Friday, March 8, 2013

චාවේස් නම් වූ සටන් කාමියා




හියුගෝ චාවේස් මිය ගොසිනි. එය මෙසේ ඉක්මණින්ම සිදු වනු ඇතැයි හැඟී තිබුනද එම පුවත ඇසූ විට සිතට නැගුනේ මහා පාලු හා මූසල හැඟුමකි.ඔහුගේ මරණයෙන් දේශපාලන ලෝකයේ මහා හිඩැසක් ඇති විනැයි මට සිතේ.

ඔහු තමන්ගේ රට වැසියන් ඉදිරියේ බොරුවට ගිරිය පුප්පමින් අධිරාජ්‍ය විරෝධියෙක් වී , හොර රහසේ ඔවුන් සමග ඩීල් දමන ,ඔවුන්ගේ පස්සෙන් යන කපටියෙක් නොවීය.ඒකධ්‍රැවීකරණයට ලක් වූ ලෝකය තුල ඔහු සැබැවින්ම විප්ලවාදියෙක් විය.

ඔහු විශ්වාස කලේ සමාජවාදයයි. ඔහු එය ක්‍රියාවෙන්ම පෙන්වීය.

සමාජවාදය ගැන දෙසමින් රටේ ජාතික ධනය තම බැංකු ගිණුම් වල පොදි ගසා ගත් චෞරයෙක්ද නොවීය.

 වෙනිසියුලාවේ අති විශාල තෙල් සම්පතින් උනන ධනය තම ඔහු යෙදුවේ එරට දුක් විඳින ජනයා සුවපත් කරනු පිණිසය.

ඔහුගේ පාලන කාලය තුල ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය රටේ දරුවන්ට ලබා දුන් අතර සරසවි ශිෂ්‍ය ප්‍රතිශතය අනුව වෙනිසියුලාව ලෝකයේ පස් වැනි තැනට පත් කිරීමට ඔහුට හැකි විය.

ඔහු රටේ දුප්පත්කම 44% කින්ද  ළදරු මරණ අනුපාතය අඩකින් අඩු කලේය.

කෙටියෙන් කිවහොත්  රටේ ඉතා සුලු පිරිසක් භුක්ති විඳි තෙල් සම්පතෙන් ලැබුණු ධනය පොදු දේපලක් බවට පත් කලේය.

ඔහුගේ දේශපාලනයේ ප්‍රතිවිරෝධතා  තිබුණා වුවත් ඔහු තම ප්‍රතිවාදින්ගේ පවා ගෞරවයට ලක්  වෙන ආකාරයේ අචපල සටන් කාමියෙක් විය.

අප යුගයේ නොනැමුණු , දණ නොනැගැසූ විප්ලවවාදියා ඔහුය.

මේ කෙටි සටහන එවන් වූ ඔහු වෙනුවෙනි.

සුභ රාත්‍රියක් සොඳුරු කුමරුනි...

Adios amigo

51 comments:

  1. අපේ දි.මුත් ඔය චාවේස් වගේමයි. මාරන්තික ලෙඩක් තියෙනවනම් පෙන්ෂන් යන්නෙ නැතුව මැරෙනකම්ම බලයේ ඉන්නයි කැමැත්ත. එහෙම වෙන්නෙ ඇයි?

    ReplyDelete
  2. සමාජ වාදේ තද වෙච්ච පාර බේත් ගන්න යන්න වුනෙත් කියුබාවට නේද ? , ඔච්චර තෙල් තියන රටක් වෙලත් වෙනිසියුලාවේ ආර්ථික දර්ශක වල මහා ලොකු අගයක් නෑ . වාමාංශිකයින්ට වගේ " ම්හා පොරක්" බටහිර රටවලින් කොන් වෙච්ච සමහර නායකයින්ට කියා ගන්න බැරුව ඉන්න ටික කියල දාන්න පුලුවන් විම නිසා , ඔවුන් දකින විදිහේ " වීරයෙක්" වත් නොවුනත් , මරණෙන් පස්සේ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික සුවයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. වසර ගානක් ඇමෙරිකානු කොම්පැනි කොල්ල කෑ වෙනිසියුලානු තෙල් සම්පත ජනසතු කලේ ඔහුයි. චාවෙස් නම දු‍ටු පමනින් තද වී කෑ නොගසා ලිපිය කියවා බැලුවා නම් ඔහු එරට අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්‍රමයෙන් වර්දනය කරමින් සිටින ආකාරය.

      Delete
    2. ලිපිය බැලුවා , මොකෝ නොබල . සමාජවාදී , ඇමරිකන් විරෝධි ඕනිම එකෙක්ට දෙන්න යන්නේ ඔගොල්ල මිසක් අපි නෙවෙයි . ඔය ක්‍රමයෙන් කරගෙන ආපු කථාව ඕනි එකෙක්ට කියන්න පුලුවන් නේ . ලෝකෙ ඉන්න බොහොමයක් නායකයො මොනව හරි දෙයක් කරනවා තමයි ,ඒකට අමුතුවෙන් උඩ පනින්න දෙයක් නෙවෙයි . රාජපක්ෂගෙන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් හොයන ඔගොල්ලන්ට චාවේස් වීරයෙක් . හිනා යනව ඕයි !

      Delete
    3. ඔයා හිනාවෙන්න. වෙන මොනවා කරන්නද?

      Delete
    4. හිනා යනවනේ සහෝදරයා , දැන් බලන්න මහින්ද මාමා ජනාධිපති කාලේ දික් කලා , චාවේස් මාමත් ඒකම තමයි කලේ , මහින්ද මාම නිසා මාධ්‍ය නිදහසක් නෑ , චාවේස් මාමා නිසාත් එහෙමම තමා . ඔගොල්ලන්ට චාවේස් මාමා පොර මහින්ද මාම කොර

      Delete
    5. මේ බුවා උන්නෑහේ ඵයා බුවෙක් කියලා හිතාගෙන හිටියට ඈත්ටතටම ඵයා බම්බුවෙක් කියලා තමා අපිටනම් පේන්නේ.
      චාවේස් ගෑන හරි කියවීමක් නෑතිව, චාවේස් ඵන්න කලින් හා චාවේස් ආවායින් පස්සේ වෙනිසියුලාවේ උනු ආර්තික පිබිදීම ගෑන කිසිම හෑදෑරීමක් නෑතිව හෑමරිකන් ගෑති ජඩමාද්‍ය නිතරම කියවන චාවේස් විරෝදී පල්හෑලි ගෙඩි පිටින් මේතන ඔබලා බුවාගේ හිස්කම තාම ඵයා මෙතන පෙන්නන්නේ.

