Friday, December 4, 2015

පලමු ගල

 

ඇයට පලමු ගල ගසන්නට
එන පිරිමියා කවුරුන්ද  අද දින
නැතිද ඔහු කිසි දිනෙක
අනාචාරයේ හැසිරී
 
සිතින් හෝ නුඹ සමග නොහැසිරුන
එවුන් හට මම කියමි
මෙහි අවුත් පලමු ගල ගසනු මැන
වැ‍රැදි කෙරු මේ ලඳ වෙතට
 
ඉදින් තනිවමද ඇය
අනාචාරයේ හැසිරුනේ
නොසිටියේද පිරිමියෙක්
ඇය සමග කාමයේ  හැසිරුන
 
මම උඹට කියන්නෙමි
 බැලුවේනම් ඇය දෙස රාගයෙන්
වරද කරුවෙකි ය නුඹ
සමාන වූ වරද කල
 
එසේ නම් කවුරුන්ද නුඹ
ඇය විනිස කරන්නට
ඇයට පලමු ගල ගසන්නට
බොරුකාර පිරිමියෙකු  මිස

12 comments:

  1. ඊට වඩා
    දුකක්මය
    මෙවන් වූ රටෙක
    ඉපදීම.

    ReplyDelete
  2. මේ කාලකන්නි තම්බින්ගෙ මනස්ගාත සුන් කරන්න කාලෙ හරි. අයිසිස්කාරයන්ව සුන් කරද්දි මේ මුස්ලිම් අන්තවාදී ජඩ නීති වලටත් ලෝකෙම විරුද්ධ විය යුතුයි.

    ReplyDelete
  3. ගල්ගසා මරා දැමීමට විරුද්ධයි. ඒ වගේම ඔයා ඉදිරිපත්කරන අදහසටත් විරුද්ධයි.
    ඕක ජේසුස් වහන්සේගෙ තර්කයක් (තර්කයක් කිව්වට ප්‍රකාශයක්) ඔය විදියට හිතුවොත් කිසිම දෙයක් කරන්න බෑ. එහෙනම් නීල් ආම්ස්ට්‍රෝන් හඳට යෑමත් වැරැද්දක්. හඳට යා යුත්තේ පොලොවේ ඇති සියලු ගැටලු වලට විසඳුම් සොයා අවසන්වූ පසුවයි.
    යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේ මරාදැමීමට මරා දැමීමට කටයුතුකලේ මේ ආකාරයට බොරු තර්ක දමා යුදෙව් සමාජය අස්ථාවර කරන නිසා.

    ReplyDelete
  4. පව් කාරයාටගල් ගැසිය යුතුය ...'' එසේ නම් අප සියළු දෙනාම ගල් ගසා මරා දැමිය යුතුය......
    නැතිනම් පව් ඉවර කර නිවන් ගිය උතුමකු සොයා මෙතනට ගෙන ආ යුතුය ,....

    ReplyDelete
  5. පව් කාරයට ගල් ගසා මරා දමන්නේ නම් මේ ලෝකයේ ඉතුරු වන්නේ කවුද????????

    ReplyDelete
    Replies
    1. ඇයි .... කුරුටු දෙවිවරු ඉන්නේ ...?

      Delete
  6. තහනම් ගහේ ගෙඩි නිමුවත් රස පවස
    රෝමෙට ගියා නං හිටපිය ඒ විලස

    ගෑනුද පිරිමියාද ප්‍රශ්නයක් නෑ. දඬුවමක් කාටත් පොදු විය යුතුයි. හැබැයි අනාචාරයේ හැසිරීම සහ ආදරය කිරීම කියන දෙක පටලවා ගන්න එපා. දඬුවමට නියම වුන තැනැත්තියට ලංකාවේ පවුලක් ඉන්නවා විය හැකියි. ඈ ඒත් අනාචාරයේ යෙදුනා. ආදරේ කල නිසා ගල් ගහනවා කියලා අනාචාරයට ඔජ වැඩුවොත් තෙවැනි සිල්පදයක් මොකටද? හැබැයි වැරැද්දේ බරපතලකමට සාපේක්ෂව මරණය කියන දඬුවම තද වැඩියි කියන තැන මාත් ඉන්නවා. ඇයට සුලු දඬුවමක් ලැබී ජීවිතය බේරේවා.

    ඒ වගේම වවුලගෙ ගෛදර ගියානං එල්ලිලා ඉන්න සිදුවන බවත් හැමෝම හිතට ගත ගනිත්වා. ලංකාවෙන් ගිහින් පිටරටදි මිනීමරලා හොරකම් කරලා වැරදි කරන අයටත් දඬුවම මරනය තමයි. ඇයි තමන් ඉන්න රටේ නීතියට ගරු නොකරන්නේ, අඩු ගානෙ තමන්ගෙ රටට ආපහු එනකල්වත්.

    ReplyDelete
    Replies
    1. ඒක ලංකාවේ මුස්ලිම් ජාතිකයොත් අදා කර ගත්තනම් හරි . මෙහෙටත් ශරියා නීතිය ගේන්න වලි කන්නෙ නැතුව

      Delete
  7. ම්ලේච්ච රටවල් වලට මිනිස්සු වහල් භාවයට යනවා එක දැන්වත් නවතින්න ඕන. අනාචාරය් වරදක් උනාට දඬුවම සාධාරණ නැහැ . ගල් ගහනවානම් දෙදෙනාටම ගල් ගැසිය යුතුයි. කාන්තාවට විතරක් ගල් ගැසීමෙන් පෙන්වන්නේ නීතියේ සාධාරණයක් නැතිකම.

    ReplyDelete
    Replies
    1. සුර සැප විඳින්න හිතා ගෙන වහල් සේවයට යන්නට උත්සහ කරන අය අල්පය. මාධ්‍ය වලින් ප්‍රකාශ වෙන දේ නොදන්නවාද නෝවේ. ළඟපාත ඇති ලිඳකට ගඟකට පනිනවාට වඩා, තමන්ගේ ළමයින්ටත් වසදී තමනුත් වසබී නැතින්ම ගිනි තියාගෙන එහෙමත් නැති නම් ලණුවක හය්ය බලනාවට වඩා " අනේ දෙය්යනේ කියලා සල්ලි ටිකක් හම්බ කරන් එන්නට් තියෙනවා නම්...: ඒ මවෙක් සහෝදරියක්ගෙ කැපකිර්‍රිමය.
      තෙවරක් බුදුන් වැඩි මේ සසිරි බර සිරිලක තුන්වේලක් පිරිමහගන්න විදියක් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?
      බඩගින්නක අමාරුව දැනෙන්න ඒක විඳලා තියෙන්නම ඕනි.
      1948 නිදහසෙන් පසු මෙරටට වැඩිය රට කරවන උන්දැලා කළේ බඩ වඩා ගැනීමයි . පක්ෂ පාට බේදයකින් තොරව
      අන්ත දුගී බවින් උඩට එන්න. ළමයෙක් ඕනි කළමනා ඇතිව ස්කෝළෙට යවන්න පුළුවන් ක්‍රමයක් හැමෝටම තියෙනවා නම්... ප්‍රශ්න හුඟක් විසඳෙයි. පුලුවන් අධ‍යාපනය හැමෝටම ලබා ගන්න විධිහක් හා හැමෝටම මොකක් හරි රස්සාවක් රට තුලම ලබාදෙන්න විධිහක් තියෙනව නම් හොඳයි

      Delete