Friday, November 16, 2012

හොඳ සූස්තියක් ගසාලා රතු බූන්දියක් හපාලා

 
සැලෙන ලෙලෙන දලුව විලස ‍රැවුල නටෝලා
‍රැවුල නටෝලා,... ‍රැවුල නටෝලා
ඔය හොකර ජකර මුකරි කටෙන් හරුප කියලා
හරුප කියාලා... හරුප කියාලා

හිස් හුලං පිරුණු ඔලුව බෙල්ල උඩින් තියාලා
උඩින් තියාලා...උඩින් තියාලා
මේ සංස්ථාවේ පරණ යකඩ ගුල්ලෝ ගසාලා
ගුල්ලෝ ගසාලා... ගුල්ලෝ ගසාලා
 
එලු ‍රැවුල් පොදක් කට වටේට පෙනෙන්නේ
ජෙල් ගොඩක් ඔබේ කෙස් කලඹේ දිලෙන්නේ
ලොකු ෆෝන් එකක් ගෙනල්ලා, ට්‍රි ට්‍රීං ට්‍රීන් කියාලා
මුගේ කතාවටයි මීහරකුන් නැවෙන්නේ
 
ඇයි විමල් මලේ 13 ටම බනින්නේ
ලෙමන් පෆ් ද බොට හීනෙන් පෙනෙන්නේ
හොඳ සූස්තියක් ගසාලා රතු බූන්දියක් හපාලා
සී ජේ ගේ නඩුත් උඹයි අහන්නේ


11 comments:

  1. එල එල ජයවේවා.

    ReplyDelete
  2. not superb. But ok.

    ReplyDelete
  3. තනි ඇහැට ඇඬෙනව ඕයි ඩබල් එකේම....

    ReplyDelete
  4. "හිස් හුලං පිරුණු ඔලුව බෙල්ල උඩින් තියාලා
    උඩින් තියාලා...උඩින් තියාලා"
    ඔබට මෙන්ම අපටද විමල් බොහෝ අප්‍රසන්න පුද්ගලයකි, විවේචන බොහෝය, නමුත් හොදින් අධ්‍යනය කරන්න, ලංකාවේ ඇකඩමික් උගතුන් (බුද්ධිමතුන් නොවේ) විමල්ගේ අද්යාපන අධ්‍යාපන සුදුසුකම දඩ මීමා කොටගනිමින් ඔහුගේ හැකියාවන් හෙළාදකින අන්දම. අපට අනුවනම් විමල් ඉහල විභවයකින් හා ඔලුවකින් යුතු මිනිසෙකි ඔහුගේ ප්‍රශ්නය ඇත්තේ ලේ නොව හුලන් පමණක් පිරුණු හදවතෙහිය.

    ReplyDelete
  5. තව මදිනං ෂිවාස් රිගල් ටිකකුත් ගහලා.. අඩේ වීරවංසොයටත් ඉන්න දෙන්නේ නැනේ මේ කොල්ලෝ

    ReplyDelete
  6. විමල් යනු කූඩු කල ගිරවෙක් බඳු මිනිසෙකි.තමන්ට දෙන මෑ කරල කමින් තම අයිති කරු පිනවීම හැර ඔහු වෙන කුමක් කරන්නද?

    ReplyDelete
  7. විමල් කොමෙන්ට් කොටන පොස්ට් දාන අපි හැමෝටම වැඩියෙන් එක්තරා කාලයක මේ සමාජය යහපත් තැනක් කරන්නට කැපකිරීම් කල මිනිසෙක්. එහෙම මිනිසෙක් දැන් සිටිනා විකාර රුපි සත්වයාට රූපාන්තරණය වුයේ කෙසේද යන්නයි අපි සාකච්චා කල යුත්තේ.

    ReplyDelete
    Replies
    1. හැමෝටම මිලක් ඇත. ඒ ගාණට ආ පසු අපි අළෙවි වෙමු.

      අප සමහරුන්ගේ මිළ ඉතා ඉහළය. අන් අයගේ මිල සාපේක්‍ෂව පහලය.

      Delete