Friday, March 29, 2013

කිසිදා යානා නාවත් කම් නෑ මත්තල මම එන්නම්



සිහිනෙන්වත් එක නැවක් එනවනම්
හම්බන්තොට ඉන්නම්
කිසිදා යානා නාවත් කම් නෑ
මත්තල මම එන්නම්

මිලියන දහයේ භාතිය ගී  මැද 
මෝඩයෝ රවටා මුසාව වපුරා
බදු බර පටවන්නම්, මම  ප්ලේන් එකේ එන්නම්
බදු බර පටවන්නම්,  මම ප්ලේන් එකේ එන්නම්

සිහිනෙන්වත්  එක නැවක් එනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා යානා නාවත් කම් නෑ
මත්තල  මම එන්නම්


 බඩගිනි ලෙඩ දුක හැදිලා මැරුනත්
මගේ පච පිළිගෙන හිනැහෙනු මැන ඔබ
ලේලිය පදවන යානේ ඉඳගෙන
මත්තල මම එන්නම් ,බදු බර පටවන්නම්

සිහිනෙන්වත්  එක නැවක් එනවනම්
හම්බන්තොට ඉන්නම්
කිසිදා යානා නාවත් කම් නෑ
මත්තල  මම එන්නම්

5 comments:

  1. ප්ලේන් මිල අඩු කරලා ප්ලේන් ටී මිල වැඩි කරනවලු... එතකොට හැමෝටම ප්ලේන් ගන්න පුලුවන්නේ...........

    ReplyDelete
  2. හෙක් හෙක් ආතල් සිංදුව

    ReplyDelete
  3. මේක නම් පට්ටයි.. දන්න සින්දුවක තාලෙට ලියලා තියෙනවා..

    ReplyDelete
  4. අපි හැමෝම මත්තල යමු
    වරායේ මාලු අල්ලමු
    රන්වේ එකේ දමා වේලමු
    ආසියාවේ ආශ්චර්යය පෙන්නමු

    ReplyDelete