Thursday, November 22, 2012

සිහින දකින කුමාරයා-CHINA SAT 12


මගේ පාසැල් කාලයේ අපූරු මිත්‍රයෙක් සිටියේය. අපි ඔහුට විහිලුවට කිව්වේ සේතං කියාය. (සේතුං නොවේ). මේ සේතං අමු කපටියෙකු විය. ඔහුට වියදමට ගෙදරින් දෙන මුදල් හෙවත් පොකට් මනි වියදම් නොකර අපට ණයට දෙන්නට ඔහු පුරුදුව සිටියේය. ඉන්පසු ,පාසැලින් කට්ටි පැන චිත්‍රපටි බලන විටද, ගුරුවරුන්ට හොරෙන් විවේක කාලයේ සිගරට් බොන විටද, කඩසෝරු කන විටද අප ඔහුට වියදම් කල යුතුය. මක් නිසාද යත් ඔහුගේ මුදල් සියල්ල අපිට ණයට දී ඇති බැවිනි.

 අපට ණයට දුන් මුදලින්ම කා බී සැනහෙන සේතං ඉන්පසු ණය මුදල් ඉල්ලා කරදර කරන්නට පටන් ගනියි. ඔහු අපට දුන් මුදල් සියල්ල , ඔහුට වියදම් කල ප්‍රමාණයත් ඇතුලත්ව ,ශතයක්වත් අඩු නැතිව අප ආපසු ගෙවිය යුතුය.

මට මේ සේතං මතක් වූයේ ශ්‍රී ලංකාව චීනයේ උදව් ඇතිව  අභ්‍යවකාශ යුගයට  පිවිසෙන්නේ යැයි මේ දිනවල කෙරෙන කසු කුසු නිසාය.

අපගේ හිතමිත්‍ර, මා ඕ සේතුංගේ අනුප්‍රාප්තිකයන් විසින් පාලනය කරනු ලබන ගිනි පොලී කාර , මහජන චීන සමූහාණ්ඩුවට ශ්‍රී ලංකාව ඉහල අහසේ චන්ද්‍රිකාවක් ‍රැඳවීමට අවශ්‍ය විය. 1998 මැයි 30 වනදා චීනය විසින් CHINASAT -5A නමින් චන්ද්‍රිකාවක් කක්ෂගත කර තිබුනේය. එහි ආයු කාලය අවසන් වෙමින් පවතින නිසා අලුතින් CHINA SAT -12 නමින් වෙනත් චන්ද්‍රිකාවක් එම ස්ථාන‍යේ ‍රැඳැවීමට ඔවුන් සැලසුම් කලෝය.

මේ සඳහා අවශ්‍ය බර පැන සොයා ගැනීමට ඔවුන් භාවිතා කලේ මා කලින් කිව් සේතංගේ ආර්ථික න්‍යායයි.
දරුවන්ගෙන් අඩක් මන්දපෝෂණයෙන් පෙලෙන රටක, ජනගහණයෙන් බහුතරයක් දිලිඳු බවේ රේඛාවෙන් පහල දිවි ගෙවන රටක  ජීවත් වන පුත් කුමාරයෙකුගේ සිතේ පහල වූ සිහිනයක් ලෙසින් එය මෙරටට ගොඩ බැස්සවීමට චීනුන් සමත් විය. ඒ සඳහා චීනය  අපට ඩොලර් මිලියන 320ක් ණයට දුන්නේය. එනම් රුපියල් මිලියන 41,600 හෙවත් රුපියල් බිලියන 41 පමණය.  මේ මුදල මෙරට සෞඛ්‍යයට වෙන් කරන වාර්ෂික මුදලින් තුනෙක් එකක් පමණය.

එවන් වූ මේ ව්‍යපෘතිය මෙරට මාධ්‍ය විසින් හඳුන්වන්නේ ,"ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයට පිවිසෙයි, ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව " ආදි වශයෙනි.

මෙම  ශ්‍රී ලංකාවේ ඊනියා  පළමු චන්ද්‍රිකාව එහි සැබෑ නම වන  Zx-12 හෙවත් ChinaSat-12 හෙවත් ZHONGXING-12  වෙනුවට ලංකාවේ ලැප්ටොප් මාධ්‍ය විසින් හඳුවන්නේ Supreme Sat-1  ලෙසයි.

