Wednesday, December 2, 2015

යහපාලනය හා යම පාලනය


 
පසු ගිය සමයේ යම පාලනයක් ගෙන ගිය උග්‍ර යුදවාදි රාජපක්ෂ රෙජිමය  දිවි ‍රැකගැනීම උදෙසා විදෙස් ගතව සිටි  කීර්තිමත්  දෙමල කවියෙකු වන වී.අයි. එස්. ජෙයපාලන්  කවියාට  තම මවගේ මලගමටවත් සහභාගි වීමට ඉඩ නොදුන්නේය. ඒ යම පාලකයින්ගේ හැටිය. ඔවුන් ජනතාවට එපා වූයේ ඒ නිසාය. ජනතාව ඔවුන් පලවා හැර යහපාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ එවැනි දේ මතුවට නොවන්නටය.

එහෙත් එසේ වූ යහපාලන ආණ්ඩුව එම කවියාට ම ලංකාවට ඇතුල් වීමට, ඔහුගේ කවි පොත් තුනක් සිංහලට පරිවර්තනය කර පල කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ලංකාවට ඇතුල් වන්නට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ කරන්නේ, කවියෙකුට තම මව් රටට ඒමට අවසර නොදෙන්නේ , යහපාලනයයි. යම පාලනය  නොව යහ පාලනයයි. ජාතින් අතර සහයෝගී තාව, අනෝන්‍ය අවබෝධය, සහ ජීවනය ගොඩ නැගීමට  පැමිණි  යහපාලන ආණ්ඩුවයි. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දීමට පැමිණි යහපාලන ආණ්ඩුවයි.

ආදර්ශය- මේ කතාවෙන් අප ගත යුතු ආදර්ශය නම් කණකොක් සුද දකින්නට ඉගිලෙන තෙක් සිටියොත් කෙලවා ගන්නට වෙන බවයි

5 comments:

  1. ඇමති ප්‍රකාශයක් කළා නේද?

    ReplyDelete
  2. මෙහෙමයි ඔතනදි ඇත්තටම වෙලා තියෙන්නේ වැරදි වැටහීමක්.. ඊළග පාර අපි ඒක හරිගස්සනං..

    ReplyDelete
  3. කවියෙකුට ඇයි මෙච්චර බය...

    ReplyDelete
  4. කීර්තිමත් කවියා, අම්මගෙ රෙද්ද! ප්‍රභාකරන් වීරයෙක් කියල කවි ලියපු මූ, චන්ද්‍රිකාව මරන්න කියල කවි ලියපු මූ, හරිම කීර්තිමත් දෙමල ඩයස්පෝරාවට.

    ReplyDelete
    Replies
    1. yes , he is more valuable than you man

      Delete