සවුදි අරාබිය යනු අන්ත ප්‍රතිගාමි, නොදියුණු ගෝත්‍රික හා ආගමික නීති රීති මගින් තවමත් පාලනය වෙන රටකි. එහි ප්‍රධානියා රජෙකි. එරට වැසියන්ට හෝ එරටට විදෙස් වලින් එන කිසිවෙකුට මානව හිමිකම් නැතත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ ලොක්කා සවුදි කුමාරයෙකි. ඒ ගැන කිසිවෙකුටත් ප්‍රශ්නයක් ද නැත. වෙන එකක් තබා නවී පිල්ලේ ලා පතුරු ගැසු අපේ දේශප්‍රේමින්වත් ඒ ගැන වචනයක්වත් කියා නැත.
අනාචාරයේ හැසිරීම , එනම් තම විවාහක සහකරුට පිටින් ලිංගික එක් වීම සදාචාරාත්මකව වැරද්දක් වුවත්, එය කෙනෙකු මරා දැමීමට තරම් වරදක්ද? එය වරදක් වන්නේ තම සහකරුවාගේ විශ්වාසය කඩ කිරීම නම් කාරණයේ දී ය. නමුත් එය මාරන්තික වරදක් වන්නේ අරාබිකරය විශේෂයෙන් සවුදි අරාබිය බඳු ම්ලේච්ඡ් නීති මගින් පාලනය වන රටවලදීය.( ලිංගික සම්භෝගයේදී ඒඩ්ස් රෝගය වැලඳගෙන මිය යාම වෙනම කරුණකි)
නමුත් සිරුරින් අඩක් පොලවේ වලලා ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීම? මේ 21 වෙනි ශත වර්ෂයේ එතරම් කෲර හා ම්ලේච්ඡ දඬුවම් ක්‍රම භාවිතා කිරීමම පුදුමයකි. ඊටත් වඩා පුදුමය නම් ලෝකයේ සිටින මානවවාදි යැයි කියාගන්නා ආණ්ඩු හා පාලකයින්ද විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් සවුදි අරාබියේ තෙල් බලයට යට වී එම තිරිසන් ක්‍රියා ගැන වගේ වගක් නොමැතිවසමග ඔවුන් සමග සබඳතා පැවත් වීමයි. ඔවුන් කිසිම විලි ලැජ්ජාවකින් තොරව සවුදි කුමාරවරු ලෝකයේ මානව හිමිකම් රැකීමට පත් කරති.
අපිද එලෙසම අපේ සොහොයුරියන් , මව්වරුන් වල සේවය සඳහා සවුදි කුමාරවරුන් හා සිටුවරුන් වෙත යවමු. අපට ගෞරවය පිලිබඳව යම්තම් හෝ හැඟීමක් වත් තිබුණා නම් සවුදියේ සිටින කාන්තාවන් ඉවත් කර ගත යුතුව තිබුණේ රිසානා ගේ හිස ගසා මරා දැමු දිනයේ දීය. එදා ඒ තීන්දුව නොගත් නිසා තවත් ගැහැණියක් ගල් ගසා මරා දැමීමට නියමිතය.
ඒ තීන්දුව ගැනීමට තව කී දෙනෙක් දිවි පිදිය යුතුද? රට වෙනුවෙන් පෙනී සිටින මහා දේශප්‍රේමින් මේ ගැන වචනයක්වත් නොකියන්නේ , ඒ සඳහා බල නොකරන්නේ මන්ද? බැන්කී මූන් ලාට වීරුද්ධව උපවාස කලා මෙන් පෙරට නො එන්නේ ඇයි.?
සවුදි අරාබියේ වහල් ගෘහ සේවයට කතුන් යැවීම වහාම තහනම් කිරීමටත් හැකිනම් රජයේම නියෝජ්‍ය ඇමතිවරයෙකු කියා සිටි පරිදි සවුදිය සමග තානාපති සබඳතා අත හැරීමටත් රජයට බල කිරීමට සියලු දෙනා පෙරමුණ ගත යුතුය.
.
