තවත් ඉල් මාසයක්


තවත් ඉල්  මාසයක් පැමිණ ඇත
පා ඇඟිලි අතරින් චිචිරි චිරි මඩ පනින 
සීත හිරිගඩු පිපෙන වැසි සුලං හමායන
එනමුදු හදවත උණුසුම් කරන 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

ටයර් සෑ මත දැවී ගිය උන්ගේ
මතක අමතක වූ 
බො‍රැල්ල කනත්තේ  ආදාහනාගාරයේ
පණ පිටින් දැවී ගිය ඔහුගේ හඬ නෑසෙනා
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

රතු පාට යැයි සිතා 
රෝස පැහැ කමිස ඇඳ පැමිණ 
රෙජිෆෝර්ම් වලින් තැනු ස්මාරක වලට
මල් කළඹ  තියා වඳින්නට 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

Comments

  1. එක්කෝ විමල් ගිය පාරේ නම්බු පිටින් යන්න ඕනේ.....

    ReplyDelete
  2. ඒදා දිවිදුන් සියල්ලන්ටම මගේ ආචාරය!!!!!!!

    එදා මෙදාතුර .....දේශපාලනය අප්‍රසන්න මඩගොහොරුවක් බවට පත්කල සියල්ලන්ටම මගේ පෞද්ගලික විරෝධය........

    ReplyDelete
  3. දරා ගන්න බැහැ නේද?

    ඩී. එස්, බන්ඩාරනායක මහතා, මැතිණිය, ජේ ආර්, ප්‍රේමදාස රාජ්‍ය නායකයින් (බහු ජන නායකයින්) සමරන්නේ කෙසේද?

    විරු සමරුව ජවිපේ පක්ෂයට අදාල දෙයකි. එය බහුජන වැඩක් නොවේය. එබැවින් පක්ෂය මඟන් එහි සැලසුම තීරණය කරයි. එය ඔබට හෝ වෙනත් පරිබාහිර පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත සිදු නොවේ.

    සමරු නිර්මාණය කෙරෙන්නේ රිජිෆෝම් වලින්ද, මැටියෙන්ද, ගලින්ද, කිරි ගරුඩින්ද යන්න වැදගත් නැත. ජවිපේ පිළිම ඇඳහීමක් නැත. නමුත් චරිත අගය කරයි. ආදර්ශයන් උකහා ගනී. විරුවන්ට ආචාරය පිරි නමයි.
    (ආණ්ඩුව මෙවර විරු සමරුව කොළඹ පැවැත්වීමට පවා ඉඩ නොදීය. ඔබට එම ආණ්ඩුව හොඳය. නැතිනම්, පෙරටුගාමීත්වය හොඳය.)

    ReplyDelete
    Replies
    1. අද පෙරටුගාමී එකේ සිටින, නමුත් එදා ජවිපේ හිඳ විරු සමරුවට සහභාගි වීමේදී රෝස පැහැ කමිස ඇඳපු අයත් සිටි, පමණක් නොවේ රිජුෆෝම් වලින් සමරු සෑදීම පවා කළ බව ඔබ දන්නේ නැද්ද. කලාමැදිරියා යනු පෙරටුගාමී අලුත් සාමාජිකයෙක්ද?

      Delete

Post a Comment