Thursday, January 30, 2014

අනුවේදනීය කතාවක්



-ඔබට කියන්න පුලුවන්ද ඇයි කියලා ඔබ මේ පක්ෂයෙන් ම චන්දේ ඉල්ලන්න හිතුවේ කියලා

- ඒක හරිම අනුවේදනීය කථාවක් චතුර , ඉහි ඉහි මට ඇඬෙනවා මතක් වෙනකොටත්  ඉහි ඉහි

- හරි හරි නාඬා කියන්නකෝ ඉතින්

-ඉහි ඉහි මෙහෙමයි චතුර, අපි පොඩි කාලෙ හරි දුප්පත්. ඩැඩීට තිබුනේ එක කාර්  එකයි. ඉහි ඉහි, ඉති ඩැඩී ඒක අරං ගමන් ගියාම අපිට ෂොපින් යන්න්න වෙන්නේ බස් එකේ. ඉහි ඉහි ඉහි

- හරි හරි අපිට තේරෙනවා කියන්නකෝ ඉතින්

- ඉතින් දවසක්, ඉහි ඉහි, අම්මියි මායි , සුපර් මාකට් එකට ගියා බස් එකේ. අනේ අපේ අම්මි  හරි දුකක් වින්දේ ඒ දවස් වල, ඉහි ඉහි ඉහි, හිතන්නකෝ බස් එකේ යන්න වුනාම. ඉතින් අපි සුපර් මාකට් එක ලඟට යනකොටම චටපට චටපට දඩ බඩ දඩාං ගාලා සද්දයක් ඇහුනා. මට හරිම බය හිතුනා ඉහි ඉහි ඉහි අපේ අම්මිටත් බය හිතුනා . මට චූත් ගියා. අනේ අපේ අම්මි පවු. ඉහි ඉහි ඔයා දන්නේ නෑ චතුර ඒ වගේ දෙයක් ඔයාට වෙලා නෑනේ.

- ඉතින් මොකක්ද ඒ සද්දේ. අනික ඔබ කිව්වේ  නෑනේ ඒ සද්දෙයි මේ දේශපාලනෙයි අතරේ සම්බන්දේ.

- ඉහි ඉහි චතුර ඒක යූ ඇන්පී කාරයෝ දාපු රතිඤ්ඤා සද්දයක් චතුර, ඉහි ඉහි

- ඉතිං

- ඉතිං අපි බය වෙලා ඉන්නව දැකපු බුරුසු ‍රැවුලක් තියෙන මාමි කෙනෙක් ඇවිත් මට උම්මා එකක් දීලා මගේ බය නැති කරා ඉහි ඉහි, ඒ විතරක් නෙවේ අපේ අම්මිටත් උම්මා එකක් දුන්නා එයාගෙත් බය නැති වෙන්න.ඉහි ඉහි ඉහි

- ඉත්තින්

-ඉත්තින් එදා ඉඳලා මගේ අම්මියි මායි බුරුසු ‍රැවුල් තියෙන මාමිලාට හරිම ආදරෙයි. ඒකයි මේ සැරේ මම බුරුසු ‍රැවුල්  මාමගේ පක්ෂෙන් චන්දේ ඉල්ලන්නේ .ඉහි ඉහි මං පොඩ්ඩක් අඬන්නම් හොඳේ.

- හරිම අනුවේදනීය කතාවක්. ඇති වෙනකම් අඬන්න සුදෝ , මටත් ඇඬෙනවා


සටහන- මා මෙවර මැතිවරණයේදී ගයේෂා පෙරේරාට චන්ද දීමට තීරණය කර සිටිමි. මක් නිසාද යත් වෙනත් අපේක්ෂකයින් අපට පස්ස පෙන්වන්නේ චන්දය දිනීමෙන් පසුය. එහෙත් ගයෙෂා කලින්ම ඒ  දෙය  අපට කර ඇත. ඒ නිසා චන්දය දිනීමෙන් පසු  ඇය අපිට කරන්න යන දේ ගැන සැකයක් නැත. (. මෙම සටහනත් ඉහත නාට්‍යත් අතර සම්බන්ධය්ක් නැති බව කරුණාවෙන් සලකන්න. )

