Sunday, May 17, 2015

ජාතිවාදය හා පරිසර ප්‍රේමය-


මේ දිනවල ලංකාවේ සිටින ජාතිවාදින් සියලුදෙනා හිටි ගමන් පරිසර හිතවාදින් වී ඇමති රිෂාඩ් බදුර්ඩීන් විසින් කරනුවා යැයි කියනු ලබන විල්පත්තු වන විනාශයට එරෙහිව සටන වැද සිටිති. 

ඒ වැඩේ එක අතකින් හොඳය. කවුරු කලත් වැ‍රැද්ද වැ‍රැද්දමය.  කාගේ වුනත් වැරද්දට විරුද්ධ විය යුතුය. ඒක හැබෑවකි.

එහෙත් වන විනාශයට විරුද්ධ වන්නේ  ජාතිවාදි ස්ථාවරයකින් නම් එතැන තව වැ‍රැද්දක් ඇත. එනම් ජාති වාදයයි. වන විනාශයටත් වඩා ජාතිවාදය විනාශකාරිය. එම නිසා වන විනාශයට මෙන්ම එයට එරෙහි වීම  ජාතිවාදි අරමුණු වෙනුවෙන් යොදා ගැනීමටද අප විරුද්ධය.

මෙහිදී අපට තව ප්‍රශ්නයක් පැන නැගේ. 

එනම් මීට වසර කිහිපයකට පෙර ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලොන්නරුව සෝමාවතිය අභයභූමියේ හෙක්ටයාර් දසදහස් ගණනක් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුරලිදරන් හා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහටත් ඔවුන්ගේ විදේශීය ආයෝජකයා වන කුප්‍රකට ඩෝලේ සමාගමටත් පවරා දෙන විට මේ ඊනියා පරිසර වාදින් සිටියේ කොහෙද යන්නයි. පසුගිය රජයේ දේශප්‍රේමි අමෙරිකානු  හවුල්කරුවන් සෝමාවතියේ වන අක්කර දහස් ගණනක් විනාශ කරද්දී දිවයින හෝ හිරු වැනි මාධ්‍ය ආයතන වල ඇස් කන් බිහිරි වී තිබුණා විය යුතුය.

වෙන එකක් තබා එම ඩෝලේ සමාගම තවමත් තම විනාශය කර ගෙන යත් දීම මෙම ඊනියා මාධ්‍ය වාර්තා කර තිබුනේ රජයේ අණින් ( එවකට තිබූ ) මෙම වන විනාශය නතර කර වගා කර තිබූ කෙහෙල් පැල ද ගලවා දැමූ බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයක් බව දැන දැන ම කල දෙයකි.
මෙම ඩෝල් කරුවන්ට එවක තිබූ දේශප්‍රේමි රජය විසින් පවරා තිබෙන වනාන්තර ප්‍රමාණය මෙසේය.

කන්තලේ චුන්නකාඩු රක්ෂිතය- අක්කර 15,000
සෝමාවතිය වනෝද්‍යානය -අක්කර 11,600
ඌව කුඩා ඔය අක්කර 3000
බුත්තල අක්කර 500
http://news.mongabay.com/2011/1004-hance_dole_satellite.html

4 comments:

  1. මොනව වුනත් දැන් වුනදේ වුනා.. ඉස්සරහට වත් ඉතින් මොලේ ඇතුව වැඩ කලා නම් තමයි හොද​?

    ReplyDelete
  2. විධායක බලය පාව්චිචි කරනවා කිව්වේ.. කෝ කරාද?

    ReplyDelete
  3. කොතැන කලත්,කවුරු කලත් විනාශය විනාශයමයි.සොමවතියේ සිද්දි වගේම කරණා ගැනත් නිහඬව සිටියොත් කුමක් වේද ?මේ විනාශය ගැන නැගෙන හඬ හොඳයි.එය ජාතිවාදය සමගින් පටලා ගත යුතු නොවේ.

    ReplyDelete
  4. ඩෝල් කියන්නෙ මල ජරා කෙහෙලක්. වතුර රහයි. මොකට වවනවද මන්දා. කෙහෙල් නොකාපු උන්ට දෙන්න නම් හොඳයි

    ReplyDelete