Tuesday, December 29, 2015

ඕනෑ කර තිබේ-Wanted


 
 
 
ඉතාමත් ඉක්මණින් හොඳ තත්වයේ මඩු වලිගයක් ඕනෑ කර තිබේ . බඩු හොඳ නම් මිල ප්‍රශ්නයක් නැත.

මඩු වලිගය ඕනෑ කරන්නේ සංගීත සංදර්ශන සංවිධානය කරන  අයගේ පස්සට තැලීමට නොවන බව කාරුණිකව සලකන්න. එසේම ගායකයින් කිස් කරන කෙල්ලන්ට   හෝ ගායකයින්ට  බ්‍රෙසියර් විසි කරන කොල්ලන්ට  තැලීමටද නොවේ.

මඩු වලිගයක් ඕනෑ කරන්නේ ජනවාරි අටවනදා දා පත් කරගත් දේශපාලකයින්  රොත්ත ඥාති සංග්‍රහය , වංචා දුෂණ, මැරකම්,හොරකම්, බලහත්කාර කම්, අවසන් කර , මානව හිමිකම්  , ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය  කර, රටට ගැලපෙන කුඩා  කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරගෙන යහපාලනය උදා කරතියි තවමත් සිහින දකින අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා ,නැන්දලා ,මාමලා, සීයලා,ආච්චිලාගේ අතට දී කැමති නම් පස්සට දෙක බැගින් තලා ගන්නා ලෙස ඉල්ලා සිටීමටය. 

 (මඩු වලිගයෙන් තැලීම වැනි වැඩවසම් දඬුවම් ක්‍රම මා විසින් අනුමත නොකරන අතර කැමති කෙනෙකුන් තමන්ටම තලා ගත්තාට අපගේ විරෝධයක් නැත.)

13 comments:

  1. ඊට වඩා හොද නැද්ද උන් ඔක්කෝට ම තැලුවොත්?

    ReplyDelete
  2. මඩු වලිග හොයන්න මඩුවො අල්ලලම උං වදවෙයි ක්ෂනීකව
    බුහැක්

    ReplyDelete
  3. මේ දිනවල විවෘත වෙළඳපොලේ මඩුවලිග හිගයක් දක්නට ඇතිබව වාර්තාවේ.

    ReplyDelete
  4. පස්ස ගිනි තියාගෙන පොදු අපේක්සකට කඩේ යමින් ටොයියෙකු වෙන්නට තැතනූ අමාවක ගේ කඩවුනු පොරොන්දුව.....

    දුකයි!

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීට කඩේ යාමෙන් ටොයියකු වීමට පුලුවන් යැයි සිතන සාරස අමුම අමු බයියෙකි.

      Delete
    2. //මෛත්‍රීට කඩේ යාමෙන් ටොයියකු වීමට පුලුවන් යැයි සිතන සාරස අමුම අමු බයියෙකි.//

      මයිත්තිරිපාලට එහෙම බනින්න එපා මැදිරියෝ...

      Delete
  5. මේ වැඩේට සම්බන්ධ ක්‍රීඩකයින් ගැන කවුරුත් කතා කරන්නැහැ...... රටේ ජනාධිපතිට කෑගහන්න තරම් හයිය තියෙන ජනතාව ඒ දෙපළ ගැන වචනයක්වත් කියන්නැහැ...... ඒවා ප්‍රවෘත්ති වලට කියන්නෙත් නැහැ...... හැබැයි ඒයාලා හොරාට කලින් වැට පැනලා පෝස්ට් දානවා... මාරයි නේද??????

    ReplyDelete
  6. //හත් වලාමේ වෙච්චි දේට මක්කොරන්ඩද//

    ReplyDelete
  7. අවුරුදු 50 පමණ පරණ වී කුණුවූ ජවිපෙ හෝ ඊට වැඩිය ටිකක් ඇතුලෙන් කුණුවූ ජානිපෙ හෝ කුමාර් පසුපස දුවන කුරුටුගාමීන් හෝ පැමිණ ඥාති සංග්‍රහය, වංචා දුෂණ, මැරකම්,හොරකම්, බලහත්කාර කම්, අවසන් කර, මානව හිමිකම්, ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කර, රටට ගැලපෙන කුඩා කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරගෙන යහපාලනය උදා කරතියි සිහින දකින උබලා රුසියානු පෙඩරේෂණය බිදී ගියේ ඇයිද යන්නවත් දන්නවාදැයි සැක සහිතය.