Friday, January 17, 2014

හිරුණිකා මගෙ නංගියේ


හිරුණිකා  මගෙ නංගියේ ඇයි
උසාවිය ලඟ  ගොම්මනේ ....//

පත්තරේ ඇති විස්තරේ 
දුමියගේ පව් සෝදනා
රත්තරන් වී රජතුමා දැන් 
චන්ද්‍රයා සේ පායලා
හිරුණිකා  ඇති දඟ  කලා දැන්
මැද කොළඹ  යං චන්දේ එනා

හිරුණිකා  මගෙ නංගියේ ඇයි
උසාවිය ලඟ  ගොම්මනේ ....//

Thursday, December 26, 2013

ජවිපෙට සුභ පැතුම්


කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිටින නිර්ධනින්ට  තිබූ අවසාන ප්‍රශ්නයත් විසඳීමට නිර්ධනීන්ගේ විප්ලවවාදි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහයක් ධනපති එජාප හා ශ්‍රිලනිප මන්ත්‍රීන්ගේ ක්‍රියා නිසා පසුගියදා නූලෙන් ව්‍යවර්ථ වී තිබේ.

ජංගම ලී බඩු වෙලෙන්ඳන් නිසා ප්‍රාදේශීය සභාවට බදු ගෙවන ස්ථීර ව්‍යාපාරික ප්‍රජාවට හානි සිදුවන බවත් එම නිසා ජංගම ලී බඩු වෙලෙඳාම තහනම් කළ යුතු බවත් ජවිපෙ මන්ත්‍රී ධර්ම ප්‍රිය  දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ.

 ධනපති පක්ෂ විසින්   පරාජය කර තිබෙන්නේ මෙම විප්ලවවාදි යෝජනාවයි.

ජවිපෙ මෙම නව අරගලය පිලිබඳව ඔවුන්ට සුබ පතන අතර අවශ්‍ය නම් මෙවැනි තවත් යෝජනා ඕනෑ තරම් මතක කර දීමට හැකි බව සටහන් කරන්නේ විප්ලවවාදි සහෝදරත්වයෙනි.

උදාහරණයක් ලෙස තැන් තැන් වල ගොස් මේසන් වැඩ කරන මේසන් බාස්ලා නිසා මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් වලට පහර වදින නිසා එය තහනම් කිරීමට යෝජනාවක් මී ලඟට ගෙන ආ හැකිය.

එසේ නැතිනම් ඉරිදා පොලේ එලවලු වෙලඳාම් කිරීම නිසා රංජිත් පේජ්ගේ ෆුඩ් දේශප්‍රේමි ෆුඩ් සිටියට පහර වදින බැවින් ඉරිදා පොලවල් තහනම් කිරීමේ යෝජනාවක් වුවත් ගෙන ආ හැකිය.





Sunday, December 15, 2013

ප්‍රසන්නගේ නව අවුරුදු පැතුම


අප මහරාජෝත්තමයානන් වහන්සේගේ දෙ‍ටු පුත් ජාතියේ නාමල විසින් පවත්වන්ට යෙදෙන මහා මෝටර් කාර් ධාවන තරඟය විනෝද බද්දෙන් නිදහස් කළා වූ පුන්‍ය කර්මය හේතුවෙන් ඒ කුමාරවහන්සේගේ අනුකම්පාව මා වෙත යොමු වී ලබන වර්ෂයේ පවත්වන්ට තිබෙන්නා වූ පලාත් සභා මැතිවරණයේදී  මා මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබේවා!

උතුරු මැද වූවා මෙන් මහ ඇමති කම වැඩිම මනාපයට නොදේවා, ඌවේදී වූවා මෙන් නෑදෑකම් පෙර‍ටු නොවේවා. කිරිපිටි වලටත්, පරිප්පු වලටත්, සීනි වලටත්, ලූනූ වලටත් බදු ගසා ලබන ආදායම්ද යොදවා තව තවත් කාර් රේස්ම මේ රටේ ජහමනයාට ලැබේවා! 