//සවුදි අරාබිය සමග සියලු සබඳතා අත හරිනු. //
ReplyDeleteසවුදි යන්නම ඔනෑනම් අනියම් සබඳතා අත හරිනු!
ඔන්න ඕක තමයි කියන්නෙ එක වචන හතක් ඇති තමුන්ගෙ වෘෂභභාවය පෙන්වන්න. ගොන් හරකො සවුදියේ ගල් පාරවල් කාල මැරෙන හැම ගෑනියෙක්ම ඒ ඉරණමට මුණ දෙන්නෙ තමුන්ගෙ කැමැත්තෙන් රෙද්ද උස්සලා නෙමෙයි.තෝ වගේ එකෙකුත් වැදුවේ ගෑනියෙක්.ඒකයි දුක.
Deleteහවුස් මේඩ් ලා රට යන්නෙ සල්ලි හම්බ කරන්න.. අපි ඒගොල්ලන්ට සල්ලි දෙන්නෙ නැහැ නේ... ඒහෙම යන අය සවුදි යන්න තීරනය කොලොත් අනියම් සම්බන්දතා නවත්තලා ජීවිතේ බේරගෙන එන එක වැරදිද?
Deleteඑකගයි, එකෙන්ම.
ReplyDeleteසවුදිය සමඟ ආර්ථික සම්බන්ධතා එක්වරම නැවැත්වීම ප්‍රායෝගික නෑ. නමුත් ගෘහ සේවිකාවන් යැවීම උපරිම වශයෙන් අධෛර්මත් කලයුතුයි.
ReplyDelete"මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද? ..." යනාදී වසයෙන් නදී කම්මැල්ලවීර නමැති මහා වීරවරිය ඇගේ බුකියේ හෙන ටෝකක් දී ඇත.
ReplyDeleteපිලිතුර ඉතා සරලය. ලිංගික සබඳකම ඔබේ නීත්‍යානුකූල සහකරුට සීමා කරගන්න. අනාචාරයේ නොයෙදෙන්න. අනාචාරය සහ පිරිමියකු සමග ලිංගික හැසිරීම යන දෙකම එකක් සේ නොගන්න. තුන්වන සිල්පදය නොකඩන්න.
///අනාචාරය සහ පිරිමියකු සමග ලිංගික හැසිරීම යන දෙකම එකක් සේ නොගන්න/// !!!!!! ????? XXXX %%%
Deleteගැහැණියක සමග කමක් නෑ නේද?
අනේ බොල ගෑනියෙක් දැක්කම මස් කූරු කෙලින් කර ගෙන ඒකිට කොටන්නෙ කොහොමද කියල තතනන ඒ බැරිඋනාම වේසි කියල ඒකිට බැනල මතක් කරන් අත මරන රට වටේම ගිහිං කසාදෙට මැස්සෙක් වත් වහපු නැති ගෑනියෙක් හොයන තොපි වගේම විකුර්ති කාමයෝ ටිකක් තමයි සවුදියෙත් ඉන්නෙ.වෙනස උන් සිකුරාදට එළිපිට ගල් ගහද්දි තොපි හත් දවසෙම සයිබරේ හැංගිලා ඉඳන් ගල් ගහනව,එහෙම බැලුවම තොපි සවුදි වනචාරින්ටත් වැඩිය පොන්නයො!
Deleteතුන්වෙනි සිල්පදය ගෑණු වැඩියෙනුත් පිරිමි අඩුවෙනුත් පිලිපදින්න ඕනෙ ඇතිනේ.
Deleteඑහෙම නැත්නම් ගල්ගසා මරා දැමීම හා කසපහරදීම සමානද?
මචං ප්‍රාජේ..ඔය සවුදියේ ඉපදෙන්න ඕන කාලකන්නි වනචාරි ටිකක් කරුමෙට ලංකාවෙත් ඉපදිලා ඉන්නව.උන් තමයි ඔය කොමෙන්ටු දාල (AnonymousDecember 5, 2015 at 3:11 PM/Sa rasa) තමුන්ගෙ අසහනේ පිට කර ගන්නෙ.අර බුද්දාගමේ තාලිබාන් වර්ෂන් එක ලංකාවෙ පිහිටුවන්න තටමන්නෙත් මුන්දලම තමයි.මුං ගැන සිරාවටම අනුකම්පා කරන්න ඕන.ගෑනු පිටරටට විකුණගෙන කන ගමන් ඒ ගැනුන්ටම ගරහන කෑ පතේ පහරන උන්.
