Sunday, April 19, 2015

සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූයේ ඇයි.?


19 ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේ දිනවල  talk of the town  වී ඇත්තේ සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීමේ සිද්ධියයි.

අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීම එක්කෝ ජවිපෙ කියන පරිදි හුදෙක් පෞද්ගලික කාරණාවක් නිසා ම වුවත් විය හැකිය. එනම් අනුර කුමාර සමග හෝ ජවිපෙ වෙනත් නායකයෙක් සමග මල පැන ගත් තීරණයක් වීමට ඉඩ ඇතැයි ඔහුව හඳුනන බොහෝ අය කියති.

එසේ නොමැති නම් සෝමවංශ මහතා  කියන පරිදි  ජවිපෙ ධනපති පක්ෂ සමග කරන ගනුදෙනු ගැන කළ කිරී වෙනම විප්ලවාදි පක්ෂයක් ගොඩ නැගීම සඳහා ඉවත් වූවා යැයි යමෙකුට කියන්නටත් හැකිය. එහෙත් එය එතරම් පිලිගත නොහැකි තර්කයක් වනුයේ සෝමවංශ අමරසිංහ මහතා පසුගිය කාලයේ හැසිරී ඇති අන්දම දෙස බලන විටය.

විමල් වීරවංශ පක්ෂය කඩා ගෙන ගියේ පක්ෂයේ බහුතරය මහින්ද සමග සභාග ආණ්ඩුවකට යාමට විරුද්ධ වීම නිසාය. ඒ අවස්ථාවේ සෝමවංශ සහෝදරයා පැහැදිලි ලෙසම සිටියේ වීරවංශගේ මතයේය.විශේෂයෙන්ම ජවිපෙ සභාගවාදි මගකට ඇදගෙන යාමට මුල් වී ක්‍රියා කලේ සෝමවංශ අමරසිංහ බව කියවේ.

සිදු වීමට ඉඩ ඇති අනික් කාරණය නම් මහින්ද හා වීරවංශ එක් ව ඇටවූ උගුලක අමරසිංහ හසු වීමය. ඔහු පක්ෂයෙන් ඉවත් වීමට තුඩු දුන් තවත් හේතුවක් වශයෙන් මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට රාජ්‍ය විරොධී කුමන්ත්‍රණය ගැන ජවිපෙ හඬක් නොනැගීම ගැන සඳහන් කරන විට සෝමවංශගේ නික්මීම පි‍ටුපස සිටින සැබෑ බලවේග වසං කිරීමේ උත්සාහයක් දෝයි සිතෙන තරමට එය ලාමකය.

මේ මොන කරුණක් මත සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූවත් මහින්ද සහ වීරවංශ සමාගම මේ වන විට ඔහුට කොක්ක ගසා ඇති බවක් නම් පෙනෙන්නට තිබේ . දේශපාලනික වශයෙන් පමණක් නොව සදාචාරත්මක වශයෙන්ද අන්තයටම පිරිහී , පසු ගිය කාලයේ බැසිල් රාජපක්ෂ ලඟ කොන්ත්‍රාත් කරුවකු මෙන් වැඩ කළ හිටපු ජවිපෙ මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල වැන්නෙක් සමගම සාකච්ඡා කිරීමට සෝමවංශ අමරසිංහ ඉදිරිපත් වීම තුලින් ඒ බව මනාව පෙනී යයි.


4 comments:

  1. කොයි වංශත් එකයි මට නම්!

    ReplyDelete
  2. බලයේ හිටිය එකෙකුට, නායකත්වයේ හිටිය කෙනෙකුට ඒවා නැතිව ගියාම ලෙඩක් හැදෙනවා. එතකොට පිස්සු කෙලිනවා. ආයෙත් අර තත්වයට පත්වෙන්න දඟලන්නේ. පෙන්ෂන් යන සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය ලෙඩේ තියෙනවා. කෙමින් මහළු වෙන උන්ටත් ඔය ලෙඩේ තියෙනවා. මම දන්නේ නෑ ඕකට නමක් තියෙනවද කියලා. නමුත් 99% කට ඔය ලෙඩේ තියෙනවා. ජීවිතය දිහා උපෙක්ෂාවෙන් බලන්න පුළුවන් එකෙකුට තමයි මේ තමයි ළෝකේ හැටි කියලා, නොසැලෙන ගුණයෙන් ඉන්න පුළුවන්.

    ReplyDelete
  3. ජවිපෙ කියන්නේ එක පුද්ගලයෙක් මත යැපෙන්නේ ඕනේ නැති පක්ෂයක් වුනත් ජවිපෙ පුද්ගලයෝ මත රැදෙන්න උත්සහා ගන්නා පක්‍ෂයක් බව පේනවා.එකනේ තාමත් විජේවීර වන්දනා කරන්නේ.

    සෝමවංශගේ අලුත් පක්‍ෂය මට හිතෙන හැටියට හෙළ උරුමය වගේ නමුත් ඒ තරම්ම අන්තවාදී නොවන 'ජාතිකවාදී පක්‍ෂයක් 'වෙන්න තියෙන ඉඩ තියෙනවා.ජවිපෙ සමගින් හවුලේ කට්ටිය මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
  4. මෙහෙමයි... ජවිපෙ ඔය කියන ධනවාදයට ඒකපාර ඩෝං ගාලා කඩා වැටුනේ නැහැ.. ඒකට අාවේ කාලයක් තිස්සේ... ඒ කාලේ නායකයා ඔය වංශම තමා.....

    ReplyDelete