Wednesday, May 3, 2017

මැයි දිනය හා වෙනත් ප්‍රශ්න



මෙවර මැයි දිනයෙන් පසු බ්ලොග් වල ෆේස් බුකියේ හා වෙනත් සමාජ මාධ්‍යවල පලව තිබූ නානාප්‍රකාර පෝස්‍ටු දැකීමෙන් මගේ හිතේ පහල වූ ප්‍රශ්නාවලියයි.

1. මෙවර මැයි දිනයේ වැඩිම සෙනගක් ගෙනාවේ කුමන පක්ෂයද?

2. මැයි දින සැමරුමක් සාර්ථක වීමට නම් කොපමණ සෙනගක් ගෙන ආයුතුද?

3. ඉතාමත් සංවරව  මැයි දින සැමරුම කලේ කවුද?

4.. වර්ග මීටරයක ඉඩ ප්‍රමාණයක් මිනිසුන් කී දෙනෙකුන්ට සිටිය හැකිද?

5.. මැයි දිනය දා අරක්කු බීම හොඳද?

6. මෙවර මැයි දිනයේ අරක්කු බීමේ තරඟයෙන් දිනුවේ කවුද?

7. මැයි දිනයෙන් පසු හොඳින්ම පිට්ටනිය ශුද්ධ කලේ කවුද?

8.පොලිස්පති තුමන්ලා මැයි දින ‍රැලි නරඹන්නේ මැයි දිනයක් හොඳට කරන හැටි ඉගෙනගන්නද?

9.මැයි දිනය සංක්‍රාන්ති ලිංගිකයන්ට හොඳ නැත්ද?

10. මැයි දිනය යනු ඇත්තටම කුමක්ද?

කඩ ඉම් ප්‍රශ්නය- ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු ආසනය ලාංකීය විප්ලවයට බලපාන්නේ කෙසේද?

3 comments:

  1. මෙන්න අපේ හයිය....
    එක සහෝදරයෙක් අරක්කු උගුරක් කටේ තියන්නේ නෑ ..
    සිගරැට් එකක් අතේ තියන්නේ නෑ ...
    එක පොලිතින් එකක් පාවිච්චි කරන්නේ නෑ ...
    හෙට උදේටත් BRC පිටිය ඊයේ විදිහම තමයි..
    එක කොළ කෑල්ළක් බිම දන්නේ නෑ ...

    ReplyDelete
  2. ජූනි පළමු වෙනිදා මැයි පළමු වෙනිදාට වඩා
    වෙනස් ඇයි?

    ReplyDelete
    Replies
    1. කම්කරු දිනය නිසානේ හරකෝ වෙනස් වෙන්නේ

      Delete