Wednesday, January 21, 2015

ලංකාව ශිෂ්ඨ කළ නොහැක.



පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා  මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.

මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම  දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා

"අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"

"තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.

ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.

එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?

ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.

"දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.

"තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හො‍ටු හූර හූර  අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.

මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.

" අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"

මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා. 

ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා

තෙවරප්පෙරුමගේ හා එවැනි වෙනත් අයගේ ක්‍රියා සලකා බලා නැවත ප්‍රචාරය කරන ලදි.

4 comments:

  1. ඒක ඇහුවාම දෙය්යන්ටත් පිස්සු පීකුදු වෙන්න ඇති
    ඇයි අප්පඋත්තරයක් දෙන්න බැරි පුස්නයක් නෙව දේවත්වය ගැනත් දුකක් දැනුනද දන්නෑ
    හිහි

    ReplyDelete
  2. Nehe,Ewenakam Dewiyata jeewath wenna labenne nathi nisa.(Ranjan-düsseldorf)

    ReplyDelete
  3. අපිට ශිෂ්ට වීමට බැරි එක කාරනාවක් මෙම දුෂිත දෙසපලුවෝ , මෙසේ දෙසපලුවෝ දුෂිත වීමට විශේෂයෙන් බලපාපු කරුණු දෙකක් තමා , නීතියට වග නොකියන ජනාධිපති , හා මනාප ක්‍රමය , පළමුවැන්න නම් සංසෝදනය වෙනවා කියනවා , නමුත් මෙවරද මනාප ක්‍රමය වෙනස් කරන්නේ නැහැලු , කල් මදිලු ., නටන්න බැරි මිනිහට පොලොව ඇද වාගේ .,
    මනාප 3 ක් තිබෙන නිසා තමා මේ නළු නිලි , ගණිකාවෝ , මැරයෝ , චෙන් කඩා පු උන් , මන්ත්‍රීලා වෙන්නේ ., චන්ද දායකයා 1 වෙනි මනාපේ දෙනවා කල්පනා කරලා ලයිස්තුවේ ඉන්න තරමක් හෝ හොඳ කෙනෙකුට ., දෙවැන්න ටිකක් කල්පනා කරලා එම ආසන්න දිනවල තමාට , පෝන් එකක් , 3 වීල් ටයරයක් , ඔරලෝසුවක් , හෝ ආහාර වේලක් හෝ මත්පැන් ටිකක් දුන්න කෙනාට දෙනවා , ඊළඟ මනාපේ තමාගේ ප්‍රියතම නිලියට , නළුවාට ගායකයාට , එසේත් නැතිනම් හොඳම ජාතිවාදියට හෝ ආගම්වාදියාට දෙනවා .
    මේ හේතුව නිසා නුසුදුසු අය පත් වෙනවා , කලින් සැරේ කරු ජයසුරියලා අබිභවා පබා ආවේ එලෙසයි , රාජකරුනලා කලේ පබා ඉදිරියේ .
    ඉතින් මේ මනාප 3 ක් තියෙන නිසා මුදල් වියදම් කරන උන් හා ගයේෂ පෙරේරලා වගේඅයත් හොඳ මිනිසුන් පලදා ඉදිරියට එනවා .
    නීති සංසෝදනය කරන්න කල් මදිනම් එක චන්ද දායකයට එක චන්දයයි , එක (1) මනාපයි වගේ සීමා කලොත් ටිකක් හෝ තාවය යහපත් වේවි . එසේත් බැරි නම් නගර සභා චන්ද වල මෙන් මනාප 3 නම එකම කෙනාට ප්‍රකාශ කිරීමට හැකියාව හෝ දිය යුතුය .

    ReplyDelete