      මේ වාගේ බම්බු සපෝටර්ලා ඉන්නකන් රනිල් ලොක්කට වෙන්නේ ඉතිරිකලේත් ඔහොම්මම විපස්සනායක කමේ ඉන්න තමා.

      Delete
    6. ඔයා චාවෙස් ගැන කියවීම ගත්තේ රූපවාහිනයේ විදෙස් පුවත් විචාරයෙන්ද වාමාංශික පත්තර කැලි වලින්ද . චාවෙස් කරපු දේවල් සියල්ල පහත් කරන්න මට ඕනි කමක් නෑ . හැබැයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හොයන ගමන් අර්ධ ඒකාධිපතියෙකුට වීරයෙක් කියන එක ගැනයි මේ කියන්නේ .

      Delete
    7. චාවේස් ගෑන ඉගනගන්න වාමාoශික පත්තරකෑලි වත් දනපති බෝඅතල්පත්තර කෑලි වත් අමුතුවෙන් බලන්න ඔන නෑ.නෙට් ඵකෙන් ඵ් රටේ ජීවන දර්ශකය(UN) බෑලුහාම තේරුම්ගන්න පුලුවන් මොලේ තියන ඵකෙකුට.
      අනික චාවේස්ගෙන් පස්සේ අනිත් ලතින් ඈමරිකානු රටවලත් වාමාoශික බලය තහවුරු වීමෙන් චාවේස් කොයි තරම් ශේශ්ඨ නායකයෙක්ද කියන කාරනය ලෝකයේ අනික් රටවල ජනතාව තේරුම් අරගෙන තියනවාද කියලා ඔප්පු වෙනවා.
      කරුමෙට බුවාට ඉතින් පොනිල් ට ඵහා නායකයෙක් නෑ ලු නේ.

      Delete
    8. මොකක්ද ඔය ජීවන දර්ශකය ? වෙනිසියුලාව ලෝකෙ කීවෙනි රටද කියල පෙන්වන්නකො , අපිට බලන්න පුලුවන්නේ ධනවාදි රටවල් ඔක්කොටම උඩින් ඔගොල්ලන්ගේ වීර සමාජවාදි නායකයගේ රාජ්‍ය ලයිස්තුගත වෙලා ඉන්න හැටි . පොනිලෙක් මෙතනට අදාල නැනේ .

      Delete
    9. යෙකෝ මදිද දිළිඳ කමේ හිටපු රටක්, සංවර්ධනය කළා. වෙන රටකට රටේ සම්පත් හූරං කන්න නොදී ජනතාවට එවා දුන්නා. ඔබලට මාර ජෙල රටේ සම්පත් වෙනින් රටකට හුරං කන්න නොදෙනකොට. රටේ තියෙන දේවල් වෙන වෙන රටවලට පුද්ගලයින්ට විකුණන කොට ඔබලට සැපයි.
      අවංකව කියහං. මේ හැටිද නැතිනම් දන්නේ නැතිවද

      Delete
    10. තෙල් තියන රටක් සංවර්ධනය කරනවා කියන එක මහා ලොකු ආශ්චර්යක් නෙමෙයි බන් . කොහොමත් කරපු හොඳ වැඩ නැහැයි කියන්නේ නෑ , මේ කියන්නේ බොරූ වීරත්වයක් දාන්න එපායකියල . ඔය උඹ කියන දේවල් ගඩාෆියත් කලා .

      Delete
    11. [තෙල් තියන රටක් සංවර්ධනය කරනවා කියන එක මහා ලොකු ආශ්චර්යක් නෙමෙයි බන් .]

      යකෝ බුවා මාර බූරුවෙක්නේ.තෙල් කියන්නේ චාවේස් ආවට පස්සෙ ලෑබුනු ඵකක්කියලද උබ හිතාගෙන ඉන්නේ? තෙල් මිට අවුරුදු ගානකට කලින් ඉදන් වෙනිසියිලාවේ තිබුනු සම්පතක්.වෙනසකට තිබුනේ මීට කලින් හිටපු නායකයෝ ඵ් තෙල් සම්පත කුනුකොල්ලෙට ඈමරිකන් කොම්පෑනි වලට ලියලා දීලා ඵ් කොම්පෑනිවලින් දූශිත නායකයන්ට ලෑබුනු කොමිස් මුදලින් රජ සෑප විදපු ඵකයි.චාවේස් ඈවිත කලේ අදාල සමාගම් සහ දූශිත පාලකයන්ගේ තිබුනු මාෆියාව පන්නලා දාල තෙල් සම්පත ජනතුස කරපු ඵකයි.
      හරියට හිටපු ඉරාන නායක මොසඩෑක් වගේ.
      ඊට පස්සේ තුප්පහි ඈමරිකන් කොම්පෑනි වලින් ආපු හමුදා කුමන්ත්‍රන සේරම පාරාජය කරලා ජනතා පාලනය ස්තාවර කරන්න චාවේස්ට පුලුවන් උනා.(නමුට් මොසඩෑක් පාරාජය උනා )චාවේස් විශිශ්ඨයෙක් වෙන්නේ ඵතනින්.
      අනික නයිජීරියාව සුඩානය ඈතුලු අප්‍රිකානු රටවල් අති බහුතරයක් තෙල් සම්පත තියන රටවල් තමා .නමුත් ඵ් රටවල් තාමත් දිලිදුකමේ පතුලේ ඉන්නේ.ඵ්කට හේතුව තෙල් වලින් ලෑබේන මුදල් රටේ ජනයාට නොලෑබී පාලකයන් හා දූශිත සමාගම් බෙදා ගෑනීමයි.චාවේස් බලයට ඈවිත් කලේ මේ ක්‍රමය වෙනස් කරලා තෙල් වලින් ලෑබෙන මුදල් ජනතා සුබසෙතට යොමු කරපු ඵක.වෙනිසියුලාව සoවර්දනය වෙන්න පටන් ගත්තේ ඵතනින්.ඊට පස්සේ ඊවෝ මොරාලේස්,ජොසේ මුජීකා,ඔටේගා කොරේයා වගේ ලතින් ඈමරිකන් නායකයෝ ගත්තේ ඵ් ආදර්ශය.චාවේස් පරමාදර්ශයක් වෙන්නේ ඔතනින්.
      ඔකවත් දන්නෙ නෑති හෑමදාම පොනිල්ගේ හොද විතරක් කියාගෙන ඉන්න බුවාලා වගේ හෙන්චයියො ඉන්නකන් UNPයට වගේම රටටත් අබසරණය.

