Tuesday, January 27, 2015

රාජපක්ෂලාට නැවත ඉඩ නොදෙමු



ජනාධිපතිවරණයෙන් අත් වූ පරාජයෙන් පසු කීප දිනක් මුළු ගැන්වී සිටි මහින්ද රාජපක්ෂ ඇතුලු කල්ලිය නැවත වතාවක් හෙමින් සීරුවේ මුට්ටිය දමමින් සිටිති. ඒ සඳහා පන්දම් අල්ලන්නේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන වැනි දේශපාලනිකව බංකොලොත් වූ චරිතයන්ය. අද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා පුවත් නිවේදනයක් නිකුත් කරමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට උත්සාහයක නිරත විය. එසේම ඔහු පසු ගිය දිනෙක මහනුවර සංචාරය කරමින් තමන් නැවතත් දේශපාලනයට එන බවට ඉඟි පෑවේය.

කිසිම රටක ඒකාධිපතියන් පන්නා දැමූ විට ඔවුන්ට නැවත හිස එසවීමට ඉඩ දෙන්නේ නැත. උගන්ඩාවේ ඉඩි අමින් , ඉරානයේ ෂා  , නිකරගුවාවේ  සොමෝසා,පිලිපීනයේ මාකෝස් හා මෙකී නොකී තවත් බොහෝ ඒකාධිපතියන් නායකත්වයෙන් පන්නා දැමූ පසු ඔවුන්ට නැවත හිස එසවීමට එම රටවල වැසියන් ඉඩ දුන්නේ නැත. යම් හෙයකින් ඔවුන්ට නැවත ඉඩ ලැබුනා නම් තම රටවල් ලේ ගංගාවලින් යට කිරීමට මේ ඒකාධිපතියන් පසු බට නොවන බව එම ජනයා දැන සිටි නිසාය.

රාජපක්ෂට එරෙහිව තිබූ ලොකුම චෝදනාව වූයේත්  ඔහුගේ පාලනයේ වූ අත්තනෝමතික ඒකාධිපති ස්වරූපයයි. එසේ නම් බලයෙන් පන්නා දැමූ ලෝකයේ අනිත් ඒකාධිපතියන් මෙන් රාජපක්ෂ හා ඔහුගේ රෙජිමයේ ඉතුරු බිතුරුද කරලියෙන් පලවා හැරිය යුතුය. ඔවුන් කර ඇති අපරාධ කඩිනමින් විභාග කර දඬුවම් ලබා දිය යුතුය. කොල්ල කන ලද මහජන දේපල නැවත ලබා ගත යුතුය. ඔහු විසින් තැන් තැන් වල පැල කර ඇති ඔහු අනුගාමිකයන් පලවා හැරිය යුතුය.

මෙම ක්‍රියා දාමය පටන් ගැනීමට හොඳ තැන් දෙකක් දැන් පෑදී තිබේ . එකක් දුමින්ද සිල්වාට එරෙහිව  එල්ල වන මත්ද්‍රව්‍ය චෝදනාය. අනික දූෂිත කුමන්ත්‍රණ කාරි අග විනිසුරුට එල්ලවන විරෝධයයි. මේවායින් නතර නොවී රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ද ඇති චෝදනා විභාගයට ගත යුතුය. වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් කල යුතුය. එම ක්‍රියාව මාධ්‍ය සංදර්ශන වලට සීමා නොකර වහාම ක්‍රියාත්මක කළ යුතුය.

එසේ නොමැති වුවහොත් වැඩි කල් නොයාම නැවත වතාවක් රාජපක්ෂලා මේ රට අල්ලා ගෙන රටේ සාරය උරා බොනු ඇත.

6 comments:

  1. මහින්ද රාජපක්ස මැතිතුමා විදායක අගමැති කරවමු ..... ජයවේවා

    ReplyDelete
  2. //කිසිම රටක ඒකාධිපතියන් පන්නා දැමූ විට ඔවුන්ට නැවත හිස එසවීමට ඉඩ දෙන්නේ නැත. උගන්ඩාවේ ඉඩි අමින් , ඉරානයේ ෂා  , නිකරගුවාවේ  සොමෝසා,පිලිපීනයේ මාකෝස් හා මෙකී නොකී තවත් බොහෝ ඒකාධිපතියන් නායකත්වයෙන් පන්නා දැමූ පසු ඔවුන්ට නැවත හිස එසවීමට එම රටවල වැසියන් ඉඩ දුන්නේ නැත//

    ලංකාවේ කුණු ගොඩවල් රෙද්දෙන් වාහන පැලැස්තර වාදී පුකේ වම්මුන්ට ( ඔන්න වමෙලු ඈ!) කිසිදාක මහපොළවේ සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අඩුම තරමේ සරල නීයායක්වත් ගොඩනගාගත නොහැක. වම්මුන් සටන් පාඨ හොයා ගන්නෙත් ඊ නිව්ස් හා රාවයනි. උගන්ඩාවේ ඉඩි අමින්ට සිදුවූ දේ රාජපක්ෂට වනතෙක් හුල්ලන්ට සිදුව ඇත්තේ එබැවිනි.


    අපි දැන් කරන්න ඕන රාජපක්ෂගේ ඇටේ පස්සේ යන එකද නැත්නම් හැදෙන්න නියමිත අන්ත දක්ෂිණාංශික එජාප ආණ්ඩුවක් වලක්වන එකද ?

    ReplyDelete
  3. මුන්ට රාජපක්ෂගේ පස්සෙන් යනවට වඩා වෙන වැඩක් නෑ. රට ජාතිය ආගමට කෙළවෙන ඒවා ගැනත් කතා කරපල්ලකෝ.

    ReplyDelete
  4. මරාගෙ ලියුම කියෙව්වම ඇඬෙනව බං..කෑමක් බීමක් යන්නෙත් නෑ හරියකට ගිරියෙං පල්ලෙහට....කොහොම හිටපු මනුස්සයෙක්ද? සංසාරේ ..සංසාරේ...

    පොර අන්තිමට කියල තියන එකනම් හරියටම හරි. ඔය මනුස්සයට ආයම එන්ඩ දුන්නොත් මුලු රටටම ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයම තමා!!!

    ReplyDelete
  5. අර රූපයේ තව මූණක් දෙකක් අඩුයි නොවැ.................. හිටපු මහ අැමතිතුමා.... අපේ බලතල නැති නංගී මන්ත්‍රීනී.......

    ReplyDelete