මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ
පායුග මත කඳුලක් හෙලන්නට
පුතෙකුට ඉඩක් නැත්නම්
මියගිය මව්ගේ
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
ගෙලින් අල්ලා පිටුවහල් කරයි නම්
එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම්
කුමකටද එවන් මව්බිමක්
(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා රටෙන් පිටුවහල් කරයි)