Sunday, March 17, 2013

වීරවංශ චාවේස් ගැන ලියූ ගීතය-ඔරිජිනල් එක ලැබුණා



විමල්  හිටපු සහෝදරයා චාවේස් වගේ වෙන්ට හරිම ආසය. එතුමාගේ ගෝලයන් කියන්නේ අපේ විමලේ අයියා චෑවේස් වගේ කියලාය.එතුමා චාවේස්ට කොච්චර ආදරේද කිව්වොත් චාවෙස්ගේ අවමගුලට වෙනිසියුලාවට ද ගියේය.

ඉන්පසු චාවේස්ගේ දේහයට ආචාර කරන ෆොටෝ එකකුත් මීඩියාවලට දුන්නේය. ඒකේ එතුමා ඉන්නේ කැමරාවට පස්ස හරවාගෙනය. එතුමා එක්ක මලගෙදර ගිය නියෝමාල් ඇමති තුමා ආගිය අතක්වත් නැත.

වරෙත්තු කොල්ලෝ නම් ඕක ඔය ෆොටොෂොප් වැඩක් වගේ කුණු කතා කියනවාය. නැත්නම් කෝ නියෝමාල් කියලා අහනවාය.

අපි එව්වා දන්නේ නැත. කොහොම උනත් එතුමා වෙනිසුලාවට නම් ගියේය. ඒක ෂුවර්ය.

ඒ බව අපි දැනගත්තේ වෙනිසියුලාවෙන් අපිට ආපු ලියමනක් නිසාය. ඒක එවා තිබුනේ අපේ විමල් හිටපු සහෝදර තුමා නැවතී හිටි හෝටලෙන්ය. බය වෙන්ට එපා, හෝටලේ බිල නොවේ.

එතුමා ලියපු ගීතයක් හෝටලේ මේස ලාච්චුවක අමතක වෙලා ඇවිත්ය. මේ බව එතුමා පසුගිය දාක ‍රැස්වීමකදීත් කිව්වාය.

හෝටලේ මැනේජර් මගේ යාලුවෙක්ය, ඒ නිසා එයා ඒ සිංදුව විමල් තුමාට දෙන්ට  කියා මට එව්වේය.

ලියුම දෙන්ට  එතුමා හෙව්වත් හොයා ගන්ට බැරි වුන නිසා මෙසේ පල කරමි.

එතුමා දැක්කොත් හෙම කියන්ට හොඳේ.

මෙන්න  ගීතය


සමාජවාදය ගුණවත් උනත්
ධනවාදේ  හරිම රසවත්
සල්ලි ගස් බොහෝ ඇත
සොලවගන්නට හැකිනම්

වෙන වැඩක් ඕනෑම නැත
සල්ලි ගස් සෙලවිය හැකිනම්
හොලවන්නට හොඳ ගසකි
ඔබේ වෙනිසියුලාව

සල්ලි නැත්නම්
සල්ලි නැත
කොමිස් ඇත්නම් 
සල්ලි ඇත

 සල්ලි ඇති තරම් ඇත්නම් 
ඉස්තරම් විස්කි ඇත
ඩිස්නිලන්තේ 
හරිම සැප ඇත

ඇඹිලිපිටියේ මල් ඇත
පත්තු කල විට සුවඳ දෙත
උඩට ඇදි විට
දෙව්ලෝ සැපත

ඉස්තරම් විස්කි
ඇති තරම් නැත්නම්
සත්තමයි මල් අදිමි
එවන් සැප ලොවෙත් නැත

14 comments:

  1. මේක මම එතුමාට ලැබෙන්න සලස්සන්නම්. අර එයා හෝ ගාලා හදන ගෙයක් ඉල්ල ගන්න යන්න ඉන්නේ. ඒ වෙලාවට දෙන්නම්. හප්පේ මෙහෙම ගෙවල් හැදිල්ලක්. ඕවල පදිංචි වෙන්න මිනිස්සු නැතුව, බටහිර කුමන්ත්‍රණ කාරයෝ තමයි පදිංචි කරන්න වෙන්නේ. ලෙමන් පෆ් එකක් කාලා තැඹිලි වීදුරුවක් බීලා එන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. සිමෙන්ති කොට්ටයක් කාලා ඩීසල් ටිකක් බීලා එන්නත් පුලුවන්.

