Saturday, January 10, 2015

මෛත්‍රීපාල ගේ ජයග්‍රහණය ඇත්තක්ද?


මෙවර ජනපතිවරණයෙන් රටට ලැබුණු වඩාත්ම ධනාත්මක ඵලය කුමක්දැයි කිසිව්කු මගෙන් ඇසුවහොත් මා නිසැකවම කියන්නේ නක්ෂත්‍ර කරුවන්, ජ්‍යෝතිෂ්‍ය කරුවන් හා කෙන්දර කරුවන් ඇතුලු මිත්‍යාමත වපුරන්නන් ගේ බොරුව හෙලිදරව් වීම හා ඔවුන් රටේ ජනතාවගේ සමච්චලයට ලක් වීම බවයි. 

පවතින දේශපාලන තත්වයන් උඩින් පල්ලෙන් අතගා බලා හා පාලකයින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි අමු බොරු ඇද බාන මෙම වංචනිකයන් රොත්තට යම්තම් හෝ සාමාන්‍ය දැනීමක් තිබුනේනම් මෙවර චන්දයෙදී මහින්ද රාජපක්ෂ දිනන බවට තම ජීවිත ඔට්‍ටු අල්ලන්නේ නැත . 

එහෙත් රටේ ජනතාව හැසිරුනේ ඊනියා ග්‍රහ තාරුකා වලට අවශ්‍ය පරිදි  නොවේ. 

එම නිසා මෙතෙක් කල් මෙම බොරුකාරයින් රොත්ත කලේ සාමන්‍ය ජනයාට පවා තේරෙන ඇත්ත ඊනියා  නක්ෂස්ත්‍ර විද්‍යාවෙන් සොයා ගත් දෙයක් යැයි පවසමින් රට හමුවේ තැබීමයි. ඉන්පසු ඔව්හු එම අනාවැකිය හරි ගිය පසු ලැබෙන කීර්ති නාමය විකුණමින්  අන්ධ භක්තික අහිංසක මිනිසුන්ගේ මුදල් කඩා ගත්තේ කෝටිපතියන් බවට පත් වූහ. 

මේ රටේ ජනතාවට මොලයක්  ඇත්නම් මීට පසුවවත් මෙවැනි ගර්හිත අවිද්‍යාවන්  පසුපස නොයා යුතුය.

එහෙත් කවුරු දනිත්ද? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නොව.

පහතින් දැක් වෙන්නේ ජනවාරි මුල් සතියේ දිනක දිනමිණ පත්‍රයේ පල වූ අනාවැකියකි. අනාවැකි කරුවා අන් කිසිවෙක් නොව අප රටේ ජාතික වීරයෙක් වන ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධනය.

මේ අනාවැකිය අනුවනම් මෛත්‍රීපාල සිරිසේනට  කෙසේවත් මේ රටේ ජනාධිපති විය නොහැක. 



ජනපති ජය නියතයි 8දා ප්‍රබලම ග්‍රහ තත්ත්වයක්

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී
සුමනදාස අබේගුණවර්ධන

නිදහසින් පසු බිහි වූ රාජ්‍ය නායකයන් අතරින් මහා බලගතු ග්‍රහ තත්ත්වයක්  හිමි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම ඒකාන්ත බව ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, ඉන්දියන් එක්සලන්සි සම්මානලාභි දේශබන්දු සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ ගත කරන වේලාව ඉතාම සුබ අවස්ථාවක් බවත් එතුමා ගත කරනුයේ පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගත කළ ග්‍රහ තත්ත්වයන්ට වඩා ප්‍රබල ඉතාම සුබදායක ග්‍රහ අවස්ථාවක බවත් ඒ මහතා පැවැසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රහ තත්ත්වයන් අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි තත්ත්වයක් බවත් හෙතෙම කීය.

ඔහු මෙසේද ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා උපන් නැකත අනුව මැතිවරණ දින වන 8 වැනිදා පවතින නැකත පරම මෛත්‍රී ගණයට අයත් වෙනවා. ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි මහා අනුහස් බලය ලබා දුන් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 11 වැනි කොටුවේ ඉතාම බලගතුව උච්චව ගමන් කරනවා. එසේම ඒ මහතාගේ ජන්ම පත්‍රයේ 11 වැනි කොටුව අධිපති සඳු එම 11 වැන්නේම ස්වක්ෂේත්‍ර බලයෙන් සිටිනවා. එය ඉතා බලගතු ග්‍රහ යෙදුමක්.

මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම ඡන්දය දැමීමට යන මොහොතේ වෙනත් කිසිදු අපේක්ෂකයකුට නොලැබුණු ආකාරයෙන් එතුමාගේ පක්ෂියා වන භේරුණ්ඩ පක්ෂියාත් රජ අවස්ථාවේ පසුවෙනවා. මේ මැතිවරණය සඳහා නිවේදනය නිකුත් කළ දින පැවැති ග්‍රහ තත්ත්වයන්ද, නාම යෝජනා බාර දුන් අවස්ථාවේ පැවැති ග්‍රහ තත්ත්වයන් ද අනුව එතුමාගේ පක්ෂියා රජ අවස්ථාවේ පසු වුණා. 

අනෙක් කිසිදු අපේක්ෂකයකුට මෙවැනි ග්‍රහ තත්ත්වයක් යෙදී නැහැ. මේ සියලු කාරණාවන් සලකා බලන විට මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

6 comments:

  1. අමාවක..........

    සුමනදාස උන්නැහේ පොරොන්දු වුණ විදිහට සියදිවි නසාගන්නේ කවදාද දන්නෑ...............?????

    ReplyDelete
    Replies
    1. සිය දිවි නසා ගන්න සුදුසු නැකත තවම උදා වී නැතිලු

      Delete
  2. 8 වැනිදා පවතින නැකත පරම මෛත්‍රී ....

    ReplyDelete
    Replies
    1. එකනේ බං කියන්නේ,බලගෙන ගියාම කුමන්ත්‍රණකාරයා සුමනයාමයි.

      Delete
  3. මහින්දට ඔයතරම් හෝ චන්ද ලැබුනේ චන්ද පෙට්ටි මාරු කරලා චන්ද පෙට්ටි මාරු කල කතාවේ කිසිම බොරුවක් නැහැ , ඉතාමත් පැහැදිලි ලෙස චන්ද දුෂණයක් තිබෙනවා , 81.52% චන්දය පාවිච්චි කළා , කියා කිසිසේත් පිළිගන්න බැහැ , 75% වුනත් පිළිගන්න බැහැ , 1% වෙනස කියන්නේ චන්ද 150,000 ක් පමණ වෙනවා , සාමාන්‍යයෙන් 75% චන්දය පාවිච්චි කර මෙය 81.5% දක්වා වෙනස් වුනා කියන්නේ චන්ද 975,000 ක පමන වෙනසක් මෙය සුළුපටු ගණනක් නොවේ ,
    කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ පසුගිය වාර්තා බලනකොට මෙම ප්‍රතිසතය ඉතා අගයක්, මේ නිසා තමා දකුණේ මහින්දට වැඩි චන්ද ප්‍රමාණයක් එකතුවෙන්නේ ,

    ReplyDelete
  4. මේ චන්දයේ මට ඇති ලොකුම සතුට මෙයයි.මුන් බොරුකාරයෝය.ආලෝක වර්ශ දහස් ගනන් එහා තිබෙන ග්‍රහ වස්තු මිනිස් ක්‍රියාකාරකම් වලට බලපාන්නේ නැත.මේ තක්කඩි කරන්නෙ මෝඩයන් රැවටීමයි.

    ReplyDelete