Wednesday, January 21, 2015

නාමල්ගේ හෘද සාක්ෂිය

 
තම පවුලේ අය කිසි විටෙක හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ කියා තිබෙන බව  පසු ගිය දිනවල පුවත් පත්වල පල වී තිබිණි.

ඒ කථාවේ යම් ආකාරයක ඇත්තක්ද තිබේ. හෘද සාක්ෂියට එරෙහිව  හෝ එකඟව වැඩ කිරීමට හෘද සාක්ෂියක් තිබිය යුතුය. යමෙකුට  හෘද සාක්ෂියක් ඔහු නැත්නම් විරුද්ධවන්නේ අහවල්  කෙං  ගෙඩියකටද?

රාජපක්ෂ පවුලම පසු ගිය කාලයේ වැඩ කළේ හෘද සාක්ෂියක් තිබෙන උන් පරිදි නොවේ.

හෘද සාක්ෂියක්  තිබ්බානම්

රටේ දරුවන්ගෙන් සියයට 25 ක් මන්ද පෝෂණයෙන් පෙලෙද්දී ,ලක්ෂ ගණනක් දෙනා නිවාස අහිමිව සිටිද්දී, ජනතාව එදා වේල අමාරුවෙන් පිරිමහද්දී

1. කෝට් දහස් ගණනක් වියදම් කරමින් සිය ගණන් පරිවාර සේනා සමග රට සවාරි යන්නේ නැත.

2.  ඩොලර් මිලියන දහස් ගණන් කාබාසිනියා කරන ඊනියා නෙළුම් කුළුණු හදන්නේ නැත.

3. නැව් නො එන වරායවල් , ගුවන් යානා නො එන ගුවන් තොට හදන්නේ නැත.

4. මහජන වැසිකිලියේ සිට සෑම මගුලකටම තමන්ගේ නම දාගන්නේ නැත.

5. සෑම මහා පරිමාණ කොන්ත්‍රාත්තුවකින්ම සියයට දහය විස්ස තිහ කොමිස් ගසමින් තමන්ගේ මඩිය තර කර ගන්නේ නැත.

6. පාරවල් වසමින් කාර් රේස් තියන්නේ නැත.

7. දැයට කිරුල වැනි රජ  මගුල් නටන්නේ නැත.

8. මාධ්‍ය වේදින් අතුරුදහන් කරන්නේ නැත. ඔවුන්ට වෙඩි තියෙන්නේ  , පහර දෙන්නේ නැත.

9. මත් කුඩු හා එතනෝල් ජාවාරම් කරන්නේ නැත
.
10. ස්ත්‍රී දූෂකයින්, මැරයින් ,පාතාලයින් තම රෙද්ද අස්සේ දාගන්නේ නැත.

කොටින්ම කිව්වොත් හෘද සාක්ෂියක් තිබුනේ නම් රාජපක්ෂලා 2005 සිට කෙරූ කිසි දෙයක් කරන්නේ නැත.

එම නිසා හිටපු කුමරුනි , ඔබ කිවුවේ ඇත්ත බව අපි පිලි ගනිමු.

10 comments:

  1. නෑ මචං............... කරපු ඔක්කොම කරාලු..... හෘද සාක්ෂියට ඒකවලු ඒවා කරේ..... හෘද සාක්ෂිය ඒපා කියලා නෑ....... ඒක උන්ගේ හෘද සාක්ෂියනේ...... මොකෝ අපේ ඒකක් යෑ අහලා දැනගන්න..... දැන් පුතයාගේ ලොකුතාත්තත් ඔය කතා කියනවා අැත්තේ හෘද සාක්ෂියට ඒකගව තමයි..... මොකද රාජපක්ෂලානේ.........................

    ReplyDelete
  2. ඔයලා සජාචාරය කියන්නේ මේකටද...? අද රටේ සජාචාරය නෑ...

    ReplyDelete
  3. හෘද සාක්ෂියක් තියෙන්නේ හදවතක් තියෙන උන්ට.හදවතක් නැති "සංවේදීයි" කියා ගන්නා නායක මොන හෘද සාක්ෂියද ?

    ReplyDelete
    Replies
    1. හදවත කියන්නේ සංවේදී අවයවයක් නේ, දොයි දෝයි ගාලා දෙපාරක් තුන්පාරක් වදින කොට ඕක අනිව අක්‍රීය වෙනවා, සුනාමි එන්නත් ඉස්සරම තමයි ඕක අක්‍රීය වෙන්න ඇත්තේ, වැඩ නෑ කියලා දැනං ඉන්න නැතිව ඇති.

      Delete
  4. Namal hari thamai, un wedakale unge hardaya sakkiya anuwai,U,meka kiwweth ae Anuwa wenna ethi,Mun kisima Lajjawak nethuwa thama Madya issarahata enawane(ugeLajja beetigala)

    ReplyDelete
  5. නාමල්ලාට හ්රධ සාක්ෂියක් නැහැ, අපේ රටේ බොහෝ දෙනෙකුට බුද්ධියක් , ආත්ම ගරුත්වයක් නැහැ .

    ReplyDelete
  6. උන්ගේ හෘද සාක්කියයයි සාමාන්‍ය ගුණ ගරුක මින්ස්සුන්ගෙ හෘද සාක්කියයි අතරේ තියෙන වෙනස මේ කතාවෙන්ම පේනවා.

    ReplyDelete
  7. පැරදුනාට පස්සේ මේවා ඉතින් ඉබේම කියවෙනවද මන්දා..

    ReplyDelete
  8. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15435-2015-01-21-21-41-22

    ReplyDelete