      Delete
    12. වෙනිසිය්ලාවේ හිටපු උන්ට වඩා චාවෙස් හොඳ වීම කියන එක උඹලට පරමාදර්ශයක් උනාට මට නම් එහෙම නෑ . තෙල් තියාගෙන ජනතාව දුක් විඳින හැම රටකමට ඒක අදාල පාලකයින්ගේ වැරැද්ද , චාවෙස් ඒ වැරැද්ද නොකරන පොරක් , තිබිච්ච වැරැද්ද නිවැරදි කලා කියමු . ඉතින් ඕකෙ මොකක්ද ඔච්චර උඩ දාන්න තියෙන්නේ , තෙල් තියන , ජනතාව සැප සම්පත් ලබපු හැම රටම චාවෙස්ගේ සමාජවාදයද අනුගමනය කරන්නේ ? නැනේ . ඒ නිසා ඕය දෙයින් විතරක් චාවේස් මහා පොරක් වෙන්නේ නෑ , ඔයාට ඕනි නම් පොරක් කියලා හිතාගෙන ආතල් එකේ ඉන්න . මයේ මොකෝ . , යන එන මං නැතුව ඉන්න ,වාමාංශිකයින්ට චාවෙස් වගේ පොඩ්ඩක් හරි දෙයක් කරපු , හඬක් නගපු බටහිර විරෝධියො මහා ලොකු පොරවල් තමයි ,

      Delete
    13. [වෙනිසිය්ලාවේ හිටපු උන්ට වඩා චාවෙස් හොඳ වීම කියන එක උඹලට පරමාදර්ශයක් උනාට මට නම් එහෙම නෑ .]

      බුවාගේ මෝඩජොක් කතාවලින්ම UNPකාරය කියන්නේ කොයි තරම් කුහක මෝඩ ජාතියකද කියන ඵක අපිට තේරුම්ගන්න පුලුවන්.
      චාවේස් කොහොමත් හිටපු උන්ට වඩා හොදයි තාමා ඵ්ක උඹ කියන්න ඔන නෑනේ.රටේ ආර්තිකය හදපු හෑදිල්ලෙන්ම ඵ්ක තේරෑනවානේ.නමුත් චාවේස් කියන්නේ ඊටත් වඩා ඉදිරියෙන් ඉන්න, අපි වඩවඩාත් හදාරන්න ඔන නායකයෙක් කියලයිඅපි කියන්නේ.
      මොකද අද මුලු ලෝකයම කියන්නේ ලතින් ඈමරිකාවම වෙනස් කරපු නායකයා චවේස් කියලයි.හිටපු පාලක මාෆියාව පාරාජය කිරීමේන් පස්සේ ඔයා මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගෑන ටියුශන් දෙන ඈමරිකන් ගෑති රූකඩයො ටික CIAඵකත් ඵක්ක ඵකතුවෙලා චාවේස්ට ඵරෙහිව හමුදා කුමන්ත්‍රනයක්{චාවේස්ට හෑමදාම මඩගහන ප්‍රජාතන්ත්‍රවාදීන් රෙද්දකඩාගෙන හමුදාකුමන්ත්‍රන කලත් බුවා වගේ යෑoකි ඩිකීගේ පක්සයේ කුක්කු පෑටවුන්ට ඵ්වා පේන්නේ නෑතිය.} පවා දියත්කලා මතක ඈති නේ.ඵ් වගේ අබියෝග දහස් ගනනක් ඵකපෙලට ජයග්‍රහනය කරපු නායකයෙක් තමා චාවේස් කියන්නේ.ලතින් ඈමරිකාව ඈතුලේ ඈමරිකාවට විරුද්දව කටක් අරින්න කාටවත් හයියක් නොතිබුනු කාලෙක ඈඅමරිකාවට විරුද්දව තනිවම සටනට බෑහෑලා මුලු ලතින් ඈඅමරිකාවාම ඈමරිකන් විරෝදී කලාපයක් කරන්න තරම් හයියක් හෑකියාවාක් පෙන්නපු නායකයෙක් තමා චාවේස් කියන්නේ.
      අද මුලු ලෝකයම, විශේශයෙන්ම ආර්තික අර්බුදයෙන් මිරිකිලා ඉන්න යුරෝපීයන් පවා චාවේස්ගේ හොද කියන්නේ ඵ් නිසයි.
      ඵ්ත් ඉතින් අපේ බුවා ඈතුලු UNPකුහකන්ටය බටලන්දේ පොනිල් ගේ හොද ඈර වෙන නායකයකුව අගයකරන්න තරම් හොද හිතක් නෑති ඵක ගෑන අපි මොනවා කරන්නද?ඔක කුනු UNPකාරයන්ගෙ ජම්ම ගතිය.

      මේව කියන්නේ බුවා ඵක්ක පවුද්ගලීක තරහකටනෙවේය. .UNP ශ්‍රීලකා පිසස්න්ගේ පිස්සුකතා අහපුහාම කොයි කාටත් හින යන නිසාය.

      Delete
    14. ඇමරිකාවට විරුද්ධව පස්ස උඩ දාගෙන කැගහන උන් උඹලට වීරයෝ උනාට අනික් උන්ට එහෙම නෑ , උඹල වගේ ලොං හැලිච්ච වාමාංශිකයින් ඇරුණාම ඇමරිකාවට සද්ද දැම්මාය කියල අමුතු වීරකමකුත් නැ . දැන් උඹලගේ මහා ලොකු වීරය ගේ පුස් පාට් හින්ද ඇමරිකාවට මොකුත් වුනාද ? ඔච්චර මහලොකු ඇමරිකන් විරෝධියා ඇයි ඇමරිකාවත් එක්ක වෙලඳ ගණුදෙනු නතර නොකලේ ? බේත් ටික ගන්න වැදගත් රටකට යන්න බැරුව කියුබාවේ රිංගලා , අවුරුද්දෙන් වලකජු ගහන්න වුනේ කාටද ? අනේ බන් ඉස්සෙල්ල උඹලගේ ඔය සමාජවාදි මුලග්ගායට බේත් අරගෙන ඉඳහන් . නැත්නම් උඹලට වෙන්නේ හැමදාම සිඅයි ඒ කුමන්ත්‍රණ ගැන කියව කියව , ඉඳල හිටල කොහෙන් හරියට මතුවෙන චාවෙස් වගේ චණ්ඩින්ට වැද වැද ඉන්න තමයි .

      Delete
  3. "මං එක්සත් ජනපද බල අධිකාරියට එරෙහිව සමාජවාදී පෙරමුණේ සටන් කරන නිහතමානී සොල්දාදුවෙක්" ඔහු නිතර දෙවේලේ කී වදනකි.
    ඔහු ශ්‍රේෂ්ටයෙකි.
    සමාජවාදයේ සැබෑ කඩපතක් වූවා කියුවෝත් වැරැදි නැත. අප ඔහුට ආදරය කරනුයේ ඔහු සමාජවාදියෙකු වූ බැවින්ම නොවෙ.ජනතාවට ආදරය කරන සැබෑ නායකයෙකු බවට පසක් වූ බැවිණි.
    ඔහු වාමාංශිකයන්ට පමණක් නොව පොර වූයේ. ධනේශ්වරයට ද පොරක් විය. එබැවින් ඔහු වටා නිරන්තරයෙන් ආපදාවන් සැරි සැරීය. සමාජවාදියෙකු මරණින් පසු ආධ්‍යත්මික සුවයක් බලාපොරොත්තු නොවේ.