    ඊලග අවුරුදු 50 ත් ජවිපෙට මන්ත්‍රී දුර 10-20 අභිබවා යා නොහැක. නියෝජ්‍ය ඇමති කමක් හෝ දරා අත්දැකීම් සහ පුහුණුව ඇති එවුන් 5 දෙනෙකුවත් නැති ජවිපෙ වැනි ළදරු පක්ෂයකට ඥාති සංග්‍රහය, වංචා දුෂණ, මැරකම්,හොරකම්, බලහත්කාර කම්, අවසන් කර, මානව හිමිකම්, ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කර, රටට ගැලපෙන කුඩා කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරගෙන රටක් කළමනාකරණය කළහැකි යයි සිතන ඔබ වැනි තකතීරු ගොන් හරක් ඉතින් වෙන මොනවා නම් කියන්නද ?

    යල්පැන ගිය ඉගැන්වීම් දොහොත් මුදුන් දී පිළිගෙන අනුන්ගේ මිල මුදල් වලට ඊර්ෂා කර කුහක ලෙස ජීවිතය ගෙවා සමාජවාදී සිහිනයේ රස විදිමින් සැතපී හිගන්නෙකු සේම ජීවිතය නිමවන උදවියට අනුකම්පාව විනා වෙන කුමක් උරුමද ?

    ReplyDelete
    Replies
    1. හොර ඈමතියන්ගේ අසූචි කා ජීවත්වූවන්ට රිදී තිබේ.
      පොල්රෑව්ලා වගේම මෙර අන්ඩුවෙත් සoග්‍රහය යමරෙට තිබුනද.....පොල්රෑව්ලාගේ කාලයේ මෙන් සාරයට නෑතිබව පෙනේ..........
      ඵ් නිසා මුන්ට ගහපු ගෑහිලි සිහිවෙනකොට ඉන්න බෑරිවෙනඵක සාදාරණය..........

      හොරකම් වලට ඵරෙහිව රටේ හඩ නගන්නේ ජවිපෙ නිසා මුන්ට ජවිපෙ පෙන්නන්න බෑරිය..............

      ජවිපෙට චන්ද අඩු රටේ වෑඩිපුර මෝඩයන් ඉන්න නිසාය ඵ්ක ජනතාවගේ වෑරෑද්දක් මිසක් ජවිපෙ වෑරෑද්දක් නොවේය.......

      මුන්ගේ නූගත්කමට සීමාවක් නෑත...........රුසියානු ෆෙඩරේශනය බිදී ගියාලු...............

      ගොන් හරකෝ දෑන් තියනඵක තමා රුසියානු ෆෙඩරේශනය............බිදීගියේ සෝවියට් සමූහාණ්ඩුව

      ඔකවත් දන්නෙනෑති ගො බයියො තමා අපිට පොලිටිකල් ලෙක්චර් දෙන්න ඵන්නේ.............

      ගිහින් මහින්දයගෙ ගූ කාපන් බයියෝ !

      මූට අනුව හොරුන්ට විරුද්දව කතාකිරීම අනුන්ට ඊරිසියාකිරීමක............මූ කියන විදියට හොරුන්ට බනින ඵක හොද නෑත.හොරුන්ට ඊරිසියා නොකලයුතුය.

      මුන් ඉගනගෙන නෑත.රස්සාවක් දන්නේද නෑත.කරන්න දන්න ඵකම දේ හොරාකෑමය.හොරාකෑමෙන් දියුනුවෙන ඵක මුන්දන්නා ඵ්පකම රස්සාවය.

      ඉතින් ජවිපෙ හොරකම් වලට විරුද්දව කතාකරන විට මුන්ට පේන්නේ මුන් ඵ්ක්ක තියන ඊරිසියාවට කෑගහනවා වගේය...............මාරා බඩුය .

      Delete
    2. අපෝ උබලට කොහෙද අපි පොලිටිකල් ලෙක්චර් දෙන්නේ. උබ ඉතින් ආර්ට් කරලා ජොබක් නැතුව ෆුල් ටීමේ ජේවීපී කරලා හොදට චාටර් වුන ගොන් නාම්බෙක් නේ. උබලට පොලිටිකල් ලෙක්චර් දෙන්න ඉතින් හරියන්නේ දේශපාලනේ මුහුකුරා ගිය කුරුටුගාමියෝ සහ ජෙප්පෝ තමයි. සමහරවිට අර පනික්කියත් හරි යාවි. මඩු වලිගෙ එපාද ? ඇයි අලුත් අවුරුද්දේ ගූ කෑම ගැන කතා කරන්නේ ? කමක් නෑ ඉතින් අපිට අප්‍රසන්න වුනත් ඔයාගේ ජාතික ආහාරය නේ. එක නෙවෙයි ඇනෝ. ඇයි මලිත් ට ගහනකොට චංචලා අඩන්නේ ? :D

      Delete