එනම් ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ඒ නිසා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වෙන බවත්ය.
දැන් කවුරුන් හෝ මහින්ද පැරදුනේ විමල්ගේ පඩත්තල කථා නිසා යැයි කියන විට විමල් කල යුත්තේ බැසිල්ගේ ප්‍රකාශයේ පිටපතක් එසේ කියන අයට ලබා දීමයි.
තව කවුරුන් හෝ බොදුබලය නිසා මුස්ලිම් චන්ද මහින්දට අහිමි වීමෙන් ඔහු පරාජය විනැයි කියන්නේ නම් නානසාර කල යුත්තේ බැසිල් උපුටා දැක්වීමයි.
එසේම නාමල්ගේ කාර් රේස් , රගර් හා මොන්ගල් කතා නිසා මහින්ද පැරදුනේයැයි කිව හොත් " අනේ පලයන් බං යන්න ,අපි පැරදුනේ ඒවා නිසා නොවේ, අපේ බාප්පා නිසා යැයි ඔහුටද බය නැතිව කිව හැක.
වෙන එකක් තියා කවුරු හෝ අසමජ්ජාතියෙක් " මහින්ද මහත්තයෝ ඔයා පැරදුනේ ඔයා ගේ බල ලෝභය, පෙරේත කම, ඥාති සංග්‍රහය,ඒකාධිපති වැඩ, මිථ්‍යා විශ්වාස,වංචා දූෂණ, රාජ උමතුවහෝ දෙමල ජනයාගේ හිස් මතට මෝටාර් හෙලීම නිසා" යැයි කිව්වොත් මහින්ද රාජපක්ෂ ට පවා ඇමෙරිකාවට වී සුව සේ වෙසෙන තම සහෝදරයා පෙන්වා " මම නෙවේ අන්න බඩු " යැයි කිව හැක.
මෙවන් සහෝදරයෙක් , බාප්පා කෙනෙක් ලැබීම සැබැවින්ම මහා වාසනාවක් නෙවේද?
ඔහොම බාප්පලා හැමෝටම නැත.
ReplyDeleteමහින්ද පැරදුනේ ඔහුගේ අසීමිත තන්හාව නිසයි . තන්හාව නිසා වස්තුව රැස්කිරීමට සදාකල් බලයේ සිටීමත් , තමාගෙන් පසු තමාගේ අයෙකුටම බලය පවරාගනීමටත් සැලසුම් කිරීම නිසා ඒ සඳහා ඕනෑම ජඩ වැඩක් කිරීමට ඉදිරිපත් වූ නිසාත් ඔහු පරාජය විය , නායකයෙකු සතු ගුණාංග නොවේ ඔහු සතු වුයේ , දක්ෂ නළුවෙකු සතු ගුණාංගය ,.
ReplyDeleteමේ ඒක නෙවී
ReplyDeleteනීතිඥ නාමල් රාජපස්ස විමල් වීරවංසට නඩු දැම්මෙ ඇයි කියල එක ගැන කව්රුත් දන්නෙ නැද්ද
නීතිඥ නාමල් රාජපක්ෂ කියන්නේ නාමල් බේබි නෙමේ.ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්චි කෙනා.
Deleteපැරදුනේ ඔබ නිසා තමයි... හැබැයි ඔබ නිසා ම විතරක් නොවෙයි...
ReplyDelete