Sunday, July 10, 2016

ආගමික මිථ්‍යාවන්ට එරෙහිව

 
අපාය, දිව්‍ය ලෝක, ලබන ආත්ම, සසර මේ දෙවල් ආගමික පොත්වල තියෙන කථාන්දර ටිකක් විතරයි .

දෙවියෝ, භූතයෝ, අපාය, ලබන ආත්ම කියන ඒවා තියෙන්නේ අවුරුදු දහස් ගණනකට කලින් ලියපු ආගමික පොත්වල විතරයි... මේ කිසිම දෙයක් ඇත්තටම පවතින දේවල් නෙවෙයි...

මේ කථාන්දර වුණත් ඒ ආගමික ශාස්තෘවරුම ලියපුවා නෙවෙයි නේ. අවුරුදු දහස් ගණනක් පවතිද්දී කාලෙන් කාලෙට පුජකයන්ගේ, භික්ෂූන්ගේ වාසියට වෙනස් කරපු, අලුතින් එකතු කරපු කථාන්දර ගොඩක් විතරයි මේ ආගම් කියන්නේ.. ...

 ( ආගමික ශාස්තෘවරුම කිව්වා කියන්න ඒ අයගේ හඩ පට, වීඩියෝ තියෙනවද? ..... ඒ අයම කිව්වත් මේ කථාන්දර ඇත්ත කියලා පිළිගන්න ඕන ද? )


පූජකයන්ට, භික්ෂූන්ට ලබා ගන්න දේවල්වලට මහා පින් කියලා හදුන්වනවා. මේවට රැවටුන ගෝත්‍රිකයන් තමයි හැම ආගමකම ඉන්නේ.
සාදු ! සාදු ! බං බං බෝලේ ! බොලෙ බෝලේ ! කිය කිය පිරිකර අරගෙන පෙරහැරවලින් පන්සලට යනවා.. ( PK )

ඇට කෑලි, දත් කෑලි, කොන්ක්‍රීට් පිළිම, ගස්, දෙවියන් (පොත්වල විතරක් ඇති) ළග වැද වැටෙනවා. ආගමෙන් අන්ධ වුණාම මේ ‘පොත්වල තියෙන කථාන්දර‘ ඇත්ත වෙන්න පුලුවන් ද කියලා හිතන්න කොහොමවත් ම බැහැ.

තමන්ගේ ආගමේ පොතේ තියෙන කථාන්දර හැම ආගමිකයට ම ඇත්ත.
තමන්ගේ ආගමික ගෝත්‍රයට අයත් වැකි හැම ආගමිකයම භක්තියෙන් කියවනවා.

මේ ගථාවල්, පිරිත් ..... හැම දෙයෙක්ම වසර දහස් ගණනක් පැරණි පොත්වල තියෙන නිසා ඔහේ කියවනවා. ලවුඩ්ස් පීකර් දාලා ඉගෙන ගන්න ළමයින්ටත් බාධා කරනවා.

පොත්වල විතරක් තියෙන, අපාය, ප්‍රේතයන්, නිරය, සසර වගේ දේවල් වලට පුදුම භයකින්ම තමයි මේ හැම ආගමිකයෙන්ම ජීවත් වෙන්නේ.
මේ පොත්වල තියෙන විකාර හැම ආගමිකයෙක්ම පුදුම භක්තියකින් කරන්නේ, ඒවා අතහැරීමට හිතන්නත් භය යි.

වසර දහස් ගණනක් පැරණි පොත්වල තියෙන නිසා නොකා නොබී ඉන්නවා, ඒවට නෝම්බි අරවා මේවා කියලා නම් දාගන්නවා.. දෙවියන් ලෝකය මැව්වා කියනවා... ‘අාබස්සර බ්‍රහ්මලෝකයෙන් ජීවය ආවා‘ කියලා තව කට්ටියක් කියනවා... 
   
දෙවියන්ගේ අහවල් එකෙන් මිනිහා මැව්වා කියලා තව ගෝත්‍රිකයන් කට්ටියක් කියනවා..