    ReplyDelete
  4. මට නම් චාවේස් සම්බන්දවද විශ්වාසයක් නොමැත.ඒ වෙන කිසිවක් නිසා නොව අපේ රටේ සැබෑ තත්වය සහ ජනමාද්‍ය වලින් පෙන්වන තත්වයේ ඇති පරස්පරතාවය නිසාය.සැබෑ චාවේස් ගැන දැන ගැනීමට නම් වෙනිසියුලාවටම යන්නට සිදුවෙනු ඇත.අනිත් අතට සමාජවාදී දේශපාලනය කෙසේ වුවත් චාවේස්ද ජනාධිපති දුර කාලයේ ඇති සීමාව ඉවත් කරගෙන බල තන්හාවෙන් කටයුතු කල බව අමතක කල නොහැකිය.ඒකාධිපතියන් යනු ඒකාධිපතියන්මය.

    ReplyDelete
    Replies
    1. වෙනිසියුලානු මාධ්‍ය නොව පසුගිය දින දෙක තුනේ බටහිර මාධ්‍ය කියූ දේවල් බලන්න. ඔහුගේ දේශපාලනයේ ප්‍රතිවිරෝධතා තිබුනු බව සැබෑය. එහෙත් ඇමෙරිකානු බහුජාතික සමාගම් විසින් සූරා කෑ රටේ ජාතික ධනය ඔහු දුගී දුප්පත් ජනයා ගේ යහපත වෙනුවෙන් යෙදවූ බව නොපිලිගැනීමට නොහැක්කේ කුහකයෙකුට පමනි.

      Delete
    2. ගඩාෆි පවා රටට යම් සේවයක් කල බව පිලිගනිමි.එපමණකින් නොනැවතී හිට්ලර් පවා මුල් යුගයේ ජර්මනිය සංවර්ධනය කල බව පිලි ගනිමි.මගේ විරෝධය කවර හෝ නමින් පෙනීසිටින ඒකාධිපතිත්වය වෙනුවෙනි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. // ඔහු බලය දිගු කර ගත්තද, එය එම රට අධිරාජවාදි ග්‍රහනෙයෙන් මුදවා ගැනීමට මිසක, බල තන්හාවකට යැයි කීම යතාර්ථය පිළිගැනීමට ඇති අකමැත්ත ඔබ ප්‍රකාශ කරයි.//

      ඔහොම ලොජික් ඔනි කෙනෙකුට දාගන්න පුලුවන් . ඔය විදිහට බැලුවොත් අපේ මහින්ද මාමා ඉල්ලන වාර ගාණ අන්ලිමිටඩ් කලේ "විජාතික බලවේග වල කුමන්ත්‍රණ පරාද කරන්න , අධිරාජ්‍ය වාදි බලල් අතක් බලයට එන එක නතර කරන්න " පිලිගන්නවද ?

      Delete
    5. අනේ ගොo බුවෝ ක්‍රියාව දිහා බලලා ඉදහන්.චාවේස් ඵයාගේ ලමයින්ට ලෑම්බෝගිනි අරන් දුන්නේ නෑ නේ.ඈමරිකාවේන් තට්ටුගේවල් අරන් දුන්නේ නෑ නේ.
      බලාගෙන ගිහාම උබල වගේ ගොo UNP කාරයන්ගෙයි ගොන්දානේට චන්දේ දෙන බත් කන හරකුන්ගේයි කිසි වෙනසක් නෑනේ!

      Delete
    6. දැන් ලැම්බෝගිනි අරන් නොදුන්නා කියලා , ඇමරිකාවේ තට්ටු ගෙවල් නොගත්ත කියලා (මේවා කලාය කියන්නේ උඹමයි ,අපි නම් ඔහොම ඒවා ගැන දන්නේ නෑ ) තමන්ගේ බලය වැඩි කරගන්න එක හරි , මාධ්‍ය මර්ධනය කරන එක හරි ? එහෙමද ? ඕකට කියන්නේ තලගොයි තියරිය කියල

      Delete
    7. සමාවෙන්න, අකුරු නිවැරැදි කිරීමට ගොස් මාගේ අදහස් දැක්වීම මා අතින් මැකී ගියා.
      නැවත යොදන්නම්.
      ඔහු බලය දිගු කර ගත්තද, එය එම රට අධිරාජවාදි ග්‍රහනෙයෙන් මුදවා ගැනීමට මිසක, බල තන්හාවකට යැයි කීම යතාර්ථය පිළිගැනීමට ඇති අකමැත්ත ඔබ ප්‍රකාශ කරයි. ඇමරිකාව නිරන්තරයෙන් චාවේස්ට පහර දීමට සැරසුනේ වෙනිසියුලාවට ඇති ආදරයට නොවේ. CIA චාවේස්ව ලුහු බැන්දේ වෙනිසියුලාවේ ජනතාවට ඇති ආදරයට නොවේ. චාවේස් යනු සත්‍ය වශයෙන්ම ඒ රටේ ජනතාව රැක ගිනීමට සහ රටේ සම්පත් රැක ගැනීමට කටයුතු කළ නායකයෙක්. එය අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. සමාජවාදය කියන නම දුටු විට හෝ එවැනි රාජ්‍යයක් යැයි ඇසූ පමණින් බොහෝ දෙනෙක් නගන අදෝනාවක් ඔබ ද නැඟීමට උත්සාහ කරනුයේ.

      ඔබ (බුවා) පසුව අදහස් දක්වා තිබෙනවා, මහින්ද මහතා ගැන. මහින්ද මහතා ගැන ඔබට පැහැදිලි කළ යුතු නෝවේ ය කියා සිතනවා. මා කතා කරනු ලැබුවේ සමාජවාදී නම දාගන්න උත්සාහකරන ඊනියා සමාජවාදියෙක් ගැන නොවේ.

      Delete
    8. [තමන්ගේ බලය වැඩි කරගන්න එක හරි , මාධ්‍ය මර්ධනය කරන එක හරි ? එහෙමද ? ඕකට කියන්නේ තලගොයි තියරිය කියල]

      චාවේස් තමුන්ගේ බලය යොදාගත්ත අනුන් වෙනුවන් මිසක් රජ සෑප පිනිස නෙවෙයි.අනික ඵක කලේ රටේ ජනමත විචාරනයකින් මිසක් කෝටි පහේ කෑලි ඵහාටමෙහාට කරලා නෙවෙයි.ඔකවත් තේරෙන්නෑ නෑති බම්බුවා හොද ඉතින් පොනිල්ගේ හොරි කහන්නම තමයි.

