Saturday, November 28, 2015

සිංහලුන්ට නැති දෙමළාට ඇති ප්‍රශ්න තිබේද?


ලංකාවේ වෙසෙන දෙමලුන්ට ඔවුන් දෙමල වීම නිසාම මුහුණ පාන්නට වෙන ප්‍රශ්න නැතැයි කියන මතවාදයක් ලංකාවේ තිබේ.මේ මතය ගෙනයන න්‍යායචාර්ය වරු වන්නේ නලින් ද සිල්වා කපු මහත්තයා, ගුණදාස අමරසේකර දත් දොස්තර තුමා, දේශ හිතෛෂී වසන්ත බණ්ඩාර ( එතුමාත් දත් ඩොක්ටර් කෙනෙකි, එහෙත් කිසිවක් නොදත්), එතුමාගේ නායකයා වන විමල් වීරවංශ තුමා, මෙතෙක් කල් වේදිකාව යට සිට පසු ගිය මැතිවරණ වලදී වේදිකාව උඩට ආ ගෙවිඳු කුමාරතුංග පොත් මුදලාලි මහත්මා, පිලිප්ගේ පුත්‍ර දිනේෂ් තුමා ඇතුලු පිරිසකි. ඔවුන්ට අර්ථපතිත්වය සපයන්නේ මහින්ද රාජපක්ෂ ඇතුලු යුදවාදි කණ්ඩායමකි.

මේ මහත්වරුන් කියන පරිදි දෙමලාට දෙමල වීම නිසාම කිසිම සුවිශේෂි ප්‍රශ්නයකට මුහුණ පාන්නට සිදුව නැත. ප්‍රශ්න ඇත්නම් ඒ සිංහලයාටත් දෙමලාටත් පොදු ප්‍රශ්න පමණක්ය. මේ මහත්වරුන් අතරින් සමහරු විශේෂයෙන් විමල් වීරවංශ , නලින් සිල්වා වැන්නන් කියන්නේ දෙමලාට වඩා සිංහලයාට සිංහල වීම නිසා ඇති වූ ප්‍රශ්න තිබෙන බවකි.

ජනතා විමුක්ති පෙරමුණ  1971  පරාජයෙන් පසු  අප්‍රේල් අරගලයෙන් මිය ගියවුන් සෑම වසරකම අප්‍රේල් 5 දා සැමරූ අතර පක්ෂය 1983 තහනම් කරන තෙක් ම එය දිගටම කරගෙන ආවේය. ඉක්බිති 1989 දී ජවිපෙ මුහුණ දුන් අති දෑවන්ත විනාශයෙන් පසුවත් වසර කිහිපයක් ඇවෑමෙන් තම දෙවන අරගයේදී මිය ගියවුන්  නොවැම්බර් 13 දා සමරයි. මේ අවස්ථා දෙකේ දීම එවකට පැවති රජයන් ජවිපෙට එරෙහිව යුද්ධ  කර එය වනසා දමන්නේ ඔවුන් ත්‍රස්තවාදින් බව කියමිනි. එහෙත් ඔවුන්ට  හා ඔවුන්ගෙන් කැඩී ගොස් වෙනම දේශපාලනය කරන කණ්ඩායම් වලට තම පක්ෂයේ සිට මිය ගිය වුන් සැමරීමට තහනමක් නැත,

නමුත් දෙමලාට එය තහනම්ය. තිස් අවුරුදු යුදයේදී වැ‍ටුනු තම සගයින්, ඥාතින්, සොහොයුරන්, පියවරුන්, දුවා දරුවන් , සිහි කිරීමට, ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වීමට දෙමලාට අවසර නැත.  ඉහත නම් සඳහන් කල  මහත්වරුන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට අනුව එසේ කිරීම ත්‍රස්තවාදි ක්‍රියාවකි. ඊලමට උඩ ගෙඩි දීමකි. බෙදුම්වාදය නම් එයයි. දෙමලුන්ගේ සොහොන් බුල්ඩෝසර් කර දැමිය යුතුය.විනාශ කල යුතුය. ඔවුන් පිලිබඳව සියලු මතකයන් උදුරා දැමිය යුතුය. 

අප දෙමලුනට එසේ සලකන්නේ, තම මලවුන් පවා සිහි කිරීමට ඉඩ නොදෙන්නේ ඔවුන් දමිල වීම නිසාම නොවේද? වෙන හේතුවක් තිබේ ද ? නැත.