සාදු ! සාදු !...... බං බං බෝලේ !...... අල්ලා හු අක්බාර්... ආමේන් කිය කිය ආගමික උමතුවෙන් තම තමන්ගේ ගෝත්‍රයේ පොත්වල තියෙන ඒවා හරි කියලා කියන්න මොනවා හරි තර්ක ඉදිරිපත් කරනවා.

මේ පොත්වල තියෙන්නේ අවුරුදු දහස් ගණකට කලින් ලියපු පට්ටපල් බොරු වුණත් තමන් අයත්වන ගෝත්‍රයේ ඒවා ආරක්ෂා කර ගත යුතු යි කියලා කියනවා. තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් කථා කළ යුතුයි කියලා හිතනවා.

බොරු ගොඩක් ආරක්ෂා කරගන්නේ මොකටද? දෙමාපියන්ගේ හිමි වුණාට, පරම්පරාවෙන් පැවත ආවට අපි මේ බොරු අපේ ඒවා කියලා ආරක්ෂා කර ගන්නේ මොකටද? මේවා නැති වුනාම මොකද?

මේ බොරු නැති වුනාම ලෝකයට වෙන්නේ හොදක් තමයි. අපි මොකටද මේවා රැක ගන්නේ?

මේ මිනිස්සුන්ට ජාතිය, කුලය, ආගම කියන මේ ගෝත්‍රවලින් නිදහස් වෙලා මිනිසෙක් විදියට විතරක් පෙනී ඉන්න වුවමනාවක් ඇත්තෙම නැහැ.

මේ ගෝත්‍ර කිසිවකට අයිති නැති සැබෑ මිනිසෙක් වෙන්න පුලුවන් නම්, මේ ගෝත්‍රවල පොත්වල තියෙන බොරු ආරක්ෂා කරන්න ඕන නෑ.
පන්සල්, පල්ලි කෝවිල් හදනවා වෙනුවට පාසල් හදන්න පුලුවන්.
මිනිසුන් දැනුවත් වෙනවට ආගමිකයන් කැමැති නෑ. ඒ නිසා ම තමයි පූජකයන්, භික්ෂූන් නිතරම විද්‍යාවට බනින්නේ. විද්‍යාව බොරුයි කියන්නේ..


අවුරුදු දහස් ගණනක් පරණ පොත්වල ඇති කථාන්දර විශ්වාස කිරීම, අපාය, දිව්‍ය ලෝක, සසර, මතු ආත්ම වැනි කථාන්දර වලට භයේ ජීවත් වීම; හරියට ම නැති වැස්සකට භයේ කුඩයක් යට හැකීලී සිටීමක් වගේ.
ආගම, ජාතිය අත්හරින්න.... නිදහස්ව ජීවත් වෙන්න.. ජීවිතය විඳින්න..... සංවේදී මිනිසෙක් වෙන්න...

ඉස්සුවේ  https://www.facebook.com/profile.php?id=100005567415521&fref=nf

6 comments:

  1. යක්‍ෂයා ශබ්ද නඟා සිනාසුනේය



    එක්තරා යුගයක
    ආගම් නොමැති කාලයක් තිබුණි
    එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ
    මෙය දුටු යක්‍ෂයා කිපුනේය​
    මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීම
    යක්‍ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය​
    මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීම​ට
    යක්‍ෂයා ආගම් නිපදවන ලදි
    ඉක්බිති යක්‍ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය​
    ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන්
    කෝළහාල​ කර ගත්හ
    ආගමේ නාමයෙන් තම අසල්වාසියා
    පරි පීඩනයට ලක් කළහ​
    ආගමේ නාමයෙන් මහාජන සංහාර කළහ​
    ආගමේ නාමයෙන් බෙලි කපා දැමූහ​
    ආගමේ නාමයෙන් සමූහ දූෂණ කළහ
    මේ දුටු යක්‍ෂයා ශබ්ද නඟා සිනාසුනේය​

    ReplyDelete
  2. බහුං වෙ සරණං යන‍්ති
    පබ‍්බතානි වනානිච
    ආරාම රුක‍්ඛ චෙත්‍යානි
    මනුස‍්සා භය තජ‍්ජිතා

