ReplyDelete
  2. Ajith Dharma ලියන ඉහත වාක්‍ය දෙක ඔහු ගැන මෙතෙක් කියවන ලද විග්‍රහයන් හා ගුණ කථනයන් සියල්ලටම ඉහළින් ඇති බව මගේ හැඟීමයි

    ReplyDelete
  3. ෆේස්බුක් එකේ අරුණ ප්‍රේමරත්න මෙසේ ලියා තිබුණි.

    "අන්තිමේදී සෝමවංශ ලා අපට ඉතිරි කර ඇත්තේ වීරවංශ ලා පමණි."

    ReplyDelete
  4. පුද්ගලයකු වශයෙන් ඔහු කෙබඳුදැයි කීමට මට දැනුමක් නැහැ. නමුත් දේශපාලනඥයකු වශයෙන් මමනම් හිතන්නේ ඔහු අසාර්ථකයි. ඔහු කතා පවත්වන විට තිබෙන්නේ, ගැඹුරු බවට වඩා, හාස්‍යජනක බවක්.

    ReplyDelete
  5. නිවන් සුව අත් වේවා....!

    (මොකෝ අන්තීමට නැවතුනේ, අධි බෞද්ධ කම්බ හොරෙක් ළඟ)

    ReplyDelete
  6. සෝමවංශ මහතාට නිවන් සුව පතනවා...

    ReplyDelete
  7. අසාර්ථක අවසානයක් කරා ලඟා වූ සුන්දර දේශපාලඥයෙක්.

    ReplyDelete
  8. batahira engalanthayen, mavubimata sapath wee 3 weni waratah karali ganawa kiyuwe ohuya. Labben ho LTTE ekata gasiyayuthu Danapathi MARA`ta yojana kale ohuya.

    ReplyDelete
  9. batahira engalanthayen, mavubimata sapath wee 3 weni waratah karali ganawa kiyuwe ohuya. Labben ho LTTE ekata gasiyayuthu Danapathi MARA`ta yojana kale ohuya.

    ReplyDelete