එතරම් විශාල මුදලක් වියදම් කර අද උදේ  ගුවන් ගත වීමට නියමිතව තිබූ චන්ද්‍රිකාව නියමිත වෙලාවට ගුවන් ගත කර ගැනීමටවත් නොහැකි විය. ඒ චීන තාක්ෂණයයි. චීනය ලබා දුන් ණය මුදලකින් , චීන විද්‍යාඥයින් විසින් සැලසුම් කර, චීන ඉංජිනේරුවන් විසින් චීන තාක්ෂණය යොදා ,චීනයේම නිෂ්පාදනය කල "ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව" චීනයේ ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට චීන රොකට්‍ටුවක ආධාරයෙන් අද උදේ කක්ෂ ගත කිරීමට නියමිතව තිබූ අතර ඉන් පසු එය  පාලනය කරන්නේද චීන යේ සිට චීන්නු විසින්මය. එය හරහා හුවමාරු වන දත්ත සියල්ල පාලනය කරන්නේ ඔවුන්ය.

අප අභ්‍යවකාශ යුගයට පිවිසෙන්නේ එසේය.  මෙම චන්ද්‍රිකාව හා ශ්‍රී ලංකාවට ඇති එකම සම්බන්ධය නම් ශ්‍රී ලංකාවේ ජාතික කොඩියක් එහි අලවා තිබීම පමණි. සමා වෙන්න තව තිබේ. එම චන්ද්‍රිකාව වෙනුවෙන් අප ලබා ගත් ඩොලර් මිලියන 320 ආපසු ගෙවීමට පොඩි එකාගේ කිරිපැකට්‍ටුවේ සිට බදු ගෙවීමටත් එයට ඇතුලත්ය. තවත් තිබේ .  ඇයි ......පුත් කුමාරවරුන්ගේ හීන ...

9 comments:

  1. අයියෝ සල්ලි කියල තමයි කියන්න තියෙන්නෙ. අපි වෙන මොනව කරන්නද කනාමැදිරියො.

    ReplyDelete
  2. වැඩක් නෑ කතා කරලා. මුන් කරන වැඩ.

    ReplyDelete
  3. මේ චන්ද්‍රිකාවේ සැබෑ පල ප්‍රයෝජන ගැන (එහෙම ඒවා තිබේ නම්) හොඳ ලිපියක් කියවන්න හම්බුනේ නැහැ තාම. යවනවාඅ කියලා දන්නවා. මොනාද වෙන්නේ මොකටද යවන්නේ ඒවා ගැන මුකුත් දැනුවත් කිරීමක් නැහැ. ඔක්කොටම කලින් සිංදු නම් හදලා. සැටලයිට් එකේ වියදමින් 1/3ක් වියදම් කරන්න ඇති විෂුවල් එකටයි සිංදුවටයි. ලංකාවේ වැඩ එහෙමනේ!

    ReplyDelete
  4. කැක්කා කිව්වහේ අයියෝ සල්ලි....... අර සේතං දැං කොහෙද වැඩ?

    ReplyDelete
  5. ලංකාවේ මිනිසුන් පරිඝණක ක්‍රීඩාවක අන්තර්ගත මිනිස් චරිත මෙනි.දෙතුන් දෙනෙකුට ඔවුන්ගේ ඉරණම තීරණය කල හැකිය.

    ReplyDelete
  6. අපි වගේම ලොක්කත් ආස ඇති රොකට් වලට....

    ReplyDelete
  7. owa api therum gaththata baha machan..
    bath pakat ekata rawatena upadi dariyage sita
    ahinsaka miniha dakwa inna pirisa innakam..
    pawena chanda prathishathaya wadi .man hithanne
    35% withara athi lankawe...
    ithin kohomada hari anduwak pihituwanne...

    ReplyDelete
  8. මං ආසයි මේ වගේ හීන දකින අයට, නැත්නම් ජාතියක් එක තැන පල්වෙනව.

    ඒත් සමහරුන්ගෙ හීන හැබෑ වෙන්නෙ තමුන්ගෙ වියදමෙන් නොවේ.
    අනුන්ගේ සාක්කුවෙනි.
    ලාබෙ යන්නෙත් වියදම් කල එකාගෙ සාක්කුවට නොවේ.
    ඒක නම් මාරම හීනයකි.

    ReplyDelete