Tuesday, March 12, 2013

වැඩි කරන්ට රත්තරනේ, වැඩි කරන්ට.



විදුලි මිල වැඩි කරන්න ඕනෑ ද එපාද කියලා ජහමනයාගෙන් මහජනයාගෙන් අහන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාරිය ජ.කොස්තා මහතා කියා තිබේ.ඒ සඳහා මේ මාසේ 28 දක්වා කල් දී තිබෙන බවද , 28 දා මහජන හමුවක් පවත්වා ඒ ගැන තව දුරටත් අසා ජනතා මතය අනුව තීරණයක් ගන්නා බවද ආචාරිය තුමා කියා තිබේ.

ඕක ආයේ අමුතුවෙන් අහන්ඩ දෙයක් නැත.

අපි , ඒ කියන්නේ ජහමනයා මහජනයා විදුලි බිල වැඩි කරනවාට එක පයින් කැමතිය. අපිට තියෙන එකම අවුල ප්‍රමාණවත් ලෙස වැඩි කරයිද කියන එකය.

අඩුම තරමෙන් සීයට හාර පන්සීයකින්වත් වැඩි කරන්ට කියලා අපි ඉල්ලා සිටිනවාය.

විදුලි බිල වැඩි කරනවාට මේ රටේ දේශප්‍රේමි  ජනයාගෙන් සීයට අනූ පහක්ම කැමතිය. ඕකට අකැමති වෙන්නේ හම්බන්තොට ගල් වරාය, මත්තල මාරයි මාරයි ගුවන් තො‍ටුපල වගේ ආශ්චර්යන්ට කැමති නැති දේශද්‍රෝහින් හතර පස් දෙනෙක් විතරය. අනික් සියලුදෙනා කැමතිය.

මං කියන දේ බොරු නම් ඔන්න බලන්න, 28 දා උදේ පාන්දර ජයතිස්ස හා රොසලින් මැති තුමා මාධ්‍යවලට ඇවිත් එතුමාට ප්‍රතිචාර දක්වපු ජනයාගෙන් සීයට 98.3457852 ක්ම විදුලි බිල වැඩි කරන්ට කැමත්ත පල කරලා තියෙනවා නොකිව්වොත් මම මගේ කණ කපා ගන්නවාය.

ඒ විතරක් නොවේ එතුමා 28 දා තියන්ට ලෑස්ති වෙන ජනතා හමුවට ගෙන්නන එන අයගෙනුත් සීයට 99.99923498 ක්ම ඔය වැඩි කිරීමට කැමති වෙනවා ෂුවර්ය.

ඒක නිසා බය නැතිව වැඩි කරන්ට රත්තරනේ, වැඩි කරන්ට.

10 comments:

  1. හයියෝ.... ඕක මොකක්ද අනී.... එයාර්පෝට් 2ක් තියෙන්නෙ දැං අපිට... ඉතිං මේක වැඩි කොරාම මොකෑ

    ReplyDelete
    Replies
    1. ඇය් බං ගල් මතුවෙච්ච වරාය

      Delete
  2. ලයිට් බිල 400%කින් වැඩි කම එම මුදලින් තවත් " ඒ ලෙවල් තැග්ගක්" දෙන්නට ලැබේවා

    ReplyDelete
  3. සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව නියම ට්‍රැක් එකට ගන්න සල්ලි ඕනනේ මචන්.

    ReplyDelete
  4. ජනතාව සැදී පැහැදී සුඛිත මුදිතව බලා සිටිනුයේ මේ නිකමුන්, සුදු අලීන්, සුදු කරපටි කාරයින් තවත තවත් පෝෂණය කරන්නයි. එතනිදු නොනැවතී, උන්ගේ දරු-මල්ලන්ද පෝෂණය කරන තවත් එවන් රැලක් බිහිකිරීමටත්.
    “ඒ මහ රජුන් - පෑ පෙළහරින් - මේ රටේ වියදම වැඩි උනේ.“

    ReplyDelete
    Replies
    1. ඒ වියදම් දරන්නම් අපි කීවේ ඒ රටේ පොඩි එවුන්

      Delete
  5. බඩු මිළ හා සේවා මිළ ඉහල යාමක් මිස පහල යාමක් නැත - මහා ආර්ථික විද්‍යාඥ ගුන්දුල බණවර්ධන

    මට මතක් උනේ පේමෙගේ උදාගම් වලට නම් දාන්න කියලා එව්වම ආපු නම් ටික.

    ReplyDelete
    Replies
    1. බන්දුල ගේ න්‍යාය හරි ගියත් කමක් නැහැ, හැබැයි බඩු මිල අනුපාතෙට ආදායම නගින්නේ නැති එකයි පුරස්නේ.

      Delete
    2. මාතලන්,
      "බඩු මිළ හා සේවා මිළ ඉහල යාමක් මිස පහල යාමක් නැත"
      මේ මන්තරේම ටිකක් වෙනස් විදියට රනිල් ගොයියා ජපකර කර කලක් හිටිය කියල ඔයාට මතක නැද්ද සුදා?
      ඔයා මහින්දට විකල්පයක් විදියට රනිල්ව උඩ දන්න එක දැකල පොඩ්ඩක් මතක් කරන්න හිතුන.
      මල පැනල මෙතන ගද ගස්සනවා නෙවේ ගොයියෝ !

      Delete