Monday, January 12, 2015

උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි යහ පාලනේ



මෙතුවක් කල් මහින්ද රාජපක්ෂගේ දැත් ශක්තිමත් කරමින් සිටි කණ්ඩායමක් ඊයේ සහ අද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරියට පැමිණ ඇත.මොවුන් අතර මර්වින් සිල්වා , සරත් අමුණුඅගම, මනුෂ නානායක්කාර  වැනි දේශපාලන බංකොලොත් බවේ උපරිමයට ගිය උන්ද සිටී.

මෛත්‍රීපාල ගමන් කරන්නේ සැබෑ යහපාලනයකට නම් මොවුන් ගේ පැමිණීම ප්‍රතික්ෂේප කළ යුතුව තිබේ. එහෙත් එසේ කළ විට දින සීයේ වැඩ සටහන සහ ඔහුගේ අනික් ක්‍රියාකාර කම් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය නොලැබේ.
 
එක අතකින්  යහපාලන පොරොන්දුවය.
 
අනිත් අතට පාර්ලිමේන්තුවේ තම බලය රඳවා ගැනීම සඳහා අවශ්‍ය බහුතරය ලබා  ගැනීමය.
 
මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද ද තවමත් ගේම අත හැර නැති බව පෙනේ. ඔහුට බලය නොමැතිව ජීවත් වීමට නොහැකිය. ඡන්ද දා රාත්‍රියේ ඔහු කුම්න්ත්‍රණ දෙකක්ම දියත් කළේ එබැවිනි. කිහිපදෙනෙකුන්ගේ මැදිහත් වීම නිසා එය වැලකී ගියද ඔහු අනාගතයේ දී නැවත  එවැනි දේ සඳහා උත්සාහ කරනු ඇත.
 
මෛත්‍රීපාල  වටා සිටින්නේ නොයෙක් මතවාදයන්හි එල්බ ගත් කණ්ඩායම් ය. මේ දක්වා ඔවුන් කළමණාකරනය කර ගැනීමට හැකි වුවද ඉදිරියටත් ඒ තත්වය පවත්වාගෙන යා හැකිදයි අවිශ්වාසය.
ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තු  බහුතරය නොලැබුණොත් මහ මැතිවරණයකට යා හැකි වුවද මේ අවස්ථාවේ එයද එතරම් හොඳ තීරණයක් නොවන්නේ එවිට මහින්ද රාජපක්ෂට ද නැවත  ශ්‍රීලනිපය තුලින් බලය ලබා ගැනීමට ඉඩ කඩක් විවර වන බැවිනි.
 
විශේෂයෙන් රටේ දකුණු පලාත් වල රාජපක්ෂට තවමත් බහුතර ඡන්දය ඇති අතර උතුරු නැගෙනහිර චන්ද, වෙනම තරඟ කිරීමකදී මෛත්‍රීට හෝ යූ ඇන් පියට නොලැබෙනු ඇත්තේ ඒවා දෙමළ සංධානයේ චන්ද බැවිනි.
 
මේ අනුව කළ යුතු හොඳම දේ වනුයේ ආණ්ඩුවෙන් කෑලි ගලවා ගෙන පාර්ලිමේන්තු බහුතරය සදා ගැනීමයි ආණ්ඩුවද ඊනියා යහපාලන කතා පසෙකින් තබා කිරීමට උත්සාහ කරන්නේ එය බව පෙනේ. නො එසේනම් සෝමරත්න දිසානායකලාට සභාපති කම් හිමිවන්නේ නැත..සෝමරත්න ලා සමග මොන යහපාලනයක්ද?





7 comments:

  1. මේක තමයි ප්‍රශ්ණය අමාවක.....

    කරගෙන ගිය වැඩවල තියෙන වැරදි පෙන්නුව වත්මන් අාණ්ඩුව ම දැන් ඒවාගේ හිරවෙලා වගේ.... ඒත් ඒකේ සීමාවක් තියෙන්න ඔ්න.... නැත්තම් හැම හරකාම මේක අස්සේ රිංගලා කලින් ජනාධිපතිට වුණ දේම මෙයාටත් වෙනවා....

    ReplyDelete
  2. කිතුලට ගිය මිනිහාටත් නිදහසට කාරනා කියන්නට තිබුනි....

    අපි ලඟ සිටි සක්කිලි දැන් ඔබලා ලඟය..... අපි සක්කිලියන් ගෙන් මිදෙමින් සිටිමු... ඔබ සක්කිලියන් සාදරයෙන් පිලිගනිමින් සිටියි.....

    යහපාලනේ යනු ලැජ්ජාවක් නැති දෙයක් බව පැහැදිලි කර දුන්නාට ඉස්තූතිය

    ReplyDelete
    Replies
    1. සාරසගේ හිතේ ඇති අමාරුව අපිට තේරෙනවා. අඬන්න එපා රත්තරං , ජය පරාජය දෙකම විඳගන්න පුරුදු වෙන්න පැටියෝ

      Delete
  3. වම්මු, වම්මු වගේ උන්, වමගැන බෙරිහන් දෙන එවුන්, වම්මු වගේ තොප්පි දාන උන්, වම්මු වගේ බ්ලොග් ලියන උන් තීරණාත්මක චන්ද වලදී පට්ට ධනපතීන්ට කඩේ යන්නේ ඇයි? වඳ වෙන්න ඔන්න මෙන්න කියල සිටි යුඑන්පියේ බිස්නස් කාරයෝ ටික ගොඩදාන කම් වම්මුන්ට නින්දගිය නැත්තේ ඇයි? ඔක්කොම කෙළි උනාට පස්සේ ආණ්ඩුවෙන් කොටස් ගලවා යහ පාලන (ඊනියා!!!) හදන්න යනේ ඇයි ?

    සිරිසේනට කඩේ ගිය වම්මුන්ට පන්තිය සිහිවෙනුවස්,

    ජයග්‍රහණයක සතුට

    PRESIDENT SWORN IN CEREMONY : UNSEEN PHOTOS

    ReplyDelete
  4. මාර දුකයි නේද ඇනෝ අය්යා ඔයාගේ මහින්ද බයියා පැරදුනාට, ටිකක් හයියෙන් අඬන්න, කඳුලු හල හල හො‍ටු පෙර පෙර අඬන්න, හිතේ දුක නැති වෙනකම් කොමෙන්ට් කොටන්න, රජෙක් වගේ හිටපු මහ රජා අද ඉන්න තත්වේ දැක්කම ඇඬෙනවා ඇතිනේ

    ReplyDelete
  5. අයියෝ යහ පාලනේ. විනිමය වංචා නඩුවක් තියෙන මිනිහා මුදල් ඇමති. ගෙදරට වෙලා හිටියේ නැතිව ඡන්දේ දාන්න ගියානං හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට.

    ReplyDelete
  6. desapalane bankoloth novuna aya kawda kiyanawada

    ReplyDelete