Friday, December 6, 2013

නෙල්සන් මැන්ඩෙලා


එලිමහනේ සටන් වැදි 
තම සගයන්
බල්ලන් බළලුන් මෙන්
මරා දැමෙන යුගයක
රොබින් දූපතේ 
හුදකලා සිර කුටියක 
වසර විසි හතක්
එකක් දෙකක් නොව 
හය හතක් නොව
වසර විසිහතක්
එක් රටක
එක් ජාතියක නොව
මිනිස් වගෙහිම 
ඉරණම තම දෑතින් ගෙන
 නොබිඳුනු අදිටනින්
කලු ගල් කැඩූ
මහ පුරුෂයාණනි
ඔබටයි මේ 
අවසන් ආචාරය

Monday, December 2, 2013

අපිටත් බෙන්ස් එකක්



මෙදා සැරේ අයවැයෙන් රජයේ සේවකයින්ට අත දිග හැර මදි නොකියන්ට ඓතිහාසික දීමක් දී තිබේ.අනම් මනම් නැත. මාසෙකට එක්දාස් දෙසීයක්ම දුන්නේ එතුමාට සුපුරුදු රාජකරුණාවෙන්මය. මාසෙක්ට එක්දාස් දෙසීයක්. දවසකට සුපියල් හතලිහක්ම. නිකම් සුපියල් නොව ගෙඩි සුපියල් හතලිහක්ම . මේ වගේ දීමක් ගැන මහාවංසේවත් ලියවිලා නැත. 

මේ උතුම් රාජ්‍යයේ රාජ්‍ය සේවකයෙක් වන මම දැන් ඉතින් කල්පනා කොරන්නේ මේ ලබා දුන්නු මහා ධන නිධානය කලමනාකරනය කොර ගන්නේ කොහොමද කියලාය. උතුමානන් වහන්සේලා අපි වගේ හුදී ජනයාට මේ වගේ වස්තු සම්බාරයක් දුන්නාම ඒක නැති නාස්ති කර ගන්ට හොඳ නැත. 

ඒක නිසා මේ ලබා දුන්නා වූ එකදාස් දෙසීය රටට ජාතියට වැඩක් වෙන , දේශප්‍රේමි විදියට වියදම කොරන එක ජාති මාමක රාජ සේවකයින් කාගෙත් යුතුකොමය.

අපේ ගෙදර උදවියත් එක්කත් කතා කොරලා මම ඒකට ගැහූ පැලෑන මෙහෙමය. 


ලොකු එකාට නාමල් බේබි එක්ක රේස් පදින්ට මිල අඩු කරපු රේස් කාර් එකක් ගන්ට රු. 130.75

 චෝගම් එකට ගෙනා බෙන්ස් කාර් එකක් අපේ අප්පච්චිට අරන් දෙන්ට  රු. 125.00

පොඩි කොලු අභ්‍යවාකාස විද්දියාව ඉගෙන ගන්ට චීනෙට  යවන්ට රු. 200.00

ලොකු  කෙලීගේ වෙඩිම ඔබරෝයි එකේ ගන්ට රු. 75.25

කොළඹ කො‍ටුවෙන් පර්චස් හාරසීයක් අරන් කැසිනෝ පොලක් දාන්ට රු. 503.00

ගෙදර උන්දෑ ඩිස්නිලන්තෙට යවන්ට රු.74.10

ගනන් බැලුවාම තව රු. 91.90 ක්ම ඉතුරුය. ඒකෙන් රුපියල් 91 පොඩී කෙලීට දෑවද්දට දෙන්ට තියාගෙන ඉතුරු ශත අනූව මට  නෙත්තිකුමාර නෝනාගේ බූරුපොලට යන්ටය.

