Tuesday, March 19, 2013

බ්‍රිජට් බාඩෝ අතුරුදහන්


පොඩි එකාගේ ලියුම
2013.11.01

ආදරනීය ලොකු මාමා  වෙත ලියමි

මාමේ  මේ ලියුම් ලියන්නේ ඉතා හදිසියෙන්ය. අපිට වෙච්චි දේ කියන්න මාමා ඇර වෙන කවුරුත් නෑ කියා අම්මා කීවෙමි. ඒක නිසා මාමාට ලියමි.

පෙරේදා රාත්තිරියේ අපේ ගෙදරට කට්ටි දෙකක් කඩා පැන්නෙමු. එක කට්ටියක් ඉස්සරහා දොරෙනුත් අනික් කට්ටිය පස්ස දොරෙනුත් කඩං පැන්නෙමුය.

එක කට්ටියක් බී.බී.ඇස් කෙන් එකෙන් කියලා කිව්වෙමි. අනිත් කට්ටිය එයල  සිංහල රාවෙන් කීව්වෙමු.

අපේ ආච්චි උඩේ උදේ හවස මල් පූජා කරන බුදු පිලිමේ මාට මාමාට මතකද?

ඒ කට්ටිය ආවේ ඒ පිලිමේ නිසාය.

අපේ ගෙදර ඒ පිලිමෙට අගවුරව  වෙන ජාතියේ වැඩ සිද්ද වෙනවාය, අගවුරව වෙන දේවල් තියෙනවා කියලා කවුදෝ එයාලට කීයා තිබෙමු.

ඉතින් මාමේ එයාලා මුලු ඇවිත් මුලු ගෙදරම පෙරලලා හෙව්වෙමි.

හොයාගෙන හොයාගෙන යනකොට අපේ අය්යාගේ පරන පොත් පෙට්ටියක් ඇතුලේ තිබිලා එයලාට බ්‍රිජට් බාඩෝගේ පරන පිංතූරයක් හම්බ වුනෙමි.

ලයිට් කපන වෙලාවට ලාම්පු ලයිට් පත්තු කරන්ට ලාම්පු තෙල්  ගේන පරන අරක්කු බෝතලයක්ද  කුස්සියේ මුල්ලක  තිබුනෙමි.

ඒ දෙක අතට ගත්තු ඒ කට්ටිය මෙව්වා තියෙන තැන් වල පිලිම තියන්ට බැරිය කියා ගෝසා කලෝය.

ඒ ගෝසාවට අපේ පුංචිගේ මාස දෙකක් වයස පොඩි එකාද ඇහැරී අඬන්නට ගත්තෙමි.

එතකොට බී.බී.ඇස් කට්ටිය කීවේ මේ බලන්ට මේ ගෙදර පොඩි උනුත් ඉන්නවාය. ඒ කියන්නේ මුං හැමිනෙන අහවල් වැඩෙත් කරන්නේ මේ ගේ ඇතුලෙ කියාය.

මෙහෙම තැන් වල පිලිම බැරිය කියා ඒක අරගෙන ගියෙමු.

දැන් ආච්චි මල් ටිකක් වත් තියන්ට විදියක් නැතිව විස්සෝප වී අපිට බයිනවාය. මෙහෙම උනේ උඹලාගේ වැඩ නිසා කියා පුංචි අම්මාටත් බැන්නෝය.

අපි කියලා මක් කරන්නද මාමේ.මාමාවත් ඇවිත් කතා කරලා බලන්ටකෝ

මීට

හිච්චි එකා

ප/ලි. මාමේ අර කට්ටි දෙගොල්ලෝ ගියාට පස්සේ අපේ අය්යාගේ පොත් පෙට්ටියේ තිබ්බ බාඩෝගේ පිංතූරෙත් නැතිය. ඒක අරන් ගියේ බී.බී.ඇස් කට්ටියද රාවේ කට්ටියද කියා හොයා ගන්ට බැරි වෙයිද මාමේ. නැත්නම් මට අය්යාගෙන් ටොකු කන්ට වෙන්නෙමු.

7 comments:

  1. එහෙම කේස් එකකුත් තියෙනවාද..?
    මාරයි නේ..

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔයා පහුගිය කාලේ ෆෝර්ම් කලේ මේවගේ කේස් කාරයෝ තමයි. නයාගේ තරම් දන්නැතුව රෙද්ද අස්සේ දාගත්තු එකනම් මාරම මාර වැඩක් තමයි.

      Delete
  2. අනේද කියන්නෙ! මාත් දැක්ක කස්ටිය කඩා පැනල ගෙහිමියාටත් තර්ජනය කරල බුදු පිලිමත් එක්ක ජේසුගෙ තව එක එක දෙවිවරුන්ගෙ පිලිම තියනව කියල කල "මහා සොයාගැනීම". අයියෝ බුදුහාමුදුරුවො හිටියනං තව සැරයක් සසර කලකිරෙනව මුංගෙ වැඩ වලට.

    ReplyDelete
  3. ඔන්න ඔතනිං තියහං කොල්ලෝ ඊවා ඒන්ජල් ගේ පිංතුරයක්

    ReplyDelete
  4. කලා මැදිරිය මොකද මේ bridget bardot ලට,ursula andress ලට ඔච්චරම අසා වයස එළිවෙයි ගොයියෝ.

    ReplyDelete
  5. මරු මරු........... :)

    ReplyDelete
  6. BBS නම් දන්නවා... සිංහල රාවේ කියන්නෙ මොකක්ද ?

    ReplyDelete