ඒ මිය ගිය දෙමල ජනයා ත්‍රස්තවාදින්  නිසා යැයි ජාති වාදි මහප්පලා අපට කියයි. එසේ නම් පාලකයින් විසින් ත්‍රස්තවාදින් යැයි හැඳින්වූ ජවිපෙ ට  එසේ නොසලකන්නේ ඇයි.  සිංහලුන්ට එක් අයුරකිනුත් දමිලුනට තව අයුරකිනුත් සලකමින් දමිල ජනයාට කිසි ප්‍රශ්නයක් නැතැයි කීම අමුම අමු කුහක කමක් නොවන්නේ කෙසේද?

ඔවුන් සමග සහජීවනය ගොඩ නගන්නේ ඔවුන්ව මේ අයුරින් දිගින් දිගටම පාගාගෙන සිටීමෙන්ද?

දෙමල ජනයාට  දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය මේ ආකාරයෙන් ඔවුන්ව දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සැලකීමම නොවේද?

17 comments:

  1. තිස් අවුරුදු යුද්දයෙන් මැරිලා ගිය දෙමල මිනිස්සුන්ගෙන් සියයට අනූ නවයක් දෙනාම එතනට එකතු උනේ එයාල නොදන්නා බළල් අතක් විසින් එයාල එතනට ඇදලා දාපු නිසා.. වෙන ආකාරයකින් කියනවනම් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න අහිංසක දෙමල මිනිස්සුන්ව යොදාගැනීම තමයි සිද්ද උනේ. නැවතත් මේ මැරිච්ච මිනිස්සු සිහිකරන්න කියල මහා ලොකු උත්සව සංවිදානය කෙරෙන්නේත් ඒ බළල්ලු ලවා කොස් ඇට බෑවීමේ ක්‍රියාපිළිවෙත සඳහාම පමණයි. එහෙම නැතුව මේ සමරන ලොක්කන්ගේ හිත්වල ඒ මැරිච්ච මිනිස්සු වෙනුවෙන් දශමෙක අනුකම්පාවක් නැහැ. මැරිච්ච එකා වලෙන් නැගිට්ටවලා හරි බලයට පත්වීමේ උවමනාවම විතරයි තියෙන්නේ.

    තිස් අවුරුදු යුද්දයට කොටින්ට මුදල් සපයපු සංවිදාන වලට බැරි ඇයි ඒ මුදල් දෙමල මිනිස්සුන්ගේ අභිවුර්ධිය වෙනුවෙන් යොදවන්න.. ප්‍රභාකරන් තිස් අවුරුද්දු යුද්දයට යොදවපු මුදල් දෙමල මිනිස්සු වෙනුවෙන් යෙදෙව්වනම් දෙමල මිනිස්සුන්ගේ ජීවන තත්වය කොයිතරම් උසස් වෙන්න තිබුනද? එත් එහෙම නොකෙරුනේ ඇයි ? මිනිස්සුන්ට යහපතක් කරන්න රටක් අල්ලන්න ඕනෙමද??? මිනිස්සුන්ට යහපතක් කරන්න ඕනෙනම් බලයට පත්වෙන්න ඕනෙමද??? චන්දයක් ආවාම දේශපාලන පක්ෂ ප්‍රචාරණයට වියදම් කරන මුදල් මින්ස්සුන්ගේ යහපත වෙනුවෙන් යෙදෙව්වනම් කොයිතරම් දේවල් කරන්න පුලුවනිද?? එත් එහෙම දේවල් සිද්ද වෙන්නේ නැත්තේ ඔවුන්ට ඕන බලය පමණයි.. එතන මිනිස්සුන්ට යහපතක් කරන චේතනාවක් නැහැ...මේ මැරිච්ච දෙමල මිනිස්සු සැමරීමත් ... කොටි නිගිට්ටවීමත් බලය ඇල්ලීමේ ප්‍රයත්නයක් පමණයි නොවේද...

