Sunday, May 28, 2017

යහපාලනයට ජයවේවා..



අපි කවදත් හිතුවේ මේ රටේ නිදහසින් පසු පහල වූ , පහල කර ගත් , හොඳම ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කියාය. මේ ආණ්ඩුවට කලින් තිබුණු මහරාජ ආණ්ඩුව කොරන ලද දේවල් නිසා ඒක එපා වූ මහජනතාව විසින් මේ සැරේනම් තට්‍ටු මාරු ක්‍රමයට වුනත් ඉතා හොඳ වැඩක් කර තිබේ. යහපාලන ආණ්ඩුව හැබෑවටම යහපාලන ආණ්ඩුවක් බව දැන් අපට ප්‍රත්‍යක්ෂ්‍යය.

ඒ බව පහුගිය අවුරුදු දෙකක ට වැඩි කාලයේ උන්නැහෙලා ක්‍රියාවෙන්ම ඔප්පු කොර තිබේ. බැඳුම්කර , සයිටම් විරෝධතා කරුවන්ගේ ඔලු පැලීම වැනි සුළු සුළු සිද්ධි මතක් කර අපේ හිත් වෙනස් කිරීමට කාටවත් පුලුවන් වෙන්නේ නැත.මොකද යතොත් යහපාලනේ යනු යහ පාලනේ නිසාය. ඔලු පැලුවත් යහමින් ඒ වැඩේ කරන බවට අපි දන්නෙමු.

වැඩිදුරක් යන්නට ඕනෑ නැත. මේ දවස් වල රට මූණ පා තිබෙන දුර්දාන්ත කාලගුණ තත්වයට මුහුණ දීමේ දී ත් අපේ යහපාලන ආණ්ඩුව තමන්ගේ කලර්ස් එලි දක්වා තිබේ. මේ තරම් ඉක්මණින් ස්වභාවෛක ආපදාවකදී ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් දැක ඇත්ද? ෂුවර් එකටම නැත. මෙහෙම ආණ්ඩුවක් දකින්නට පිං කරන්නට ඕනෑය.

විපතට පත් වූවන්ට සහන සැලසීමට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩ සටහන් හදා ඇතැයි ගරු අගමැතිතුමා 26 දා කිව්වේය. අපිට එතුමා විශ්වාසය. ඔබ මට විස්වාසයි කියා ජෝති කිව්වේ ඒ නිසාය. එතුමා සහ එතුමාගේ පක්ෂය ඒ විශ්වාසය 26 දා සවස් වන විටම ඒ කෙටි කාලීන වැඩ පිලිවෙල ක්‍රියාවට නංවා තමන් කියන දේ කරන ,කරන දේ කියන අය බව ඔප්පු කර පෙන්නුවේය.

ඒ මෙහෙමය. හදිසි කෙටිකාලීන සහන සඳහා කෝටි 70ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීමෙනි. ඒ මැති ඇමැතිවරුන්ට වාහන ගැනීමටත්, ඔවුන්ගේ නිල නිවාස අලුත්වැඩියා කිරීමටත්  ය. සමහර විට තිබුණු වාහන ගංවතුරේ ගහගෙන ගිහින් වෙන්න ඇතිය. දැන් අපි බලා ඉන්නේ දිගු කාලීන වැඩ මොනවාදැයි කියාය. හිතට ඇති ලොකුම සැනසීම නම් බලයේ ඉන්නේ යහපාලන ආණ්ඩුවක් වීමය. ඒ නිසා දිගුකාලීන වැඩත් කෙටිකාලීන වැඩවලට නොපරදිනවාට ,මෙන්න කැට.



9 comments:

  1. මේ ආන්ඩුව සීයට සීයක් හරි කියා කියන්නෙ නෑ. නමුත් කලින් ආන්ඩු වලට සාපේක්ෂව හොදම ආන්ඩුව. ලංකාව වගෙ පසුගාමී ගෝත්‍රිකයන්ට මේක ගැලපෙන්නෙ නැති එකයි අවුල්. පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය එක්ක සසදල මේක තේරුම් ගන්න පුලුවන්. නීතියක් නැති රාජාන්ඩුවක් එක්ක සසදන්න බැරිද.ප්‍රශ්න තියනව තමයි. ඒත් ඒ ප්‍රශ්න වලත් කොනක ඉන්නෙ පසුගිය රජයෙ ශේෂයන් .කෙලින්ම කීවොත් ශ්‍රීලනිප දේශපාලනඥයන්.

    යහපාලනය කියන්නෙ දේශපාලන සටන්පාඨයක් නෙමෙයි.ඒක ජනතාව කාලයක් තිස්සෙ සාක්ෂාත් කරගත යුතු ඉලක්කයක්.

    මට හිතෙන්නෙ රජය උපරිම මැදිහත්වීමක් කරනව කියල මේ ව්‍යසනයෙදි.

    ReplyDelete
    Replies
    1. චූ කරලා අනිත් පැත්ත හැරිලා නිදාගනින් බං.

      Delete
  2. ඔන්න අදනං කලාමදිරියා ඇත්ත කියල තියෙනවා.
    //අපි කවදත් හිතුවේ මේ රටේ නිදහසින් පසු පහල වූ , පහල කර ගත් , හොඳම ආණ්ඩුව වර්තමාන යහපාලන ආණ්ඩුව කියාය//
    ඒ වගේම සයිටම් එක ගැනත් උඹ හිතාගෙන ඉන්නේ ඔය වාගේම වැරදි ලෙසටයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කලාමැදිරියට දිගින් දිගටම වරදිනව වෙන්න බැරිද

      Delete
    2. ඇයි උඹට ඉරිසියාද .