      Delete
    2. ඇයි යකඩ කූරු කන්න බැරිද....
      කීපදෙනෙක්ම කෑවා නේද....

      Delete
    3. පරණ යකඩ පෙන්නන්න බෑ, දැක්ක තැන කනවා

      Delete
  2. අපි දන්න සින්දුවක තාලෙට ලිව්ව නම් හොඳ!
    මාතලන් ගොයියා ලියනවා වගේ.

    ReplyDelete
    Replies

    1. මේක මම ලියලු එකක් නෙවේනේ කකා. මේක ලිව්වේ එතුමා තමා. මේ බලන්නකෝ. තාලේ හරි නේද?

      "මම ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් සිට වෙනිසියුලාව බලා යන ගුවන් යානයේ ගමන් කරන අතරතුර ගී පද කිහිපයක් ලියුවා චාවේස් පිළිබඳව. පසුව ඒක වැඩි පරිස්සමට නවාතැනෙහි ලාච්චුවක දමා තිබුණා. මට එය රැගෙන ඒමට නොහැකි වුණා. උත්සාහ කළත් මුළු ගීතයම මට මතකයට නගා ගැනීමට බැහැ. ඒත් මුල් පද කිහිපය මට මතකයි. ඒක ලියැවුණේ ඇත්තටම එහෙම හිතුණු නිසයි.

      ‘ගස් බොහෝ ඇත

      මල් පිපී නැත්නම්

      මල් පිපී ඇත

      සුවඳ එහි නැත්නම්

      ඉස්තරම් සිත්

      ඇති තරම් නැත්නම්

      සත්තමයි ඔබ

      නැතිව ලොව නැත්නම්’"

      Delete
  3. ඔය හිටපු සහෝදරයා මාධ්‍ය ඉස්සරහා දැනටත් හෙන සමාජවාදියා නමුත් බලන්න ඕන වැඩකිඩ

    ReplyDelete
    Replies
    1. මිනිහාගේ වැඩ ගැන අහන්න ඕනෑ ඉංජිනේරු සංස්ථාවේ වැඩ කරන උන්ගෙන්. හපොයි .

      Delete
  4. අනේ බං හැම වෙලේම ඇමතිලටයි ආණ්ඩුවටයි බැන බැන ඉන්නේ නැතුව මේවා ලියන්න ගන්න කාලෙන් රටට වැඩක් වෙන වැඩක් කලොත් නරකද?

    මගේ අත්දැකීමේ හැටියට නම් ඔය ආණ්ඩුවටයි ඇමතිලටයි හොරකම් කරනවා කියලා බනින එවුන්ට හොරකම් කරන්න චාන්ස් එකක් හම්බවුනොත් (දැන් නැති කමට තමයි බකන් නිලාගෙන ඉන්නේ) වල ඉහගෙන කන්නේ.

    ReplyDelete
    Replies
    1. තුට්‍ටු දෙකට, මාලු බනිසකට ඇමතිලාටයි ආන්ඩුවටයි කඩේ යනවාට වඩා උඹටත් වෙන වැඩක් නැද්ද?

      Delete
    2. ඔයාගේ අත් දැකීම කිව්වේ ඔයත් එහෙනම් හොඳ ගේම් කාරයෙක් වෙන්න ඇති. විමලෙත් එක්ක සෙට් වෙලාද ගේම දෙන්නේ?

      Delete
  5. සීගිරියේ, සිරීපාදේ නොගිය එකට හිලව්වටත් එක්ක දැන් ඔය යන්නේ අපූරුවට වෙනුසුවේලා.
    ඒන්ජල් එහෙමත් බලන්න ඇති නේද.(නෑ නෑ කෙල්ලෙක් නෙවෙයි, ලොකේ උසම දිය ඇල්ල වෙනුසුවේලාවේ තියෙන්නේ)

    ReplyDelete
  6. nodakin me kaala kanni hatta banapiyako me rata kapu jR and uge paramparawata....

    unta monawath kiyanne na byata

    88 di amathi nkenekuta owa kiwwa nama dan wale gas.
    habai premadasatath kelinmba banna sunil ayya

    ReplyDelete