    ReplyDelete
    Replies
    1. typical southern answer to northern problems

      Delete
    2. එතකොට අම්බලන්ගොඩ මහත්තයෝ , උතුරේ මලවුන් සමරන්න නොදෙන්නේ සමාන්‍ය ජනතාව බලල් අත් විදියට පාවිච්චි වෙන එක නවත්තන්නද?
      එහෙනම් දකුණේ මලවුන් සමරන්න දෙන්නේ මොකද? මගේ මූලික ප්‍රශ්නේ ඒකයි,

      Delete
    3. ජේ.වී.පී. එක ආණ්ඩු විරෝධී. ත්‍රස්තවාදී සංවිධානයක්. එල්. ටී. ටී. ඊ කියන්නේ රාජ්‍ය විරොධී ත්‍රස්තවාදී සංවිධානයක්
      ජේ.වී.පී. එක වර්වාදී නොවන ත්‍රස්තවාදී සංවිධානයක්. එල්. ටී. ටී. ඊ කියන්නේ වර්ගවාදී සංවිධානයක්

      එල්. ටී. ටී. ඊ සාමාජිකයින් සියල්ලන්ම එක දිනකදී මැරුනෙ නෑ. මැරුණු අයගෙ නෑයන්ට පුලුවන් ඒකීය පුද්ගලයො හැටියට තමන්ගෙ එකා ඌ මැරුණු දවසේ සමරන්න.

      ඔයවගේ නාඩගම් නිසා වෙන එකම දේ වන්නේ සිංහල දෙමළ භේද ඇතිවීම පමණයි.

      Delete
    4. කළු ජූලිය ගැන හැමදාම දාන පින්තූර දෙක දැකලා එපාවෙල වෙන එකක් දාන්න.

      Delete
    5. එල්. ටී. ටී. ඊ (LTTE) එකෙයි අර මිනිස්සු පෝලිමට තියල බෙලි කපන අයි.එස් .අයි.එස් (ISIS) එකෙයි වෙනස මොකද්ද? ISIS එකේ ම්ලෙචයන් සමරන්නත් ලංකාවේ පල්ලිවල පහන් පත්තුකලාට කමක් නැද්ද ??

      Delete
    6. කලාමැදිරියා :- මළවුන් සමරන්නෙත් මළවුන් සමරන්න නොදෙන්නෙත් දේශපාලන වාසි සඳහා පමණයි සහෝදරයා.. මහාපරිමාණ උත්සව තියල මළවුන් සැමරුවා කියල මිනිස්සුන්ට මැරිච්ච මිනිස්සුන්ටවත් ජීවත්ව ඉන්න, මැරිච්ච මිනිස්සුන්ගේ අඹුදරුවන්ටවත් ලැබෙන දෙයක් නැහැ සහෝදරයා... දකුණේ මළවුන් සැමරීම ගැනත් කියන්න තියෙන්නේ එපමණම පමණයි... සියල්ල දේශපාල වාසි වෙනුවෙන් කරනා වූ උත්සව පමණයි... සැමරීමේ උත්සව වෙනුවෙන් වියදම් කරන මුදල් සම්භාරය මැරිච්ච එවුන්ගේ අඹුදරු වෙනුවෙන් වියදම් කරානම් තමයි නියම මවුන් සැමරීම වෙන්නේ.. එත් සමරන්න උත්සව සංවිදානය කරන නායකයින් ඒ ප්‍රතිපාදන මළවුන්ගේ අඹුදරුවන් වෙනුවෙන් වියදම් කරන්න සූදානම් නැහැ... ඒ තිත්ත ඇත්ත මිනිස්සු තේරුම් නොගන්න එක තමයි අපේ අභාග්‍ය... මළමිනී උඩින් බලය අල්ලන්න උත්සහ කරන දේශපාලන රාමුවක් ඇතුලේ බුද්ධිමත් නොවෙන මිනිස්සු නිතරම උගුලේ අහුවෙනවා..

      Delete
    7. සිංහලුන්ට නැති ජර්මන් කාරයාට ඇති ප්‍රශ්න තිබේද? හිට්ලර්ව සමරන්න වහා කටයුතු කරවූ! , අපි හිට්ලර්ට හිට්ලර් අපිට!!

      මිට,
      පුකේ වමාලා

      Delete
    8. ඉඩියාමීන් සැමරුවාට කමක් නැද්ද?

      මිට
      පොල්පොට්

      Delete
  2. නොදකින් යකෝ, ගම්වදිල නිදන් හිටපු පොඩි උන් හිටන් කැතිගාපු, සියදහස් ගණන් මිනිස්සු අමුඅමුවේ මරපු, පුජනීය ස්ථානවලට බෝම්බ තියල, දකුණේ ඉන්න දෙමළු ටිකට කෙලවන්න ගේම් ගහපු, පිස්ස්සු බල්ලෝ ටිකක් සමරන්න මගුලක් ගැන බ්ලොග් පොස්ට් දාන්න උඹට සිද්ද උනානේ.

