Saturday, January 3, 2015

පොඩි එකාගේ දේශපාලනය



-පුතේ මේං උඹේ පංතියේ එල්ලන්න කැලන්ඩරයක්, අරං ගොහින් ටීචර්ට දීපං

-අනේ එපා තාත්තේ, අපේ පංතියේ එල්ලන්නේ මහින්ද කැලන්ඩර්

-මොකක්, ඒ කොහොමද? කොහෙන්ද මහින්ද කැලන්ඩර්

-ඇයි අපේ ඉස්කෝලේ හැම පංතියකටම මහින්ද කැලන්ඩර් ආණ්ඩුවෙන් එවනවානේ

-ඒකත් එහෙමද? ඒත් මේ අට වැනිදායින් පස්සේ මහින්ද කැලන්ඩර් අයින් කරයිනේ, ඒ නිසා මේක අරං තියා ගනින් එතකොට පංතියේ එල්ලන්න

-ඒ මොකෝ තාත්තේ මහින්ද කැලන්ඩර් අට වැනිදා අයින් කරන්නේ

-ඇයි එදාට චන්දෙන් මහින්ද  මහත්තයා  පරද්දලා මෛත්‍රී මහත්තයා දිනනවනේ

-එතකොට මෛත්‍රී මහත්තයා එයාගේ කැලන්ඩරයක් එවයිනේ, තාත්තාම ඕක තියාගන්න

-අනේ පලයන් බං යන්න උඹයි මායි දන්න දේශපාලනේ, පල ගොහින් ශිෂ්‍යත්වෙට පාඩම් කරපන්

2 comments:

  1. කතාව නම් පට්ටය................ කවුරු මොනවා කිව්වත් ඒක අැත්තය....... තාත්තාට වඩා පොඩි ඒකා දේශපාලනය අතින් ඉදිරියේය............

    ReplyDelete
  2. Kollata wede therenawa.

    ReplyDelete