සටහන- රජයේ සේවක සියල්ලෝම මේ වගේ වැදගත් සැලස්මක් හදා ගත්තොත් මේ රට ආස්චර්යක් කොරන එක මහ කජ්ජක් නොවේය. 

Thursday, November 28, 2013

කුමකටද මව්බිමක්



මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ 
පායුග මත කඳුලක් හෙලන්නට 
පුතෙකුට ඉඩක් නැත්නම්

මියගිය මව්ගේ 
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
 ගෙලින් අල්ලා පි‍ටුවහල් කරයි නම්

එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම් 
කුමකටද එවන් මව්බිමක්

(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා  රටෙන් පි‍ටුවහල් කරයි)

Tuesday, November 26, 2013

අඩෝව් කැමරන්


සැඟවී සිටි බිත්තර ක‍ටුව පලා ගෙන එලියට පැන්න මහා පුරුෂයෙක් ඈත අහසේ ඇදී යන ගුවන් යානයක් දෙස බලාගෙන මෙසේ කෑ ගසයි.

" අඩෝව් කැමරන්, ‍තෝ කවුද ඩෝ අපිට නීති දාන්න , වල් පරයා, ‍තෝ මට අහු වුනා නම් හක්කේ තියලා සෙම අරිනවා,‍තෝ අධිරාජ්ජිය වාදියා ‍තෝ හිතාන ඉන්නේ අපි තාමත් තොපිට යටහ් කියලද? ‍තෝ මට අහු උනානම් තොට වෙන්නේත් බැන් කි මූන්ට වෙච්ච දේමයි . ‍තෝ දන්නේ නෑ මේ විහිලුවංශ කවුද කියලා.ආයේ මේ පැත්තේ ආවොත් බලා ගනින් තොට වෙන දේ කැමරන් හු...."

( බ්ලොගයේ පල කිරීමට හැකි මට්ටමක නැති බැවින් දේශප්‍රේමි තුමාගේ කතාවේ ඉතිරි කොටස් පල නොකරන බව කරුණාවෙන් සලකන්න.)

Friday, November 15, 2013

කඩුගන්නාවට වෙනම රාජ්‍යයක්



මේ දිනවල කෑමෙන් පීමෙන්, නැ‍ටුමින් ගැයුමින් කොඩි ධජ පතාක වලින් අඩු නැතිව පවත්වන  චෝගම් හෙවත් පොඩු රාජ්‍ය මණ්ඩල නායක සමුලුවේ තේමාව ලොවක් එක් කල රටක් යන්නය. මෙයට මෙම යටත්විජිතවාදි සංගමයට රටවල් 53ක් අයිති වුනත් ලංකාවට එන ප්‍රමාණය ඊට බෙහෙවින් අඩු වනු ඇතැයි විස්වාශ කෙරේ. මෙය ඉන්දියන් සාගරේ අමුතු ඇටේ වන ලංකාවේ තත්වයට හරි නැති නිසා මීට සුදුසු පිලියමක්  කනා මැදිරියා වන මම සෙව්වෙමි.

 පහතින් ඇත්තේ ඊනියා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ඊනියා රටවල් කිහිපයක ජනගහණයයි. මෙම සමහර රටවල ජනගහණය ලංකාවේ කුඩාම පලාත්පාලන ආයතනය වන කඩුගන්නාව නගර සභාවටත් අඩු බව පෙනේ. දැන් අපි කළ යුත්තේ කඩුගන්නාව නගර සභාවට වෙනම රාජ්‍යයක් තත්වය ලබා දී එහි සභාපතිවරයාත් රාජ්‍ය නායක සමුලුවට සහභාගි කර ගැනීමයි.එවිට ඉන්දියාව ,කැනඩාව වැනි රටවල අඩුව යම් තරමකට හෝ පියවා ගත හැකිය.