      Delete
    9. ජනමත විචාරණ වල මොනව කරන්න බැරිද , ඇයි මෙහෙත් ඔය තිබ්බේ එක පාරක් .චාවෙස් වින්ද ද නැද්ද කියල ඔයා බලාගෙන හිටියේ නැනේ . ජනතාවට සේවය කරන්න කියලා තමයි කොයි එකත් ඒකාධිපතිකම් කරන්නේ

      Delete
    10. ජෝසප් ස්ටාලින්,පොල්පොට් වැනි පාලකයන්ද රජසැප පිණිස කටයුතු කල අය නොවෙති.නමුත් ඔවුන් යහපත් පාලකයන්ද?

      Delete
    11. චාවේස්සහ පොල්පොට් සමාන වෙන්නේ කොහොමද?චාවේස් සහ පොල්පොට් ජීවන ගමනේ දෙන්නා ඵකහාසමාන වෙන ඵකතෑනක් හරි තියනවාද?

      Delete
    12. [ජනමත විචාරණ වල මොනව කරන්න බැරිද , ඇයි මෙහෙත් ඔය තිබ්බේ එක පාරක් ]

      මුහුද දෑකලා නෑති පට්ට ගොඩයන්ට මුහුද(හෝගාන පොකුණ) ගෑන කොච්චර විස්තර කිව්වත් තේරුම්ගන්න බෑරිලු.
      ඉතින් මෑතිවරන උලාකාපු UNP වගේ පට්ට පජාත පක්ශවල ඉන්න උබල වගේ උන්ට සාදාරන මෑතිවරණයක් කියන්නේ තේරුම්ගන්න බෑරි ඵකක් තමයි.මොකද උබලාට ඵහෙම ඵ්වා කරලා පුරුදු නෑනේ.

      Delete
    13. මට පොඩි ගැටලුවක් තිබෙනවා, මා මෙන්ම මෙම පෝස්ට් එකේන් කතා කරනුයේ ඇමරිකාවේ පාලකයෙක් ගැන හෝ බ්‍රිතාන්‍ය කීරීටය ගැන නොවේ. ඊට කිසිසේත්ම සම කළ නොහැකි ජනතාව වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ නායකයෙක් ගැන.
      බුවා මෙන්ම තවත් ඇනෝ කෙනෙක් කතා කරනුයේ චාවේස් යනු ඇමරිකන් මොඩලයේ පාලකයෙක් යැයි සිතා ද?

      //ජනමත විචාරණ වල මොනව කරන්න බැරිද // සමාන්‍යෙයන් ඇමරිකාව වැනි රටවල් සමාජවාදී රටවල් පිළිබඳ පෙන්වා දෙන චිත්‍රය ද ඔබ නිවැරැදියි කියන්නේ. චාවේස් එරට ජනතාවගේ හදවත්තුළ කෙතරම් ලැගුම්ගෙන ඇතිද කියා බලන්න ඇමරිකා නිර්ණායක අවශ්‍ය නැහැ. නමුත්, ඔබාමාට පුළුවන්ද රටේ ජනතාවගේ හදවත දිනාගන්න. බැහැ.... ඔහු ජනතාවට ආදරය නොකරන බැවින්.

      Delete
    14. ඇනෝ - ඔහේ මම යුඇන්පි කාරයෙක් කියල උපකල්පනය කරලා කියන ඒවට කරන්න දෙයක් නෑ .

      නිර්මලා - ඔයාට ඇමරිකන් මොඩලය එක්ක අමුතු මලක් තිබුනට අනික් මිනිස්සුන්ට එහෙම නෑ . සමාජවාදී කියාගන්නා නායකයො වගේ ප්‍රතිරූප වන්දනාවකට යන්න ධනවාදි රටක ප්‍රජාතන්ත්‍රවාදි පාලකයින්ට අවකාශයක් නෑ . ඔබාමට ආදරය කරන්න අවශ්‍යතාවයක් නෑ ඔහුට දුන්න වාර දෙක ඇතුලෙදි පුලුවන් දේ කලා ගෙදර ගියා . ඊලඟ කාලයට වෙන කෙනෙක්ව තෝරගන්නවා එපමණයි . එක පුද්ගලයෙක් බදාගෙන , ඔහු වෙනුවෙන් හඬ වැලපෙන එක ඔගොල්ලන්ගේ සමාජවාදේ අවුලක් , උතුරු කොරියාවේ එවුන්ත් හොරු පෙරාගෙන ඇඬුවේ කිම් ජොන් මැරුනු වෙලාවේ .

      Delete
    15. එතකොට බුවා UNP කඩේ යනවා නෙවේ. මේක කොමඩි බ්ලොක් එකක් නෙමේ කියලා මට හොඳටම ෂුවර්. බුවා වසරේ හොඳම ජෝක්කාරයා වේවා! කොර වෙන්න කියලා පට්ට ටෝක් දෙන්න ඇවිත් තොපි තමයි බං ඕක කන අනිත් සෙට් එක.

      Delete
  5. මා ද ඒ බව කියා ඇත්තෙමි. බලන්න.

    "ඔහුගේ දේශපාලනයේ ප්‍රතිවිරෝධතා තිබුණා වුවත්......"

    මා අගය කරන්නේ ඔහු එක කකුලක් ඇමෙරිකාවේ හෝ එන්ගලන්තයේ තබා ගෙන , තම දරුවන් ඒ රටවල අධ්‍යාපනයට යවමින් තම රටේ ජනයා ඉදිරියේ ඔවුන්ගේ හැඟීම් ගසා කෑමට බොරුවට දේශප්‍රේමය හා අධිරාජ්‍යවිරෝධය විකුනන අප රටේ කපටින් හමුවේ ඔහු සැබෑවටම වීරයෙක් වන නිසාය.