    උඹ ඔය ලොකුවට බදන් ඉන්න, වමේ කියල හිතන් ඉන්න පුක් තියරිය ගැන උඹටම හිරිකිත හිතෙන්නේ නැද්ද ? උඹල වගේ උන් නියම ගල් වැද්දෝ, කටුගෙවල් වලට යවන්න ඕන සංරක්ෂනේට

    ReplyDelete
    Replies
    1. ඒයි , ඒයි....... නුඹ ඔය හිතන් ඉන්න පුක් තියරිය දන්නා එකයි ඉන්නේ බොලොග් ලෝකේ ඒ විචාරකයා කියාගන්නා හෙවත් සර්
      එයා ගැනද මේ ලියන්නේ එයානම් ඒ තියරිය හරියටම දන්නවා

      Delete
  3. එයි පුකෙලයිට් මෙන්න මංගල සමරවීර කාරයයි, වෙබ් ගෝර්ඩ් ෆාදරුයි උඹේ බුද්ධිමය දේපල ( හුකෑස්!) උළාකාල. මොනවහරි කරපිය.

    සමාජවාදි අයවැයක්

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලේ ගිය කාලේ එකෙක් හිටියා ඌට කොල්ලෝ කිව්වේ ලකී පුයිට් කියලා ඌ මිත්‍ර පුක් ගහන්න දෙයියා. පස්සේ ඌ හමුදාවට බැඳිලා තරු ගහලා රණ විරුවේක් කියලා තවමත් පුකවල් හොයා හොයා යනවා ...

      Delete
  4. දෙමළ ජනතාවට උතුරේ යුද්ධයක් කිරීමට සිදුවුයේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පාලකයින් විසින් ඉටු නොකල නිසාය. දකුණේදීද මිනිසුන්ට තම අයිතින් වෙනුවෙන් අරගල කරන්නට සිදුවිය. දෙමළ ජනතාව වෙනම රටක් තුල තමන්ගේ විමුක්තිය ඇතිබව විශ්වාස කරයි. එය සංවිධානයවීම මර්ධනය කිරීමෙන් වැලැක්විය නොහැකිය. දකුණේ සහ උතුරේ ජනතාවට තේරුම්කර දිය යුත්තේ අපව පාලනය කරන පුද්ගල කණ්ඩායම අනුව නොව අපව පාලනය කරන ආර්ථික ක්‍රමය තුලින් අප පිඩනයට ලක්වී ඇති බවයි අප අතර වෛරය ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරන බවයි
    දකුණේදි සහ උතුරේද ඇතිවු අරගලවලදී එකිනකාට විරුද්ධව ආයුධ සහිතව සටන්කලේ එකම වර්ගයේ මිනිසුන් කොටසක්ය. දකුණේ හමුදාවේද, උතුරේ LTTE යේද, 71, 88-89 දකුණේද ආයුධ අතතිව සිටියේ පිඩිතයන්ය. උතුරේ LTTE යේද, 71, 88-89 දකුණේද අරගලයන්වල බොහෝ අඩුපාඩු ඇති අතර එම දුර්වලතාවයන්ම ඔවුන්ගේ පරාජයන්ට හේතුවිය. එම අරගලයන් මර්ධනය කිරිමේදි පාලකයින්ද උපරිම මර්ධනය යෙදවු අතර මිනිසුන් මරා දැමිමේදි දෙවරක් නොසිතන අවස්ථාවන් බොහෝමයක් ඇත.

    එවැනි අරගලයන් ජයග්‍රහණය මෙන්ම පරාජයන් සැමරීම මගින් කිසිවක් සිදුනොවන අතර එම අරගලයන්ගේ දුර්වලතා අඩුපාඩු හා සාධනීය කරුණු අධ්‍යනය කිරීම සමාජ ව්‍යාපාරයකට ඉතා වැදගත්වේ.

    ReplyDelete
    Replies
    1. ජනතාව යනු බටහිර ෙද්ශපාලන විද්‍යාෙව් භාවිතා වන වියුක්ත සංකල්පයක් (පට්ටපල් ෙබාරුවක්).

      Delete