ස්වාසිලන්තය     - 1,077,000.00
සයිප්‍රස්  -   888,000.00
‍ෆිජි     -   862,000.00
ගයනා ` -   798,000.00
සොලමන් දූපත්-  561,000.00
මෝල්ටා-  419,000.00
බෲනේ    - 407,000.00
බහමාස්      -368,000.00
බෙලිස්   -340,000.00
මාල දිවයින  -331,000.00
බාර්බඩෝස්   -276,000.00
වනා‍ටු    -265,000.00
සමෝආ -190,000.00
සේන්ට් ලුසියා  -170,000.00
කිරිබටි  -106,000.00
ටොන්ගා -104,000.00
ග්‍රැනඩා     -103,000.00
සෙන්ට් වින්සන්ට් සහ ග්‍රෙනඩියන්ස් -97,000.00
සීෂෙල්ස්  -94,000.00
ඇන්ටිගුවා සහ බාබියුඩා   -  88,000.00
ඩොමිනිකා   - 71,000.00
සෙන්ට් කිට්ස් සහ නෙවිස්   -  55,000.00
‍ටුවාලු  - 11,000.00
නාවුරු    - 10,000.00



Wednesday, November 13, 2013

තවත් ඉල් මාසයක්


තවත් ඉල්  මාසයක් පැමිණ ඇත
පා ඇඟිලි අතරින් චිචිරි චිරි මඩ පනින 
සීත හිරිගඩු පිපෙන වැසි සුලං හමායන
එනමුදු හදවත උණුසුම් කරන 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

ටයර් සෑ මත දැවී ගිය උන්ගේ
මතක අමතක වූ 
බො‍රැල්ල කනත්තේ  ආදාහනාගාරයේ
පණ පිටින් දැවී ගිය ඔහුගේ හඬ නෑසෙනා
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

රතු පාට යැයි සිතා 
රෝස පැහැ කමිස ඇඳ පැමිණ 
රෙජිෆෝර්ම් වලින් තැනු ස්මාරක වලට
මල් කළඹ  තියා වඳින්නට 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

Monday, November 11, 2013

සිං සිං සිං සිං


මන් මෝහන් සිං
එන්නේ නෑලු සිං
අනේ අපේ  කිං
වැ‍ටුනා අහසින්


සිං මොකටද බං
ඉන්නේ චැං චුන්
ණය අරගෙන දැං
බාල් නටමු බං

Saturday, November 9, 2013

කනාමැදිරියාගේ ආච්චිගේ ලියුම


රටේ දරුවන්ගෙන් 25% කට වඩා මන්දපෝෂණයෙන් පෙලෙද්දි,වි‍රැකියාව නිසා තරුණ පෙල පීඩා විඳිද්දි, පාන් ගෙඩියේ ,පරිප්පු 250 සිට වූ සෑම ආහාරයකම මිල දෙගුණ   තෙගුණයකින් ඉහල යාම නිසා රටේ ජනතාවගෙන් බහුතරයට  කුසෙන්  අඩක් පුරවාගැනීමට සිදුව තිබෙද්දි, රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇති මොහොතක........


හිටපු සුපිරි විප්ලවාදි තාරකාව , අසහාය සමාජවාදි, ලංකාවේ චාවෙස් යනුවෙන් තමන්වම හඳුන්වාගන්නා විමල් වීරවංශ ගරු කටයුතු ඇමතිතුමා තම ශරීරයේ වැඩි පුර ඇති තෙල් මන්ද දවාගැනීම සඳහා , සුපිරි රියක නැගුණු ආරක්ෂකයින් පිරිවරා, සුපිරි ක්‍රීඩා ඇඳුම්, පාවහන් ඇඳ, ඉස්තරම් පැදගෙන යාමේ ඇති උත්ප්‍රාසය වටහා ගැනීමට උත්සාහ කිරීම නිසා මොලය අධික ලෙස රත් වී කනාමැදිරියා නැවත වතාවක් රෝහල් ගත කල බව සියලු බ්ලොග් වාසි ජනතාවට මෙයින් දැනුම් දෙමු.

මීට

කනාමැදිරියාගේ ආච්චි