දේශමාන්‍ය ඩේව් වට්මෝර් |
බැරි වෙලාවත් මුරලිගෙන් උපදෙස් ලැබූ පන්දු යවන්නන්ට අත දිග හැර පහර දීමට ශ්‍රි ලංකා පිප්ති කරුවන්ට හැකි වූයේනම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොයන්නට ඉඩ තිබුණි.
නමුත් ඛේදයකි, ශ්‍රී ලංකා පිති කරුවෝ දැවී ගියේ මහ හුළඟකට අහු වුනු කාඩ් බෝඩ් ගෙවල් වගේය. ඉතින් කැන්ගරුවන් ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියා කැපුවා යැයි සිතා සිංහලයෝ දෙමල මුරලිට එරෙහිව අවි ආයුද ඔසවමින් සිටී.
පහතින් ඇත්තේ මෙම සිද්ධිය ගැන පල වූ ලිපියකට ලැබුණු ප්‍රතිචාරය.
Frank Martin japan
\
කන්න දෙන අත හපා කන එක දෙමල අයගේ ගතියකි…. කිසි දිනක ඔවුන් විස්වාස නොකරන්න
දෙමල කෝලාහල කාලයේ පන එපා කියා දුවන විට බේරා ගෙන තිබුනේ මම දන්නා සිංහල පවුලකි
දෙමල කෝලාහල කාලයේ පන එපා කියා දුවන විට බේරා ගෙන තිබුනේ මම දන්නා සිංහල පවුලකි
Do NOt trust tamils, coolies who came from India cannot be trusted at all. He has shown the qualities of all Tamils, This is an opportunity to see how Tamils can be bought to do any dirty act, Hello world, open up your eyes!!!! Now you can witness the nature of Tamils by yourself. Even his father is same, Kundasale Tamils were protected by the Sinhalaese people in the area. This is how he return the favor.!!!
වන්නාටය.
දැන් මේ මහත්තුරුන් කියන්නේ මුරලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණු කිරීම වැරදි බවයි. දෙමලුන්ගේ හැටි ඔහොම බවද ඔවුන් අපට කියති.
මුරලිට බැට දෙන අය අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, තිලංග සුමතිපාල ය. මේ උන්නැහේගේ ක්‍රිකට් කෙරුවාව වගේම ඔට්‍ටු කෙරුවාවද වෙන වෙනම නොව එකට තබා කතා කල යුතුය.
කෙසේ නමුත් මේ ශුද්ධ සිංහල මහත්තුරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ . එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් වශයෙන් වරින් වර සේවය කළ පහත අයවලුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ද යන්නයි.
1. මඳ කලකට ඉහතදී ශ්‍රී ලංකා වාසි ක්‍රිකට් ලෝලින්ගේ වීරයෙකුව සිටි ඩේව් වට්මෝර්
2. ටොම් මූඩි
3. ට්‍රෙවොර් බේලිස්
4.පෝල් ෆාබ්‍රේස්
5.ග්‍රැහම් ෆෝර්ඩ්
6. ජෙෆ් මාර්ෂ්
7. බෲස් යාර්ඩ්ලි
මේ සියල්ලන් පසෙක තැබුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මහ රසිකයා වූ ටෝනි ග්‍රෙග් ගැන තත්වය කුමක්ද?
මොවුන් සියලු දෙනාම විදෙශිකයන්ය. දැන් අප ඉදිරියේ ඇත්තේ අමුතුම උභතෝකෝටිකයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට විදෙස් පුහුණු කරුවන්ගේ සේවය ලබා ගැනීම කැපය. හැබැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට පුහුණු කරුවන් වශයෙන් වෙනත් රටවලට සේවය ලබා දිය නොහැක. මාරය.
නමුත් බල්ලන් බිරුවාට තවලම යයි.එම නිසා මෙම ඊනියා දේශප්‍රේමි මහත්තුරුන්ගෙ ප්‍රාර්ථනා ඉටු වන්නේ නැත.
ශ්‍රී ලංකාවට විදෙස් පුහුණු කරුවන් මිලට ගැනීමට අයිතියක් ඇත්නම් මුරලිට හෝ වෙන ඕනෑම කෙනෙකුට තමන්ව විදෙස් රටකට විකීණීමටද එම හා සමාන අයිතියක් ඇත. මේ යුගයේ ඇත්ත එයයි.
ඔබට මුදල් තිබේනම් ඕනෑම දෙයක් මිලට ගත හැකිය. ඔබ ලඟ ඇති දේට ඉල්ලුමක් තිබේනම් ඔබට එය විකුණා ගත හැකිය. එතැනින් එහාට ඇති කෙහෙල්මලක් නැත. දේශප්‍රේමය , ජාති ආලය, ආගම් ආලය පමණ්ක් නොව පවුල පවා මෙම යුගයේ හුදු වෙලඳ භාණ්ඩ පමණි.
Para demallu Australia wa ta kath adina wa!!