Tuesday, December 8, 2015

නත්තල් සීයා ගෙන් ලියුමක්



මගේ ආදරණීය පොඩිත්තනි

දැන් අවුරුදු සිය ගාණක් තිස්සේ හැම අවුරුද්දකම නත්තල් දවසේ මධ්‍යම රාත්‍රියේ පිනි මුවෝ අදින හිම කරත්තෙක නැගලා ඔයාලගේ ගෙවල් වලට තෑගි අරගෙන ඇවිත් ඔයාලට බෙදුවා. ඒත්  මේ අවුරුද්දේ මට ඔයාලව බලන්න එන්නෙ  නැහැ.

මොකද දන්නවද? මම දෙන තෑගි වලට ළමයි කැමති නැතිලු. ඉතින් මොකද කරන්නේ. ළමයි දන්නේ නෑ මම ඔය තෑගි හොයන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ලෝකේ පුරාම ඇවිදලා ඒ ඒ රටවල ළමයින්ට ගැලපෙන තෑගි, ඒ ඒ වයස්වලළමයින්ට ගැලපෙන තෑගි, ගෑණු ළමයින්ට වෙනම , පිරිමි ළමයින්ට වෙනම , කොච්චර අමාරුද?

ළමයි ඒක තේරුම් ගන්නේ නැති නිසා මම මීට පස්සේ නත්තල් දා රෑට තෑගි බෙදන්න එන්නේ නැහැ.

හැබැයි ඒත්මේ  නත්තල් සීයා ඔයාලව අමතක කරන්නෙ නැහැ ලංකාවේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් තුමාට පිං සිද්ද වෙන්න. එතුමා තමයි මේ අදහස මගේ ඔලුවට දැම්මේ.

මම මීට පස්සේ හැම ලමයෙකුටම තමන් කැමති තෑග්ගක් ගන්න වවුචරයක් දෙනවා.

ඒක හරිම ලේසියි.

මම නත්තලට සතියකට කලින් වවුචර තැපෑලට දාන්නම් ,ඔයාලා මීට පස්සේ  නත්තල් සීයා වෙනුවට පියුන් මාමා එනකම් බලාගෙන ඉන්න හොඳේ.

මීට

නත්තල් සීයා

ප.ලි.   ලංකාවේ  දූලා පුතාලා ඔයාලගේ අම්මා තාත්තාගෙන් අහල බලන්නකෝ එයාලට පිනි මුවෙක් එක්ක හිම කරත්තයක් ඕනෑ ද කියලා. මම ඒක විකුණනවා.දැන් ලංකාවේ කාර් එකක් ගන්න එකත් ලේසි නැහැනේ

12 comments:

  1. ප.ලි.- හැබැයි වවුචරේ ගන්න හැම බබෙක්ගෙම අම්ම හරි තාත්තා හරි අනිවාර්යයෙන් එන්න ඕනේ පියුම් මාමිව හම්බවෙන්න.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ග්‍රාමසේවක හා ප්‍රාදේසියේ සභාපති මාමගේ අස්සන ඕන. කුමක් හෝ අකටයුත්තක් වෙලා තියෙනවා නම් දෙමව්පියන් කුරුසියේ තියලා ඇණ ගහනවා.

      Delete
  2. ඉස්සරවෙලා මේ වැඩපිළිවෙල ටිකක් යන්න දීපල්ලා ඊට පස්සේ අඩුපාඩු පෙන්නලා දීපල්ලා. ඒවා හදාගන්න උදව් කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. මේක ආයේ බලන්න දෙයක් නෑ. අඩුපාඩු විතරයි. ඇනෝ ඉස්කෝලෙ ගිහින් බැලුවනම් දෙමාපියො අකිලගෙ දෙමාපියො මතක් කර කර යන අපූරුව.

      Delete
  3. ඒකත් මරු. පොත් ටිකත් ඔය විදිහටම කරානම් ඉවරයිනෙ. වව්චරයක් දීලා ඕන මගුලකින් පොත් අරං ඉස්කෝලෙ වරෙව් කියලා ලමයිව හොඳට මඩවතැහැකි.

    ReplyDelete
    Replies
    1. දෙන පොත් ආපහු බාර දෙන්න ඕන ඊලඟ අවුරුද්දෙ දෙන්න. යුනිෆොර්ම්වුත් ආපහු භාර දෙන්න කියමුද?

      Delete
  4. තියරියයි, එක ප්‍රැක්ටිකලි වෙන කොට ඇති වෙනසයි ගැන මෙලෝ අදහසක් නැති පුයර බබ්බු ආණ්ඩුවේ අනිත්වැඩත් කරන්නේ මේ විදියටනම් කට්ටියටම අබ සරණයි ඈ! වව්චර් සපිරි සුබ නත්තලක් වේවා!!