    මිනිස්සු ආගම් අදහන්න පටන් ගත්තෙ බිය නිසායි. ඒ බියෙන් ප්‍රයෝජන ගත්ත කපටියෝ පූජකයන් බවට පත් වෙලා ආගමික සංස්ථා ඇති කළා. අපි ඔක්කොම රැවටුනා. ආගම ඒ අතරෙ සංස්කෘතියට කා වැදුනා. දැන් අපට සංස්කෘතියෙන් පැනයන්න බැරි නිසා ආගම අදහන්න වෙලා.
    ඒත් මෝඩ මිනිස්සු හික්මවන්න ආගමක් වගේ යමක් ඕනැ වෙන බවත් මතක තියාගන්න ඕනැ.

    ReplyDelete
  3. හුඟක් ශාස්තෘවරුන් මැරුණට පස්සෙ තමයි පූජකයො මිථ්‍යා, පුදපූජා, කතා හදාගෙන ආගම් පටන්ගත්තෙ

    ReplyDelete
  4. යමෙක් යමක් භක්තිය පදනම් කරගෙන විශ්වාස කරනවානම් ඒකට තමා ආගම කියන්නේ ...අද වෙනකොට පක්ෂ දේශපාලනය පවා යම් කිසි ආගමික මුහුණුවරක් ගෙන තිබෙනවා ,,,තමන් ප්‍රාර්ථනා කරන ජීවිතයේත් ,,ලැබී ඇති ,නැතහොත් සමාජක්‍රමය විසින් ලබා දී ඇති ජීවිතයේත් අතර තියෙන හිඩැස පුරවාගැනීමට මිනිසුන් ආගම යොදා ගන්නවා ,,සාමාන්‍ය මිනිස්සු ඒ හිඩැස පුරවා ගන්න වෙන යම් දර්ශනයක් දන්නේ නෑ ...ඉතින් කුඩා කාලයේ ඉඳන් දන්නා ආගම ඒ කාර්ය කරලා දෙනවා ,,,අනික මරණයට ඇති බිය සහ අපේ විඥානයට ග්‍රහණය කර ගත නොහැකි දේවල් වලට ඇති බිය මිනිස්සු ආගමට නැඹුරු කරවනවා ,,,ආගම කියන්නේ මිනිසාගේ ආත්මීය අවශ්‍යතාවයක් ...විසිඑක් වන සියවසේ මහා ලෝකෝ විද්‍යාඥයෝ පවා දෙවියන් විශ්වාස කරන්නේ ඒකයි ....ඔබ කියන විදිහේ ජාතියක් ,කුලයක් ,ආගමක් නැති මිනිස්සු කවදාවත් බිහි වෙන්නේ නෑ ...මානව සංවර්ධනයේදී මිනිස්සු පරිසරයත් සමග ගනු දෙනු කරපු චර්යා රටා තමයි සංස්කෘතිය කියලා කියන්නේ ...යම් ජන කණ්ඩායමක් සංවිධානය වීමේ පරම නිෂ්ටාව තමයි ජාතිය ලෙස හැඳින්වෙන්නේ ...මිනිස්සුන්ගේ ලක්ෂණ සියල්ල අතීතය පුරාවට කරපු අරගල වල ප්‍රතිපල ...පශ්චාත් නුතනවාදී සංස්කෘතිය යටතේ මේ ජාතිය ,ආගම ,සංස්කෘතිය වගේ ඒවා අයින් කරලා ගෝලීය මිනිහෙක් හදන්න සහ එලෙස දෘෂ්ටිවාදයක් ව්‍යාප්ත කරන්නට පෙළඹවීමක් තිබෙන බව ඇත්ත ,,නමුත් එයින් වන යහපතක් නෑ ...කෙසේ නමුත් සියලුම ආගමික අන්තවාදයන්ට විරුද්දව විචාරයන් සිද්ද වීම යහපත් ,ඒ පිළිබඳව කතිකාවක් පැවතීම අත්‍යවශ්‍යයි ,,,

    ReplyDelete
  5. Budu Dahama gena ona vivadayakata anna

    ReplyDelete
  6. mohayen wasunu bayankara sithak obata thiyenne .

    ReplyDelete