    ReplyDelete
  6. දැන් ලැම්බෝගිනි අරන් නොදුන්නා කියලා , ඇමරිකාවේ තට්ටු ගෙවල් නොගත්ත කියලා (මේවා කලාය කියන්නේ උඹමයි ,අපි නම් ඔහොම ඒවා ගැන දන්නේ නෑ )

    අනේ උබලා වගේ කොන්ද පනනෑති UNPකාරයෝ.පොනිල්ටම හරියන උන් තමා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද කොන්ද පණ නැති කම . මම ඔය තට්ටු ගෙවල් ගත්ත එකක්වත් , ලැම්බෝගිනි ගත්ත එකක්වත් දන්නේ නෑ , උබ කියනවා නම් ගත්තා කියල මම නැ කියන්න යන්නේ නෑ. ලැම්බෝගීනි තට්ටු ගෙවල් වගේ නිශ්චිත දේවල් ගැන කථා නොකර කියමුකො "ජනපති ධූරයෙන් අයුතු වාසි ලබා ගැනීම කියල " මම අහන්නේ අයුතු වාසි නොලබනවා යන සාධකය මත ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දැම්මට කමක් නැද්ද කියල විතරයි

      Delete
    2. දෙවරක් චන්දයකට මුහුනදුනදීලා ගෙදරගිය පමනින් යම් පාලකයෙක් හොදයි කියන්න පුලුවන්ද?ඌ අපරාදකාරයෙක් නෙවෙයිද?
      ඈමරිකාවේ ජෝජ්w බුශ් නිලකාලය අවසන්කර ගෙදර ගියා හෑබෑයි ඵ් ගියේ දහස් ගනනක් ඉරාක පලස්තීන ඈෆ්ගන් දරුවන්ගේ ලේ ඈගේ ගාගෙන.ඵතකොට ඌ ප්‍රජාතන්ත්‍රවාදීද?:
      බෑරෑක් ඔබාමා මේ අවුරුදු හතර ඈදලා ගෙදර යාවී.ඵයා ඵහෙම යන්න කලින් ලිබියාවේ සිරියාවේ මිනිස්සුන්ගේ ලේ ගගාවල පීනපුවා අමතකකරන්න පුලුවන්ද?
      ජෝජ් බුශ් මිනී මරලා බෑටන්ඵක ඔබාමට දුන්නා ඔබාමා මිනී මරලා මරලා බෑටන්ඵක තවකවුරුහරි මිනීමරුවෙකුට දේවී.ඌ ඉතිරි ටික මරාගෙන යාවී.නායකයො ගෙදරගියාට මිනී මරන ඵක නතරවෙන්නේ නෑත්මන් මෑතිවරන ප්‍රජතන්ත්‍රවාදයෙන් ඈති වෑඩේ මොකක්ද?
      අනික අපේ JR පප්පා උනත් දේපාරෙන් ගෙදර ගියානේ.හෑබෑයි යන්න කලින් කලු ජූලිය ඵහෙම කරලා මෑතිවරන සිතියම් අකුලල අබරලා තියපු ගුලියනෙ අපි අවුරුදු 35ක් දිරවගන්න බෑරුව ඉන්නේ.
      ඉතින් ඵ් නිසා පාලකයකුගේ ශේශ්ඨතවය කාලයෙන් නෙවෙයි ක්‍රියාවෙන් මෑනපල්ල මෝඩයිනේ.

      Delete
    3. බුෂ් , ඔබාම තමන්ගෙ රටේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා නැනේ . උන් තමන්ට ලැබිච්ච කාල වකවාණුව ඇතුලේ ඇමරිකාවේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වැඩ කලා . සැප සම්පත් නොවීඳිම කියන කාරණය මත බලය දිගු කරගැනීම අනුමත කරන්න බැ වගේම , තමයි දෙපාරෙන් ගිය පමණෙනුත් ශ්‍රේෂ්ට නායකයෙක් වෙන්නේ නෑ . ඒ සඳහා අවශ්‍යතා බොහොමයි . අනික් සියලු දෙනාම විවිධ ආකාරයේ හොඳ /නරක මිශ්‍ර වෙච්ච දේශපාලකයො , නිකන් බොරුවට අමුතු වීරත්වයක් උන්ට දෙන්න යන්න එපා කියලයි මේ කියන්නේ

      Delete
    4. වෙනිසුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මිය ගොස් ඇත. ඔහු ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය විසින් හැටේ දශකයේ සිට පවත්වාගෙන ආ වමට එරෙහි Counter Insurgency නම් ප්‍රතිපත්තිය ලතින් ඇමෙරිකාවේ දී පරාජය කළ පුද්ගලයාය. ලංකාවේ දී යුධ හමුදාව 89 දීත් මේ වන විට උතුරේ ක්‍රියාත්මක කරන්නේත් මේ ඇමෙරිකානු විධික්‍රමයයි. මෙහිදී කරනු ලබන්නේ ක්‍රමවිරෝධීන් එක්කෝ විනාශ කිරීමය. නැතහොත් අවශෝෂණය කිරීමය. ලංකාවේ දී මෙම ක්‍රමය දෙවන වරට සුජාත කරණු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එවැන්නක් ලෝකයේ ජාතිවාදයේ නාමයෙන් කරන ලද ඊනියා එකම වාමාංශිකයන් ඔවුන් විය හැක. ඔවුන් සමාජවාදය පිහිටුවන්නට පොරොන්දු දී ධනවාදය තහවුරු කරන ලදි.
      හියුගෝ චාවේස් පහළ ජනකොටස් දක්ෂ ලෙස සංවිධානය කරමින් පන්ති අරගල ආකෘතිය තුළ වෙනිසියුලා සමාජ අන්තර්ගතය වෙනස් කළේය. එහි දී ඔහු තෙල් වලින් ලැබෙන ආදායම පීඩිතයන් සමාජීයව නගා සිටුවීමට ප්‍රති අයෝජනය කළේය. මියයන තුරු චාවේට්ව ආරක්ෂා කළ සමාජ තීරය වුයේ ඔවුන්ය. නමුත් හියුගෝ චාවේස් මාක්ස්වාදායෙක් නොවේ. ‛සිමෝන් බොලිවාර්ට’ පසු ජාතික විමුක්ති අරගලයක් ජයග්‍රහණය කළ මිනිසෙකු ලෙස ඔහු ඉතිහාසයට එකතු වනු ඇත. ලතින් ඇමෙරිකානු කලාපයේ ‛න්‍යාය’ වර්ධනය කරන ‛අර්නෙස්ටෝ ලැක්ලාව්ට’ අනුව චාවේස් යනු මාක්ස්වාදීන්ගේ සාරාත්මක අන්තර්ගතය විසංයෝජනය කළ ජනප්‍රියවාදියෙකි. ඔවුගේ මානුෂික උත්සහයට අපි ස්තූතී පූර්වකව ආචාරය පුදන්නෙමු.
      http://3mana.com/%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D-%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99/

      Delete
    5. මේ මට උඩින් ඉන්න ඇනෝ දනුශ්ක දස්කොන් කියන පෙරටුගාමියා නේද බොල

      Delete
    6. @AnonymousMarch 9, 2013 at 10:44 AM
      එක එකා ගේ ජාතක හොයන්න් උබට වෙන වැඩක් නැද්ද

      Delete
    7. [බුෂ් , ඔබාම තමන්ගෙ රටේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා නැනේ .]