      Delete
    3. වැරදිච්ච එකාට කවුද බන් ඉරිසියා කරන්නේ.
      ඔන්න ඔහේ චූ කරලා අනිත් පැත්ත හැරිලා නිදාගනින් බං.

      Delete
  3. 1.. පළමුවෙන්ම ආරක්ෂාව. ආරක්ෂා සහිත ලිංගික එක්වීමකට හැම විටම වග බලාගන්න ඕනෙ. මේකෙදි පළවෙනි දේ තමයි ඔබට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයක් නොවැළඳීමට වග බලාගන්න එක. ඔබගේ සහකරු හෝ සහකාරියත් ඔබ වගේම ජීවිතේ පළමු වතාවට ලිංගිකව එකතු වෙන කෙනෙක් නම් මෙතනදි ඒක බලන්න ඕනෙ නැහැ. අනිත් කාරණය තමයි ඔයාල දෙන්නා විවාහ නොවුණු ජෝඩුවක් නම් පිළිසිඳ ගැනීමක් වළක්වා ගන්න එක.

    2. දෙවෙනි කාරණය තමයි මේ ලිංගික එකතු වීම අනෙක් කෙනා මත කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකිරීම. ඒ කියන්නෙ මේක ප්‍ර‍ථම ලිංගික අත්දැකීම මිසක් අවසාන එක නෙවෙයි කියල තේරුම් ගන්න එක. ඔක්කොම දේවල් පළවෙනි පාර කරන්න යන්න එපා.

    3. පළමු ලිංගික අත්දැකීම අමාරුයි. රිදෙනවා. අපහසුයි. කවුරුත් ඒක ඉවසන්නෙ අමාරුවෙන්. ඒක නිසා හොඳ හුස්මක් අරන් කලබලයක් නැතිව ඒක කරන්න. එතකොට අපහසුවක් දැනෙන එකක් නැහැ.

    4. හතරවෙනි කාරණය තමයි පූර්ව ලිංගික උත්තේජන ක්‍රියාවලිය එහෙම නැත්නම් ෆෝ ප්ලේ එක. පූර්ව ලිංගික උත්තේජනය ලිංගික එකතුවිම පහසු කරනවා. සිපගැනීම්, ස්පර්ෂය, මුඛ ලිංගික සංසර්ගය වගේ දේවල් වෙලා අරගෙන කරන්න. විශේෂයෙන් ඔබේ සහකාරියගේ පළමු ලිංගික අත්දැකීම එය නම් එක් වීමට පෙර ඇය ඒ සඳහා සූදානම් කිරීම අතිශය වැදගත් වෙනවා. වැඩි අපහසුවකින් තොර ලිංගික සංසර්ගයක් සඳහා මෙය උදව්වක් වෙනවා.

    5. පස්වෙනි කාරණය තමයි ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර එය හොදින් ප්‍රාණවත් වී ඇති බව තේරුම් ගැනීම. එසේ හොඳින් ප්‍රාණවත් වී නැතිනම් එය යෝනි මාර්ගයට ඇතුළු කරන්න යන්න එපා. ඒ වගේම තමයි යෝනි මාර්ගය හොඳින් තෙත් වී නැත්නම් ඒ කියන්නෙ ඇයට හොඳ උත්තේජනයක් ලැබී නැහැ. මේ වගේ වෙලාවකදි ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුළු කරන්න යන්න එපා. දෙදෙනාම හොඳින් උත්තේජනය වී නැතිනම් ලිංගික කාර්යය දෙදෙනාටම වේදනාකාරී එකක් වේවි.

    6. හය වෙනි කාරණය තමයි කතා කරන එක. ඔබට දැනෙන්නෙ කොහොමද කියල අහන්න. රිදෙනවද, අපහසුද, මෙහෙම ඉන්න අමාරුද කියල අහන්න. අවශ්‍ය ආකාරයට, පහසු ආකාරයට සැකසෙන්න.

    7. හත්වෙනි කාරණය තමයි මේක අලුත් අත්දැකීමක් කියල දැනගෙන වැඩ කරන එක. හිතන්න ඔබ වගේම අනිත් කෙනාත් ආධුනිකයි කියල. එහෙම හිතල වැඩ කරන්න. සෙක්ස් වීඩියෝවල තියෙන සෙල්ලම් දාන්න යන්න එපා.

    8. අවසාන කාරණය තමයි කාන්තාවගෙන් සුරතාන්තයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ නැහැ. එහෙම කරන්න හිතල අනවශ්‍ය විදියට ඇයව ඒකට යොමු කරන්න එපා. ඇය ඒ අවස්ථාවෙදි සුරතාන්තය අත් විඳල නැහැ. ලිංගික අත්දැකීමක්වත් අත් විඳල නැති නිසා ඒකෙන් ඇය සෑහීමකට පත් වේවි. ඔබත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් මෙම කරුණු ටික ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. සුබෝධ නම් මානසික අසහනයකින් පෙලෙන ගොබ්බයා හයමාසික මනෝපාඨමාලාවේදී ඉගෙන ගත් මෙම පිස්සු විකාර ඌගේ පරන බොග් කඩමාල්ලේ පලකර තිබුනි.දැන් නැවතත් මෙහි පලකර තිබේ.

      Delete
    2. ඇත්තට කවුද මචං මේ සුබෝධ කියලා එන්නේ. මාතලංද නැත්නම් අර යකා කියල ඉස්සර හිටපු බොග් කාරයද

      Delete