Tuesday, January 20, 2015

තෙවරප්පෙරුම හා අපි



එජනිස ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු කොල කොඩි කැපීයැයි කියමින් ඔහුව මහපාරේ බිම දමාගෙන කලුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුලු පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන  වීඩියෝවක් අන්තර් ජාලයට එක් වී තිබේ. 

පාලිත තෙවරප්පෙරුම වැනි මැර දේශපාලකයෙකුගෙන් යහ පාලනයක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහ‍ටු බලාපොරොත්තු වීම හෝ මහින්ද රාජපක්ෂගෙන් යහ පාලනය බලාපොරොත්තු වීම හා සමානය.

ප්‍රශ්නය ඇත්තේ පාලිත තෙවරප්පෙරුම ලඟ නොවේ. ප්‍රශ්නය  ඔහු වැන්නන්ට නාම යෝජනා ලබා දී ඔවුන් තම පක්ෂයේ නියෝජිතයන් වශයෙන් එවන පක්ෂ නායකයින්  හා එවැනි මැරයින් වෙනුවෙන් තම චන්දය භාවිතා කරන චන්ද දායකයින්ය.

 පාලිත තෙවරප්පෙරුම හා සම්බන්ද සිදු වීම ගැන ලංකාදීප වෙබ් අඩවි වාර්තාවට පාඨකයෙක් කොමෙන්‍ටුවක් වශයෙන් ලියා තිබුනේ "ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ එක්ක මේක මොකක්ද ? " යනුවෙනි.

ලංකාවේ චන්දදායකයින් යනු එකම වරද විරුද්ධ පාක්ෂිකයා කරන විට එය මහා වරදක් ලෙස දකින හා එය තමන්ගේ පක්ෂයෙන් කරන විට එහි වරදක් නැතයි කියන ජාතියේ මිනිසුන් හා ගැහැණුන්ය. පාලිත තෙවරප්පෙරුමලාගේ පැවත්ම ඇත්තේ එහිය.

ඡායාරූපය ලංකාදීපයෙන්

5 comments:

  1. Triple Distilled?
    Lets elect him as Quadruple Distilled.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගෝඩා හැලියක දාලා තම්බන්න වටිනවා -අර කැලණිතිස්ස රජකාලේ වගේ!

      Delete
  2. ලංකාවේ චන්දදායකයින් යනු එකම වරද විරුද්ධ පාක්ෂිකයා කරන විට එය මහා වරදක් ලෙස දකින හා එය තමන්ගේ පක්ෂයෙන් කරන විට එහි වරදක් නැතයි කියන ජාතියේ මිනිසුන් හා ගැහැණුන්ය. පාලිත තෙවරප්පෙරුමලාගේ පැවත්ම ඇත්තේ එහිය.// රටක් වටින කියමනක්

    ReplyDelete
  3. කෝකත් ඒකයි කියලා අපිට හිතෙන ඒක මෙයාලා තවත් ස්ථිර කරනවා කියලයි අපිට හිතෙන්නේ....

    ReplyDelete
  4. ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය

    http://transyl2014.blogspot.ca/2015/01/blog-post_20.html

    ReplyDelete