      ඈයි බොල නෑත්තේ?වෝල් ස්ට්‍රීට් උද්ගෝශන කරුවන්ට ඔබාමා සලකපු හෑටි අමතකද?විකිලීක්ස් වල , ඈමරිකන් රජය ඵක්ක ඵකතුවේලා CIA , විරුද්දවාදීන් මරාදාපු හෑටි ලස්සනට තිබුන අමතකද?ඈෆ්ගනිස්තානේ ඈමරිකාව මිනීමරපු හෑටි ගෑන ලෝකෙට හෙලිකල මෑරීන් සේබල බ්‍රෑඩ්ලි ව හිරේදාලා මිනීමෑරුම් යටගහපු හෑටි අමතකද? අපේ බුවා කොලුවා පොනිල්ට කඩේ යනඵකෙන් ඔබ්බට ගිහිල්ලා දෑන් ජාත්‍යන්තර ධනවාදියෙක් වෙලා මිනීමරු බුශ් ටයි ඔබාමටයි කඩේ යනවනේ බොල කාටද ආඩ්ඩම්බර ඈ? ?

      Delete
    8. දැන් විකිලික්ස් වල තියන ඔක්කෝම ඇත්ත කියල ඔයා පිලිගන්නවා ? මාරයි නේ ? . උද්ඝෝෂණ රටේ සාමාන්‍ය ජන ජිවිතයට බාධාවක් වෙන මට්ටමට ආවාම ඒවට ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා , නැතිනම් උද්ඝෝෂනයේ නාමයෙන් ඕනි පිස්සුවක් කෙලිය හැකි නේ . දැන් ඔය කියන මහ ලොකු සමාජවාදී රටවල උද්ඝෝෂණය කරන්න කිසිම බාධාවක් නැතුව ඇතිනේ ?

      Delete
    9. [දැන් විකිලික්ස් වල තියන ඔක්කෝම ඇත්ත කියල ඔයා පිලිගන්නවා ? මාරයි නේ ?]
      බුවාලෝක මිනීමරුවා ඈමරිකාවට කොන්දේසි විරහිතව කඩේ යනවා වගේ.. හරිම අජූවයි නොවෑ...
      විකිලීක්ස් වල ඔක්කොම ඈත්ත නිසානේ කොම්බුවෝ ජූලියන අසාන්ජ් ව බොරු නඩු දාල ඈතුලට දෑම්මේ.අනික ඈමරිකන් කේබල් පනිවිඩ ක්‍රමයට රහසින් ඈතුල්වේලා හොයාගත්ත ඵ්වාකියලා තාක්ශනය ගෑන විද්වතුන් පිලිඅරගෙන ඉවරයි.ඈමරිකාව පිලිගත්ත දෙයක් බුවා කොහොමද නෑ කියන්නේ?ඈමරිකන් පිස්සුව ඔලුවටම ගහලද කොහේද?

      [උද්ඝෝෂණ රටේ සාමාන්‍ය ජන ජිවිතයට බාධාවක් වෙන මට්ටමට ආවාම ඒවට ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා , නැතිනම් උද්ඝෝෂනයේ නාමයෙන් ඕනි පිස්සුවක් කෙලිය හැකි නේ]
      අනික වෝල් ස්ට්‍රීට් උද්ගෝශන කරුවෝ රටේ සාමාන්‍ය ජීවිතයට බාදාවක් උනේ කොහෙද?රටේ ප්‍රජාතන්තරවාද‍යක් නෑතෑයි කියමින් බ්ලොග් අවකාශයේ අදෝනා දේන බුවාලා, ඈමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ගෝශ්ජන කරුවන්ගේ ඔලු ඵරට පාලකයන් විසින් පලනකො,ට ඵ් පාලකයන් වෙනුවේන් කඩේයාම පොනිල්ට කහින හෙනචයියලාගේ අදබාලකම හරියටම පෙන්නන අවස්තාවක්.ඈමරිකාවේ 99% වන ජනතාව ඵරට 1% වන දනපති බහුජාතික සමාගම් ප්‍රජාවට විරුද්දව කරපු වෝල්ස්ට්‍රීට් උද්ගෝශන මාලාව රටේ 1% වන බහුජාතික මූල්‍ය මාෆියා කාරයන්ගේ උවමනාවට ඈමරිකන් ආන්ඩුව CIAහාFBI මිනීමරුවන් ඵක්ක ඵකතුවේලා ප්‍රජාතන්ත්න්ත්‍ර විරෝදී විදියට විනාසකලා කියන ඵක පිලිගන්න බුවාට අමාරුයි වගේ.UNPකාරයෝ ඔහොම්මමයි.ප්‍රජාතන්ත්‍රවාදය UNPකාරයන්ට පිස්සුබල්ලට වතුර වගේලු.
      සිරියාවේ ආණ්ඩු විරෝදීන්ට තුවක්කු බෙදන ඈමරිකන් ආන්ඩුව තමුන්ගේ රටේ ආණ්ඩු විරෝදීන්ගේ ඔලු පලනකොට බුවා වගේ මහා පොජාතන්තරකාරයෙක් උන්ට කඩේ යන ඵක බලන්න අජූවයි නේද?]

      [දැන් ඔය කියන මහ ලොකු සමාජවාදී රටවල උද්ඝෝෂණය කරන්න කිසිම බාධාවක් නැතුව ඇතිනේ ?]
      මොකද නෑත්තේ?චාවේස්ට විරුද්දව කොච්චරන උද්ගෝශන තිබ්බද වේනිසියුලාවේ(ඵ් රටේත් පරණ UNP ජනසවි කරයො වගේ බත් පෑකට් ඵකටයි රු500ටයි කසිප්පු කාලටයි උද්ගෝඅශන කරන උන් ඉන්නවලු )?

      බුවා කියන දෙපිටකාට්ටු කතාවල හෑටියට වෑරදිලාහරි ආණ්ඩුවක් ආවොත් කොහොම තියෙයිද කියලා අපිට හිතාගන්න පුලුවන්.