Delete@ Pra JayDecember 5, 2015 at 6:11 PM
Deleteනදී කම්මැල්ලවීරගේ කීමට පිලිතුරක් දුන්නා පමනයි. එයා පිරිමියකු සමග ආදි වසයෙන් කිව්ව නිසයි මම එහෙම ලිව්වෙ. ගෑනුද පිරිමිද අදාල නෑ. වැරැද්ද වැරැද්දමයි. දඬුවම කාටත් පොදු වෙන්න ඕන. ගැහැණියක සමග කමක් නෑ නේද? කියලා ප්‍රශ්නෙන් පිට ගිහින් ආතල් ගන්න එපා. මං කියපු දේ තර්කය තේරුම් ගන්න. ඇයි අනාචාරයට ඔජ වඩන්නේ? ආදරය කලාට ගල් ගහන එකට අපි කවුරුත් විරුද්දයි. ස්තුතියි
@AnonymousDecember 5, 2015 at 6:13 PM
Delete@AnonymousDecember 5, 2015 at 7:38 PM
අදහස්වලට ස්තුතියි. ඒත් මගේ තර්කය ඔබත් තේරුම් අරන් නෑ. ඔබේ බස්වහරින්ම ඔබේ හැදියාවත් පෙනේ. ගෑනුත් පිරිමිත් කොයි රටට ගියත් හිත පාලනේ කරගෙන අනාචාරයේ නොයෙදෙනවනං ප්‍රශ්න අඩුයි නේද?
// තුන්වන සිල්පදය නොකඩන්න. //
ReplyDeleteපිස්සුනම් කියන්න එපා....!!!
උඹේ ලෙඩේට දොස්තර කෙනෙක් හම්බු වෙලා බෙහෙත් ගනින්.මොකද උඹ බැඳල නම් ගෑනි පවු!
Deleteseriously mate.seems like you are having a mental disorder as well as Sexual dysfunction.kindly consult a doctor and help society!
Deleteතමුන්නාන්සේලා මොන සිල්පදය කැඩුවත් නොකැඩුවත් අපිට කමක් නැහැ.... නමුත් ඒම සිල්පද රකින්න කියලා අනික් අයට බලෙන් පටවන්න එපා....
Deleteතුන් වෙනි සිල්පදේ නොකඩන කස්ටිය ට මම කියන්නේ... ඔය පොර ටෝක් දෙන්නේ අතටම අහු වෙනකම් කියලාය.... ඊට පස්සේ එතුමන් ලාත් පිලිගනී නොදැනුවත්වම තුන්වෙනි සිල්පදේ කැඩිලා කියලා
“ඒ තීන්දුව ගැනීමට තව කී දෙනෙක් දිවි පිදිය යුතුද?“ අමාවකට පිස්සුද තවත් දවසක් දෙකක් ප්‍රකාශ නිකුත් කරලා කතාකරලා අමතක කර දැම්මාම හරි !
ReplyDeleteඑතකොට දැනට සවුදි ගිහින් වැඩ කරන උදවියට පඩි දෙන්නේ අපිද?
Deleteඑතකොට දැනට සවුදි ගිහින් වැඩ කරන උදවියට පඩි දෙන්නේ අපිද?
Deleteගමෙන් බාගයක් ජීවත් වෙන්නේ
ReplyDeleteගෑණු අරාබියට යවලා
උඹලා එවන තුට්ටු දෙකෙන් තමයි
ගමත් දුවෙන්නේ
රටත් දුවන්නේ
රට කරවන එවුනුත් සැප ගන්නේ
ඔය තුට්ටු දෙකෙන් තමයි
++++++++++++++++++++++++++++
Deleteසවුදි අරාබියේ වහල් ගෘහ සේවයට කතුන් යැවීම වහාම තහනම් කිරීම
ReplyDeleteකියවන්න.