    ReplyDelete
  5. මේ රවියට පිස්සු. නිල ඇඳුම් ඕර්ඩරේ මට දුන්නනම් චීනෙන් ගෙනල්ල මට 20% වත් ලාභයක් තියා ගන්න තිබ්බා. අනික චීන රෙදි හදන වුන් පව්නේ. උන්ටත් නත්තල් තියෙනවා ඇතිනේ. ඔය ඩොලර් පොඩ්ඩක් ගියාට මක් වෙනවද? මේ අම්මලා නිල ඇඳුම් ගන්නෙ නැතුව ඒ සල්ලි වලින් එලෝලු ගත්තම මේ කොහෙවත් යන එලොලු මාළු කාරයෝ සල්ලි හොයන කොට. ඔන්න රෙදි ටික දුන්නම දුප්පත් අම්මල ඒවා කුණු කොල්ලෙට කාට හරි විකුණුවනම් එලෝලු කාරයොන්ට යන්නෙ බොහොම පොඩ්ඩනෙ. අනික රෙදි බෙදන කොට කොහෙන් හරි එහෙන් මෙහෙන් ඉතුරුවෙන ටික පන්නල අඩු ගානට මාකට් එකට දුන්නම ඉස්කෝල වල ටීචර්ල ප්‍රින්සිපල්ල කීයක් හරි හොයා ගන්නවට තියෙන ඉරිසියාවනෙ මුන්ගෙ තියෙන්නෙ. මේකද මුන් කිව්ව යහපාලනේ.

    ReplyDelete
    Replies
    1. ඔළුව අතගාල බලපන් අං දෙකක් එන්න පටන් අරන්ද කියල. සිරිකොතේ පුන්නක්කු කෑවට ඔහොම ප්‍රසිදියේ රෙන්න එපා බන්, හිරිකිතේ බෑ!

      Delete
  6. පහුගිය කාලේ ඔය නිල ඇඳුම් රෙදි (ලන්කාවේදීම ) නිශ්පාදනය කලේ මේමන් පවුලකට අයිති ලකී ඉන්ඩස්ට්‍රීස් සහ වෑන්ගාර්ඩ් ඉන්ඩස්ට්‍රීස් නැමැති ආයතනයි...

    Sri Lanka Memon Family Genealogy

    ADMANI - Family #277

    The Admani family is well known for the many leading medical men it has produced through time. They originated in 1918, when their founding father, Abdul Latif, son of Mohammed Ali Admani set foot on the island, eventually establishing a small textile business in 3rd Cross Street in the heart of Pettah in the 1920's. He was joined by his eldest son, Abubaker, in 1938 who was a young lad of just ten years at that time. Abubaker was initially employed at A A Sattar & Company, a leading textile Company of that era, and thereafter taken as a partner of the firm in recognition of his sincere efforts and untiring work. In 1960 he established Lucky Industries at Hultsdorf Street Colombo in partnership with Bapu Ali Miya. He eventually became the sole proprietor of A A Sattar & Company and Lucky Industries and thereafter established a business empire of his own. The business soon blossomed into several associate Companies, viz; Vanguard Industries (pvt) Ltd., Vanguard Trading Company (pvt) Ltd., Master Apparels (pvt) Ltd., and Liberty Textiles Exports (pvt) Ltd.

    මෙවර නම් එය චීන රෙදි ගෙන්වන කඩ වලට යන පාටය!

    ReplyDelete
  7. රනිල් බලයට ආපු 2001 අවුරුද්දේත් ඔය වගේම පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් මේ වගේම සෙල්ලමක් කෙරුවා.ඒ වෙලාවේ ඇඳුම් ගන්න "ග්‍රමසේවක"ගාවට ගිහින් "ප්‍රදේශිය ලේකම්"අත්සන් කරලා තමයි නිල රෙදි ගන්න තිබ්බේ.දෙමව්පියෝ සැහෙන්න රස්තියාදු කරවපු අසර්ථක වැඩක් උනා එකත්.

    ReplyDelete
  8. හොදවෙලාවට අපි ඉස්කෝලේ ගිහින් ඉවරවුනාට පස්සේ ඕක වුනේ....නැත්තම් මටයි ගුටි කන්ඩ වෙන්නේ රෙදි කෑල්ලක් ගන්ඩ ඉස්කෝලේ ආවාම අම්මට ටීචර් හොද කියලා!

    ReplyDelete