      Delete
    10. අසාන්ජේට දාපු නඩුව බොරු කියලත් මෙයා මෙහ ඉඳන් හොයාගෙන , විකිලික්ස් වල සියල්ල ඇත්තවත් , සියල්ල බොරුවත් කියල කාටවත් කියන්න බෑ . ඇමරිකාව විකිලික්ස් කියන ඒවා ඇත්ත කියල පිලිගත්තා නම් රහසින් ඇතුලු වීම ගැන නඩු වැටෙන්න ඕනි . එහෙම දෙයක් නැතිනිසා පිලිගත්තාය වෙන්නේ නෑ . අනික කිසිම වැදගත් රාජ්යයක් විකිලික්ස් තොරතුරු ගැන අදහස් ප්‍රකාශ කරන්නේ නෑ , ඒ නිසා විකි ලික්ස් වල තිබුනු දේවල් වලට වලංගු භාවයක් නෑ , ඔයාලා වගේ ඇමරිකන් විරෝධීන්ට ආතල් ගන්න නම් හොඳයි . ඉඳල හිටලා සී නිවුසියත් ඔය ලීක්ස් එක බදාගෙන ආතල් ගන්නවා (ඔයාලගේම ජාතියේ කට්ටයනේ )

      උද්ඝෝෂණ ගැනත් ඔයාගේ තියෙන්නේ තලගොයි තියරිය , ඇමරිකන් ජනතාව 99% උද්ඝෝෂණ කරාය කියන්නේ අමූලික බොරුවක් සහෝදර්යා , ඔයාල වගේ මොලේ වලිප්පුව ගහපු උන් ටිකක් සීමාව ඉක්මවා යන කොට එලවන්න උනා, එහෙම නැතුව ධවල මන්දිරේට ගෙනිහින් කුක්කු පොවන්නද කියන්නේ ?

      Delete
    11. උද්ඝෝෂණ ගැනත් ඔයාගේ තියෙන්නේ තලගොයි තියරිය , [ඇමරිකන් ජනතාව 99% උද්ඝෝෂණ කරාය කියන්නේ අමූලික බොරුවක් ]

      99% කියන්නේ ඵරටේ ජනතාවගෙන් 99% ඵකට ආවා කියන ඵක නෙවෙයි.රටේ 99%ක් වෙන සාමානය ජනතාව 1%ක් වේන කොල්ලකාරී මූල්‍ය මාෆියා සමාජයට විරුද්දව නෑගීසිටියා කියන ඵකයි.රටේ 99%ක් වන සාමාන්‍ය ප්‍රජාවගේ නියෝජනය තමා ඵතන තිබුනේ.99% හඩ කියලා ඵයාලාව හදුන්වන්නේ බටහිර ජනතාව මිසක් මම නෙවෙයි.ඵ් කාලේ ඔයා පොතක් පත්තරයක් බෑලුවානම් ඔක ගෑන දෑනගන්න තිබුනා.

      [ඔයාල වගේ මොලේ වලිප්පුව ගහපු උන් ටිකක් සීමාව ඉක්මවා යන කොට එලවන්න උනා, එහෙම නැතුව ධවල මන්දිරේට ගෙනිහින් කුක්කු පොවන්නද කියන්නේ ]

      ඔයා උද්ගෝසන ටිකක විතර සීමාව ඉක්මවා ගියා කියන නිර්නායකය මොකක්ද?
      අනික ඈමරිකන් උද්ගෝශකයෝ දවල මන්දිරයට ගල් ගෑහුවේ නෑ නේ.ඵහෙනම් සීමාව ඉක්මවා ගියා කියලා ඔයා කියන්නේ කොහොමද?
      අනික සිරියාවේ උද්ගෝශකයන්ට තුවක්කු බේදන ඈමරිකන් ආණ්ඩුවට තමුන්ගේ රටේ සාමකාමී උද්ගෝශකයන්ට සීමාව ඉක්මවා ගියා කියන්න තියන සාදකය මොකකද?ඵහෙම කියන්න සදාචාරාත්මක අයිතියක් තියනවද?
      නෑත්නම් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේද?
      කොහොම්ත් පොනිලුත් ඵහෙමනේ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවට ඵයාගේ පක්ශේ ඈතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ .පොනිල් ගේ අඩිපාරේ යන බුවාකොලුවාට ඔවා තේරුම්ගන්න තරම් මොලයක් තියෙයි කියලා අපි හිතන්නේ නෑ.
      හෑබෑයි පුතෝ ඔනාවටත් වඩා ඈමරිකාවට දෙන්න ගිහාම වස කෑතයි හොදේ.මතකනේ පොනිල් ලොක්කත් විනාඩි 5කට බුශ්ව හම්බවේලා ඈවිල්ලා මේහේ පිස්සු නටලා නාගත්ත නාගෑනිල්ල?

      Delete
    12. 99%හඬ කියාගත්තේ වොල්ස්ට්‍රිට් කාරයෝම මිසක් වෙන කවුරුවත් නෙවෙයි . 99% ජනතාවගේ ප්‍රශ්න වලට පාරට බහිනවා කියල ඕනි එකෙකුට කියන්න පුලුවන් . ඔය ජෙප්පොත් එහෙම කියන්නේ . ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් වල වාර්ථා තාම අන්තර්ජාලේ තියනවා , ඇමරිකන් කාරයගේ උනාට අන්තර්ජාලේ පාවිච්චි කරනවනේ ? පිලිගත් මාධ්‍ය ආයතනවල වාර්ථා කියවල බලන්න ... ආ ඒව බටහිර ගැතිද මොකක්ද නිසා බලන්න බැරුව ඇතිනේ

      ඇමරිකාව රටෙන් පිට කරපුවා ගැන මම කථා කලේ නෑ , ඒවායේ "සාදාචාරාත්මක" කම ලෝකෙටම පෙන්න තියනවා. වෝල් ස්ට්‍රිට් උද්ඝෝෂකයන් අතඩංගුවට ගැනීම ගැන බිබිසි වාර්ථා තියනවා කියවලා බලන්න . ලංකාවේ පිටකොටුවම හරස් කරගෙන , අනික් මිනිස්සු දහස් ගාණකගේ වැඩ කටයුතු පාලු කරන් කරන ජාතියේ උද්ඝෝෂණ ශිෂ්ට රටවල කරන්න බෑය කියන එකත් ඔලුවේ තියාගෙන කියවන්න .

      Delete
  7. මට නම් චාවේස් පොරක් නෙමෙයි. යස අගේට තිබුන රට කියුබාවක් කලා. නමුත් ඔහුගේ නිර්භීත කමට හා එකසත් ජාතින්ගේ සංවිධානයේ පවා නොභියබ අදහස් ප්‍රකාෂ කිරීම අගය කරණවා. මොකෝ අපේ අය මෙහේ පොර ටෝක් දුන්නට. එහේට ගියාම කොර වෙලා. අතට අත දෙන්න පොරකනවා..

    ReplyDelete
    Replies
    1. උඩ කොමන්ටුව රනිල් පෙරක් කර ගත්තු අයෙක්ගෙන්.

      Delete
  8. thel sadde...

    habai sadam wage ayata wada nam grade .
    echcharai..

    e ara pora talk dena, pudgalika tharaha pirimahaganna ratak washayen walata giya moda uddachcha minihek!


    habai sadam wage ayata wada nam grade .
    echcharai..

    ReplyDelete