ReplyDeletehttp://otukatha.blogspot.com/2015/12/blog-post.html
පහත ලින්කුවෙන් පිවිස ඔබත් දැන්ම අත්සනක් තබන්න ..
ReplyDeleteඅනිත් අයවත් දැනුවත් කරන්නට මෙය Share කරන්න.
// මේ වන විට අප අසල් වැසි ඉන්දියාව සවුදි අරාබියට ශ්‍රමිකයන් යැවීම සම්පූර්ණයෙන්ම නවත්වා ඇති අතර ඉන්දුනීසියාව සවුදි අරාබියාවේ සේවය කරන හත් ලක්ෂයකට ආසන්න තම රට වැසියන්ට නැවත මවු රටට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කලාපීය සෙසු රටවල්ද කෙමෙන් කෙමෙන් මෙම තීරණය ගන්නට සූදානම් මොහොතක අපද එම තීරණය ගත යුතුව ඇත. //
https://secure.avaaz.org/en/petition/The_President_of_the_Sri_Lanka_Stop_Sending_Workers_to_Saudi_Arabia/
ලෝකයේ හැම දෙයම තීරණය වෙන්නේ ධනය හා බලය මත බව මේ කාරණාවේදී පෙනෙනවා. යම් විදියකින් මෙය ඇමරිකානු කාන්තාවකට සිදුවූවා නම් තත්වය මෙයට වඩා වෙනස්වන්නට තිබුණා. අනෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ කසිකබලක් කියන එක තේරෙනවා. හරියට කසිප්පු කාරයාගේ පුතාට අමද්‍යප සංගමයේ සභාපතිකම දෙනව වගේ වැඩ කරන ගොං හැත්තක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්නේ. ලෝකයේ බහුතර රටවල පිළිගන්නා මානව හිමිකම් තුට්ටුවකට හෝ මායිම් නොකර ගෝත්‍රික ගණයට වැටෙන ෂාරියා වැනි ‘සුනඛ‘ නීති (අපේ රටේ ද ටිකෙන් ටික ක්‍රියාත්මක කරන්නට අපේම කටිට්ය උල්පන්දම් දෙන - උදා බැංකු) ක්‍රියාත්මක කරන රටක රජපවුලක කුමාරයෙක් (නාකි පප්පෙක්) ඔවුන්ගේ කසිකබල් සංගමයේ සභාපතිකමට පත්කරගැනීම තුළින්ම මේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. උන් ඉන්නේ අප වගේ රටවල මානව හිමිකම් සොයන්න පමණයි. උන්ගේ බම්බු කවුන්සිලේ මහ එකාගේ ගෙදරදි කැඩෙන මානව හිමිකම් ගැන එකෙක් හෝ කතා කරන්නේ නැහැ. ලෝක ජනමාධ්‍ය පවා එය එක් කාරණයක් ලෙස ඉස්මතු කර දක්වන්නේ නැහැ. මොකද මහ එවුන්ගේ මානව හිමිතම් කැඩෙන නිසා. මේවාට කිවහැක්කේ ‘අනේ හුකේ නන්නානේ‘ කියා පමණයි.
ReplyDeleteඔය ප්‍රශ්නය ගැන වැඩි තොරතුරු දන්නා කෙනෙක් ඉන්නවාද ? කොහොමද මෙය ඔප්පු උනේ , කව්රු හරි පැමිණිලි කරලාද , පොලිසියට අසු වෙලාද වැනි ටිකක් වැඩි විස්තර දන්නා කව්රු හරි ඉන්නවාද
ReplyDeletemehe sivil polis niladarin ennava, samaharavita lankavema kenek oththuvak dunnada viya hakyi.
ReplyDeleteඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා (මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්) සවුදි කුමාරයෙක් නොවේ. ඔහු ජෝර්දාන ජාතිකයෙකි (කුමාරයෙකි). එය නිවැරදි නොකළොත් ඔබේ අනගි ලිපියේ විශ්වසනීයත්වය බිඳ වැටෙයි.
ReplyDelete