Friday, March 15, 2013

වෙල්ගමගේ ළම්යි



වැඩි වැඩියෙන් ළමයි හැදිය යුතු
වඳ වෙන නිසා සිංහල ජාතිය
ලංගම  සේවකයින්ට කියලා දුන්නේ 
වෙල්ගම අපේ ගරු ඇමති තුමා

මාස ගණන් පඩි නැති ලංගමයෝ උනත්
ළමයි හදන එක නම් හරි සිම්පල්
ඒත් ඇමතිතුමෝ උන් කන්නේ
අම්මගේ රෙද්ද විකුණා ගෙනද?

-රංචාගොඩ ළමයා-

6 comments:

  1. එයා මැරෙනකන් අප සිරි ලංකවේ
    රජා පස්ස වරු විතරලු සිටිය යුතු
    කියලා ඇතේ අද දින වෙල්ගම මැතිදා
    නොමැරි උන්න නොපැතු එකමයි පුදුමේ

    බිසිනොස් වලින් නැංවූවත් ජය කෙහෙලි
    ආතල් ගන්න මුත් වට කර ගෙන කෑලී
    පඩිය නැතුව ලංගම උන් වහ බොනවෝ
    බිස්නස් වගෙ නෙමෙයි දේශයෙ පාලනය

    ReplyDelete
  2. වැඩි වැඩියෙන් ළමයි සෑදීම නොව අවශ්‍ය, රටට වැඩදායක පරපුරක් නිර්මාණය කිරීම බව මේ එකෙකුටවත් තේරෙන්නේ නැහැ. උපදින දරුවෙකු ලක්ෂ ගණනක ණය කරුවන් කිරීම හේතුවෙන්, ද ඉකොනොමි සඟරාව (රටවල් 80 ක් අතරින්)කළ පරීක්ෂණයකට අනුව 2013 වර්ශයේ ලොව උපදින්න නුසුදුසුදුසුම දේශයේ 17 වන ස්ථානය ශ්‍රී ලංකාව දිනාගෙන ඇත.

    ReplyDelete
  3. ගිය වසරේ අග භාගයේදී කැකිරාව ඩිපෝවේ සේවකයන්ගේ මාස කිහිපයකපඩි නොගවීම නිසා උද්ගෝශනය කරනකොට.
    “පඩි සල්ලි තියෙනවා ඒවා, ඒවා ඩිපෝ ලාච්චුවක.... ගෙවන්නම් ගෙවන්නම්....“ කියා බලධරයින් කියුවා වාගේ සිද්ධීයක් ද?

    ReplyDelete
  4. නොහික්මුණු, වනචර, බේබද්දෙකුට ඇමති කියලා කියන රටක් මේක.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  5. ඩිපෝවෙ කබල් බස් ටික පරණ යකඩ වලට විකුණල කන්න තමයි වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. යසිත් කට වරද්දාගන්න එපා. කලින් හිටපු කෙනෙක් තමන්ගෙ පුතාට යකඩ කියලා පරණ බස්, යකඩ ටෙන්ඩරයකට දාලා දුන්නා. ඒ විතරද කරුණෑගල දකුණ ඩිපෝව පෞද්ගලික ආරක්ෂක අංශය හරහා ම (2005) බඩු සොරකම් කළේ. (නිල පුවතක් නොවේ)

      Delete